top of page

අස්වැසුම සුභසාධනය සහ ඉඩසර ආයෝජනය


රජය ක්‍රියාවට නංවන ‘අස්වැසුම’ වැඩසටහන ආදායම වැඩිවීම අනුව මුදුන්වන ආර්ථික පිරමිඩයේ පාදමයි; ජනසවිය ලෙස හා සමෘද්ධිය ලෙස පෙමිණියේ ද මෙම පාදම උදෙසා සමාජ සුබසාධනය වේ. ජනසවිය හඳුන්වා දෙන විට ඉතිරිකිරීම හා කුඩා ව්‍යවසාය යන අදහස පෙරමුණේ තිබුණත් අස්වැසුමට එන විට එවැනි අවබෝධයක් දරිද්‍ර සමාජයට ලැබෙන්නේ නැත. මෙම ජන පදාසය තමන්ට කිසිදා ගොඩයා නොහැකිය යන මානසිකත්වයේ ලැගුම් ගත් රජයට වුවත් වහල් පිරිසකි. ඒ සඳහා 2025 වසර සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 28.7කි. ආවරණය කෙරෙන පවුල් සංඛ්‍යාව මිලියන 2.4කි. මෙය රටේ මුළු ජනගහනයෙන් සියයට 40ක් පමණ ප්‍රමාණයක් වේ.

ඉසඩසර මෙම ජන පදාසය ඉලක්ක කරන්නේ ආධාර බෙදා දීමට නොවේ; මොනම ආදායමක් නැතිවත් ඉතිරිකිරීමට පොළඹවන, ව්‍යවසායකත්වය දුප්පතාගේද අයිතියක් හා හැකි දෙයක් යන ඉලක්කය ඇතිවයි. සුබසාධනය සඳහා වෙන් කරන ආධාරයෙන් කොටසක්වත් මූල්‍ය සාක්ෂරතාව ගැන කියාදීම වෙනුවෙන් පළදායී වියදමක් ලෙස යොදවනවානම් අඩු තරමින් දරිද්‍ර සමාජය වහල් මානසිකත්වයෙන්වත් අත්මිදෙන බව ඉඩසර විශ්වාස කරයි.

අඩු අදායම්ලාභී හා අවදානමට ලක් වූ පවුල් මූල්‍යමය වශෙයෙන් ශක්තිමත් කිරීම යන මූළික ඉලක්කය අස්වැසුම ඇඩසටහනට ඇත; එහෙත් නියමිත මුදල බැංකු ගිණුමට වැටෙනවාද කියා තබන බලාපොරොත්තුවෙන් ඔබ්බට මූල්‍ය ස්ථාවරයක් ගැන පැහැදිලි අදහසක් ආධාරලාභී පවුලේ වර්ධනය නොවේ. ආධාරයක් ලැබුණත් තමන් මූල්‍ය වශෙයෙන් ස්ථාවර වන බවක් විස්වාශයේ නැත. සමාජෙයෙන් කොන් වූවකු, නැති බැරි අසරණයකු ලෙසම කල්පනා කරයි. නොමිලේම යමක් ලැබිමට සුදුසුකම් ලාභියකු ලෙස සිතන මොහු  ඊට ගැලපෙනන ලෙස ‘වැරහිලි ජීවිතයක්’ පෙන්වන්නට උත්සාහ කරයි; ආර්ථික ස්ථාවරය සඳහා අවශ්‍ය ඉතිරිකිරීම යන සංකල්පය මිරිඟුවක් ලෙස දකී.

ඉටුකර ගන්නට ඇති අවශ්‍යතා සපුරා ගත් පසුව ඉතිරි කිරීම හෝ ආයෝජනය කිරීම හෝ ගැන කල්පනා කිරීම කිසිදා පළනොදරන පසුගාමී අදහසකි. පවුලේ දිනක වියදම් අවශ්‍යතාව රුපියල් දෙදහක් නම් ලැබෙන්නේ දහක් නම් බලාපොරොත්තු සුන්කරන එම ආදායම වෙතින් බහුතර සමාජයේ ඇත්තටම ඉතිරි වන්නේ මූල්‍ය අස්ථාවරත්වය හා කවදා ගොඩයා හැකිද යන සැක සංකාව පමණි. මෙම විචිකිච්ඡාවෙන තොර සමාජයක් ඉඩසර අපේක්ෂා කරයි. මොන බලාපොරොත්තුව සුන් වුණත් අතට රුපියල් දහ ළැබුණු සැණින් කළ යුතු පළමු දේ වන්නේ අඩුම තරමින් රුපියල් සියයක් ඉතිරි කිරීම බව ඉඩසර වැඩමුළුවට සහභාගී වන්නෝ අවබෝධ කර ගනිති. මූල්‍ය ස්ථාවරභාවය යනු රුපියල් දෙදහසම ලැබීම නොව ලැබුණු ප්‍රමාණයෙන් ඉතිරි කළ ප්‍රමාණය බව ඔවුන් වටහා ගනු ඇත. රුපියල් දෙදහ කරා පුද්ගලයා තල්ලු කරන්නේ ලැබුණු දාහෙන් සියයක් ඉතිරි කිරීමෙන් අවිඥානකව හිතට එන ශක්තියයි. මූල්‍ය ස්තාවරත්වය ඇරඹෙන්නේ එතැනිනි.

රුපියල් බිලියන 28.7ක් ජාත්‍යනතර මූල්‍ය ආයතනවල එකඟතාවය ද ඇතිව රජය සුභසාධනය සඳහා මෙසේ වියදම් කරන්නේ ලෝක වෙළඳපොළට අවශ්‍ය පරිදිම වෙළඳපොළේ මුදල් සංසරණය පවත්වාගැනීමට විය හැකිය. ඉඩසර යෝජනා කරන්නේ එම මුදල වියදම් කරන ගමන් පවුලේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන්නට අත්‍යවශ්‍ය සමාජීය ආකල්පයක්ද ඉතිරි කරන්නටයි. වියදම් කරන මුදලට වඩා වටිනා ආකල්පමය ප්‍රතිපළයක් ද ඉතිරි කරන්නටයි.

ඩිජිටල් ආර්ථිකයේ සංකෘතික මිනිසා බලගැන්වීම අරමුණු කරන ඉඩසර පළමුව ඒ වෙනුවෙන් ඉතිරිකීම ගැන දැනුම්වත් කරයි. ඉතිරි කීමට ඉපයීම සංතෘප්ත වෙනතුරු බලා සිටීමට අවශ්‍ය නැති බව අවධරණය කරයි. අස්වැසුම සඳහා වියදම් කරන විශාල මුදලට ඉතිරිකිරීමේ අදහසවත් සමාජයේ ඉතිරිවිය යුතුය.

 

 

 

 
 
 

Comments


bottom of page