ඉඩසර
- Idasara

- May 24
- 2 min read
Updated: May 25
ජීවිතය පිළිබඳ සිහින දකින පරාසය, පොළොවේ සිට අහස දක්වා යැයි සිතීම සීමාවකි. අහස සීමාවක් යන අදහස බිඳ දමන, විශ්වයේ සැරිසරන්නට තරම් ඉඩහසර පාදන 'ඉඩසර' සමඟ අත්වැල් බැඳගන්නා එක්ව ගමනකට, එනම් කණ්ඩායම් ප්‍රගතිය වෙතට ඔබට ආරාධනා කරමු. ඔබේ කතාව ඔබම ලියන්න; සිහින සැබෑ කරන ඉඩ, ඉඩසර වෙතින් පාදා ගන්නට හැකිය.
ආර්ථික සමෘධිය හෝ ආර්ථික ස්ථාවර බව හෝ සතුටු ජීවිතයකට අවශ්‍යම සාධකය වේ. මෙතැනට ළඟා නොවන තාක් සැනසිලි සුවය විඳීම අසීරුය. ඒ සඳහා වඩාලිය යුතු පළමු පුරුද්ද ඉතිරි කිරීමයි. ඉතිරිකරන්නටනම් ඉපයීමක් වුවමනාය; ඉපයීම හරි පාලනයක තබා ගත යුතුය; එවිට ආයෝජනයට ඉඩ පෑදෙයි. මෙය සොබා දහමේ පාඩමයි.
වැසි වනාන්තරයක ගහ කොළ සොබාදහමේ අශුමාත්‍ර මිනිසා හට ඉතිරි කිරීමේ පාඩම නිබඳ කියා දෙයි. ගසක කොළ මතට වැටෙන වැසි පොද එක සීරුවට පොළොවේ පතිත වීමට නොදී, ගස විසින් මනා කළමනාකරණයක් කෙරේ.
සංවර්ධන මායාව හඹා යමින් ගහ කොළ කපා බිම හෙළා ගොඩ නැඟූ කොන්ක්‍රීට් කර්මාන්ත වටපිටාවක දී වතුර ගලන කරාමයක එවැනි කළමනාකරණයක් නැත. වැසි දිය පොළොව සෝදාගෙන අයාලේ ගලා යාම වළක්වනු ලබන්නේ ගස විසිනි. වැසි දිය ක්‍රමානුකූලව පොළොවට, ගස මුලට උරා ගන්නට සලස්වනු ලබන්නේද ගස විසිනි. වැසි නොවැටෙන නියං සමයට පොළොවට උරා ගත් ජලය ප්‍රයෝජනයකින් තොරව වාෂ්පවී යාම පාලනය කරන්නේද ගස මුල වැටී පස සරු කරන ගසේම වියලි කොළ වේ. එම ඉතිරි කිරීමේ ප්‍රථිපල අතර ප්‍රධාන වන්නේ දාහය නිවා සිසිල ලබා දෙන හරිත වියනකි.මී ගස මෙම පාඩම කියා දෙන්නේ ගොවිතැන සැනසිලිදායක හා ආදර්ශවත් ආර්ථික ඉපයීමක් කරා යොමුකරවමිනි.
‘ඩිජිටල් ආර්ථිකය’ මුහුණ දීමටම සිදුවන ලෝක ප්‍රවණතාවක් වූ කල එකම ආරක්ෂක නූල ඉතිරිකිරීම වේ. වැස්ස පාලනය කර ගෙන, වියලි කාලයටත් ජලය ඉතිරිකර ගෙන, උපයන ගොවිතැනට පොහොරද සපයා දෙන, සොබා දහම සුවදායක තැනක් බවට පත්කරන මී ගසක ක්‍රියාවලිය තව අතකින් සාම්ප්‍රදායික දැනුමකි; ග්‍රන්ථාරූඩ නොවූ, තාක්ෂණයට එපිටින් පවතින එමෙන්ම කෘතිම බුද්ධියට (AI) වඩා වටිනා මානව දැනුම, ඉපයීමට හැකි ආයෝජනයකි. ඩිජිටල් ආර්ථිකයක සංස්කෘතික මිනිසාට ඉඩ පෑදෙන මඟ එයයි. සංස්කෘතික මිනිසා බලගැන්වීමට ඉඩසර මුල් තැන දෙයි.
ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය යන මූළික අවශ්‍යතා ගැන ප්‍රමුඛතාවෙයෙන් යුතුව ජන සමාජය ආර්ථිකව බලගන්වන අරමුණින්, කාන්තාව හා තරුණ ප්‍රජාව වෙත මූළික අවධානය සහිත සමාජ සත්කාරක හා ව්‍යාපාරික ව්‍යාපෘති හඳුන්වාදීම හා ක්‍රියාවට නැංවීම ඉඩසර ක්‍රියාන්විතයයි. අර්ථිකව බලගන්වන උපදේශනය, සැලසුම් සම්පාදනය, ව්‍යාපාර ප්‍රාග්ධන (වෙන්චර් කැපිටල්) ආයෝජනය ප්‍රජාව වෙත ඉඩ සලසන ආකාරයකි. බිම් මට්ටමේ ආයෝජන අවස්ථාවල සිට මහපරිමාන ව්‍යාපාර ප්‍රාග්ධන ව්‍යාපෘති දක්වා ඉඩසර සම්බන්ධ වේ.




Comments