top of page

ඉඩසර - ආයතනික සමාජ වගකීම වෙනස්ම ආකාරයේ CSR ව්‍යාපෘතියක් 


 

‘ආයතනික සමාජ වගකීම’ හෙවත් CSR ව්‍යපෘතියක්  ආරම්භ කෙරෙන සාමාන්‍ය විදිය වන්නේ, අදාළ ආයතනය ව්‍යාපාරයක් ලෙස යම් දියුණු අවස්ථාවකට පැමිණියාට පසුවයි; ලාභයෙන් කොටසක් සමාජ සත්කාරයක් ලෙස එහිදී වියදම් කෙරේ. ‘ඉඩසර ඩිජිටල් පුද්ගලික සමාගම’ විසින් එම සම්ප්‍රදාය වෙනස් කරමින් සමාජ සත්කාර ව්‍යාපෘතිය ඉදිරියට ගනු ලැබීය. ඉඩසර ව්‍යාපාරික අරමුණ ‘වෙන්චර් කැපිටල්’ හෙවත් හවුල් ව්‍යාපාර ගොඩනැඟීම හා සංවර්ධනය කිරීම වන අතර ඒ වෙනුවෙන් සමාජය බල ගැන්වීම ඉඩසර CSR ව්‍යාතියේ ස්වභාවයයි. පවුලේ මූල්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීමට මඟ කියා දීම, යැපුම් මානසිකත්වයෙන් ආයෝජන මානසිකත්වයට ජන මනස වෙනස් කිරීම හා ඩිජිටල් ආර්ථිකයක සංස්කෘතික මිනිසා බලගැන්වීම පදනම් කර ගනිමින් ඉඩසර  CSR ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

Idasara CSR Benefits
Idasara CSR Benefits

පුද්ගලයා සතු දැනුම, හැකියාව හා ආකල්ප සමාජීය ප්‍රාග්ධනය වන අතර ඉදිරිගාමී රටක් - සමාජයක් සඳහා මෙකී අංශ සංවර්ධනය නිතැතින් සිදුවිය යුතු බව ඉඩසර විශ්වාස කරයි. ආර්ථික ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම පවුලේ මූල්‍ය ආරක්ෂාව මතින් සිදුවිය යුතුය. ඉපයීම, ඉතිරි කිරීම හා ආයෝජනය (ESI) තේමා කර ගනිමින් ආර්ථික ප්‍රාග්ධනය තහවුරු කර ගැනීමට අදාළ පුද්ගල වගකීම පහදා දෙන අතර කල්පවතින යහපත් සමාජීය බලපෑමක් ඉඩසර CSR අරමුණයි.


‘නිවසේ මූල්‍ය නිලධාරී’ (Home CFO) වැඩමුළුව, ‘කාන්තාව සවිබල ගැන්වීමේ වඩසටහන’, ‘තරුණ ව්‍යවසායකත්ව ආරම්භය’, ඉඩසර සමාජ සත්කාරක වැඩසටහන් අතර ප්‍රධානයි. මූලික ESI (ඉපයීම, ඉතිරි කිරීම, ආයෝජනය) කුසලතා සංවර්ධනය, මූල්‍ය සවාධීනත්වය, ක්ෂුද්‍ර ව්‍යවසාය නිර්මාණය, නායකත්ව සංවර්ධනය ගැන එම වැඩසටහන් වෙතින් දැනුම්වත් කෙරේ. Home CFO ව්‍යාපෘතියේදී අම්මා හෝ ගෘහණිය ආදායමක් උපයන්නේ නැතිවත් පවුල බලගන්වන්නිය හා ඉතිරි කරන්නිය ලෙස ඉදිරියට ගැනීමක් සිදු වෙයි. ආකල්පමය වෙනස ඇති කෙරෙන්නේ එවැනි උත්තේජනයකින් මිස උපදේශන පැටවීමෙන් නොවීම ඉඩසර CSR විශේෂ වන අවස්ථාවකි.

ඉඩසර CSR ව්‍යපෘතිය අනෙක් එවැනි වැඩසටහන්වලින් වෙනස් ය. එනම් ඉඩසර CSR ව්‍යාපෘතිය ජාතික වශෙයන් ඉතා වැදගත් සමාජීය ආකල්පමය වෙනසකට මඟ හෙළි කරයි; අස්වැසුම හෝ යැපුම් මූළික හෝ යාචක මානසිකත්වයෙන් සමාජය ආකල්පමය ලෙසම වෙනස් කරයි. සංස්කෘතික පදනමින්න් බැහැර නොයා, ඩිජිටල් ආර්ථිකයක බලගැන්වෙන ආකාරය පැහැදිලි කර දෙයි. මෙය පුද්ගලයා සතු ස්ව ශක්තිය මතු කෙරෙන ක්‍රියාවලියකි.

