AI යුගයේ සැබෑ බලය: "තමන්කඩුව" දැන සිටීම
AI තාක්ෂණය දැනුම නොමිලේ සපයයි. එහෙත් හරිම පිළිතුර ලබා ගන්නේ හරිම ප්රශ්නය ඇසිය හැකි අයට පමණි. ඒ හැකියාව — ප්රඥාවන්ත විමසීම — තමන්කඩුව භාවිතය වැනිය. "තමන්කඩුව" — ජය ගත් ප්රඥාවේ කතාව 'තමන්කඩුව' ප්රදේශ නාමය බිහි වූ ආකාරය ගැන කියැවෙන ජන කතාවකට අනුව, මහා පරාක්රමබාහු රජු සතුරා පරාජයට පත් කළේ 'තම කඩුව' අතට ගත් පසුවලු. 'තමන්කඩුව' වී ඇත්තේ 'තම කඩුව' ගත් තැනයි. සතුරා සමඟ යුදවැදී සිටියදී යම් අවස්ථාවක තම සේනාව අඩපණ වෙන බව රජුට නිරීක්ෂණය වෙයි; පසමිතුරු කණ්ඩායම සතුව තිබුණේ ද සමාන ආකාරයේ කඩු වුණත්...