Revision Questions
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
පාඩම 6: මානව දේහ ක්‍රියාවලි
Grade
11
Term
2
පාඩම 06: මානව දේහ ක්‍රියාවලි
ප්‍රෝටීන වල අවසාන ජීර්ණ ඵලය කුමක්ද?
ආහාර ජීර්ණය සම්පූර්ණ වී, ජීර්ණ ඵල අවශෝෂණය වන ප්‍රධාන ඉන්ද්‍රිය කුමක්ද?
ආමාශයේදී ප්‍රෝටීන ජීරණය අරඹන එන්සයිමය කුමක්ද?
ආශ්වාස ක්‍රියාවලියේදී උරස් කුහරයේ පරිමාවට සහ පීඩනයට සිදුවන වෙනස්කම් මොනවාද?
කාර්යක්ෂම වායු හුවමාරුවක් සඳහා ගර්තයක තිබිය යුතු අනුවර්තන 2ක් ලියන්න.
සෛලීය ශ්වසනය සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න.
බහිස්‍රාවය යන්න අර්ථ දක්වන්න.
නිරෝගී පුද්ගලයෙකුගේ මූත්‍ර වල අඩංගු නොවිය යුතු ප්‍රධාන ද්‍රව්‍ය 2ක් නම් කරන්න.
රුධිරයේ ඔක්සිජන් පරිවහනය කරන සෛල වර්ගය සහ එම වර්ණකය කුමක්ද?
ද්විත්ව රුධිර සංසරණය යනු කුමක්ද?
හෘදයේ වම් කෝෂිකාවේ බිත්තිය, දකුණු කෝෂිකාවේ බිත්තියට වඩා ඝනකම් වීමට හේතුව කුමක්ද?
ප්‍රතීක ක්‍රියාවක් යනු කුමක්ද?
දේහයේ උෂ්ණත්වය පාලනය කරන මොළයේ කොටස කුමක්ද?
රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ ගිය විට එය පාලනය කිරීමට ස්‍රාවය වන හෝමෝනය කුමක්ද?
ස්නායු පද්ධතියක් මගින් සිදුකරන සමායෝජනයක් සහ අන්තරාසර්ග පද්ධතියක් මගින් සිදුකරන සමායෝජනයක් අතර වෙනස්කම් 2ක් ලියන්න.
වියාචනය (Disclaimer)
Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.
කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.
ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.