ඉඩසර CSR මඟින් ඇති කෙරෙන සමාජ ප්‍රාග්ධනයේ අංග කිහිපයක් නම්, සමාජ සංවිධාන අතර (ජාලගතව) සබඳතා ගොඩනැඟීම, ප්‍රජා සහභාගීත්වය ඉහළ නැංවීම, එකිනෙකා අතර විශ්වාසය සහ අන්‍යෝන්‍ය සහයෝගය පුළුල් කිරීම, පොදු සම්මත පිළිගැනීම් සහ වටිනාකම්  වර්ධනය කිරීම, පොදු අරමුණු සහ සාමූහික ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධය මෙන්ම ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම වේ. සංස්කෘතික පොදු වටිනාකම අගයන අදහස් ඇති පුද්ගලයන්ගෙනි  සමාජ ප්‍රාග්ධනය ගොඩනැගෙන්නේ. එමෙන්ම වෙනස්කම් සමනය කිරීම  හරහා විවිධ කොටස්කරුවන් සමඟ සම්බන්ධ වීමෙන් නව සහයෝගීතා සහ අවබෝධතා නිර්මාණය වනු ඇත.


ආර්ථික ප්‍රාග්ධනය සම්බන්ධව ගත් කල ආදායම සහ වෙළෙඳපොළ වැඩිවීම, පිරිවැය අඩු කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව, බලශක්තිය සහ සම්පත් කාර්යක්ෂමතාව, අවදානම් අවම කිරීම, සමාජ වගකීම් සහිත ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, දක්ෂතා ආකර්ෂණය කර ගැනීම සහ රඳවා ගැනීම, ඉහළ උනන්දුව සහිත මනෝභාවය පවත්වා ගැනීම වැදගත්‍ ය.


කවරාකාරයකට බැලුවත් නිශ්පාදන ආර්ථිකයකට නොයා, පවතින නිශ්පාදනය වැඩි වටිනාකමට නොයොදා ආර්ථික අර්බුදයෙන් ගොඩ යා නොහැක. අස්වැසුමට හෝ කිසියම් යැපුමකට හෝ වහල් වීම යනු තමනුත් අමාරුවේ වැටී රටත් අමාරුවේ දැමීමක් වනු ඇත. පවතින මෙම අවදානම ම අවස්ථාවකි. අප මේ වන විට අවතීර්ණ වී ඇති AI ලෝකයෙදී එකී අභියෝගය ජය ගැනීම තවත් පහසු කරයි. මූළිකවම අවශ්‍ය වන්නේ ඒ ගැන අවබෝධය සහ ආකල්පමය වෙනසයි. ඉඩසර CSR ව්‍යාපෘතිය පළමුව, සමාජයට අවශ්‍ය එකී ආකල්පමය වෙනස වෙනුවෙනි. සමාජ ප්‍රාග්ධනය හා ආර්ථික ප්‍රාග්ධනය ඉලක්ක කරමින් සංස්කෘතික මිනිසා බලගැන්වීම ඉලක්ක කරයි.


AI යුගයේදී ‘දැනුම’ විකිණිය හැකි සම්පතක් නොවේ. ‘බලය’ වන්නේ දැනුම භාවිතා කරන හැකියාවයි. ඉඩසර පුස්තකාලය දැනුම නොමිලේ බෙදා දීම මහ පරිමාණයෙන් අරඹා ඇත. අවශ්‍යනම් මූල්‍ය ක්ෂේත්‍රයේ උපාධියක් ලිවීමට අවශ්‍ය කරන විෂය කරුණු පවා එයින් ලබා ගැනීමට හැකි ලෙස පුස්තකාලය පොහොසත්‍ ය. එපමණක් නොව ප්‍රායෝගිකව දැනුම භාවිතා කිරීමේ මඟ පෙන්වීමද ඉඩසර පුස්තකාලය පරිශීලනය කරන්නෙකු හට ලැබෙනු ඇත. සංස්කෘතික මිනිසා බලගැන්වෙන ස්වභාවය එකී ‘නොමිලේ අධ්‍යාපනය’ වෙතින් ද එළි දක්වා ඇත.

ඔබ ආයතනයේ සමාජ සත්කාර වැඩසටහනට හෝ හවුල් ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා හෝ ඉඩසර සම්බන්ධ කර ගැනීමට මෙය අවස්ථාවයි.

 

 

 

 

 
 
 

Comments


bottom of page