top of page

AI for Everyone

Updated: Sep 18


AI for Everyone | ගමට AI, සැමට AI!


කෘත්‍රිම බුද්ධිය (AI) යනු තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් සීමා වූ වරප්‍රසාදයක් නොවිය යුතුය. එය මේ රටේ සෑම පුරවැසියෙකුටම එක සේ හිමිවිය යුතු අයිතියකි. "ගමට AI, සැමට AI" යනු ඒ වෙනුවෙන් වූ ඉඩසර (Idasara) අපගේ නොසැලෙන මෙහෙවරයි.


අපගේ නිරීක්ෂණයට අනුව, මෙම අතිශය වැදගත් තාක්ෂණික දැනුම තවමත් කොළඹ සහ ප්‍රධාන නගර කිහිපයකට සීමා වී ඇත. නමුත් අපගේ දැක්ම වන්නේ, ශ්‍රී ලංකාවේ සෑම ගම්මානයක්ම, සෑම ප්‍රජාවක්ම කෘත්‍රිම බුද්ධියේ ප්‍රතිලාභ ලබන දිනය උදා කිරීමයි.


AI for Everyone
AI for Everyone

ඉඩසර වෙතින් දැවැන්ත සමාජ සත්කාරයක්!

මෙම දැක්ම සැබෑවක් කරමින්, අපි ඔබ වෙත පැමිණීමට සූදානම්.


ඔබගේ පාසල, දහම් පාසල, ගමේ තරුණ සමිතිය, ආයතනය හෝ විශ්ව විද්‍යාලය තුළ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩමුළුවක් සංවිධානය කිරීමට අවශ්‍යද?


එසේ නම්, කිසිදු ගාස්තුවකින් තොරව, සම්පූර්ණයෙන්ම නොමිලේ පැමිණ එම වැඩමුළුව මෙහෙයවා, ඔබට සහ ඔබේ ප්‍රජාවට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමට අපි කැපවී සිටිමු.


අනාගත ලෝකයට සාර්ථකව මුහුණ දීමට ඔබේ ප්‍රජාව සවිබල ගැන්වීමට ලැබෙන මෙම අනගි අවස්ථාව මඟ නොහරින්න.



අපි එක්ව මේ සිහිනය සැබෑ කරමු. ගමට AI, සැමට AI!

Comments


bottom of page