top of page

බොඳ වූ සිහිනවලින් තරු අහසින් එහාට!ව්‍යවසායක අවස්ථා 6ක්!! 

Updated: Jun 2

ජීවිතය හැමවිටම අප හිතන මාර්ගයේ නොයයි. ලංකාවේ තරුණ අය, අනාගතය ගැන හීන දකින අය ගත් කල විභාග අසමත් වීම, අඩු වැටුප් ලබන රැකියාවල හිරවීම, හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්නට මුදල් නොමැතිකම ස්ථාවර දෙයක් සේ දැනෙනු ඇත. එහෙත් මේ අභියෝගවලට නිවැරදි මඟ පෙන්වීම, ඩිජිටල් මෙවලම් කට්ටලය සහ සමාජ සහයෝගය ලැබුණොත් ඒවා ඉදිරි පියවර බවට පත් කරගත හැකිය. 

සිහින බොඳ වූවාට සියල්ල ඉවරයි කියා හිතන කණඩායම් හයක් ගැන මෙම ලිපියෙන් කතා කෙරේ. ඔවුන් මුහුණ දෙන ගැටලු මොනවාද, වහාම අත්හදා බැලිය හැකි සරල විසඳුම් මොනවාද සහ ඉඩසර ආයතනයට ඔවුන් එක් එක් අය ඉදිරියට ගෙන යාමට උදව් කළ හැකි ආකාරය අපි මෙහිදී පෙන්වා දෙනවා ඇත.

 

1. ගැටලුකාරී සිසුන් (Stuck Scholars) 

තරුණ තරුණියන් O/L හෝ A/L විභාග සඳහා අවුරුදු ගණනාවක් මහන්සි වේ. ප්‍රතිඵල හිතපු විදියට නොලැබුණ විට සහතිකයක් නැතුව අනාගතයක් නැහැ කියා ලොකු හිස්කමක් දැනේ. තමන්ගේ අනන්‍යතාවය, වටිනාකම තනිකරම තනි කඩදාසි කැබැල්ලකට බැඳිලා තියෙනවා වගේ මෙකී තරුණ ප්‍රජාවට දැනෙනු ඇත. මොනවගේ හැකියාවන් තියෙනවා ද ස්ථිර ආදායමක් හොයා ගන්නේ කොහෙන් දැයි නොදැන, එක එක තාවකාලික රැකියාවල ඔවුහු එහා මෙහා යති; ජීවිතය අයාලේ යාමක් වැනි වේ. 

ඔවුන්ට ඇති ලොකුම අභියෝගය වන්නේ මඟ පෙන්වීමක් නොමැතිකමයි. සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් එහා ගිය කෙටි වෘත්තීය පාඨමාලා හෝ මාර්ගගතව (online) කුසලතා ඉගෙනීම වැනි බොහෝ අවස්ථා ඇති බව ඔවුන් නොදන්නවා විය හැකිය. අනෙක් කරුණ නම් මෙහිදී ‘සහතිකයක් නැත’ කියන්නේ හා ‘අවස්ථාවක් නැත’ කියන්නේ එකම දෙයක් නොවේ. 

මුලින්ම කළ හැකි සරල දෙයක් ඇත; තමන්ගේ තියෙන ඕනෑම දක්ෂතාවක් හෝ රුචිකත්වයක් ලැයිස්තුගත කිරීමයි. සමහරවිට ඔවුන් පරිගණක, අත්කම් වැඩ, නැතිනම් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් කතා කරන්නට දක්ෂ විය හැකියි. මේ දේවල් කුසලතාවක් හෝ සේවාවක් හෝ බවට පත් කරගෙන මුදල් උපයන්නේ කෙසේද කියා විමසිය හැකියි. උදාහරණයක් විදියට, සාමාන්‍ය පරිගණක දැනුමක් තියෙන කෙනෙකුට සරල දත්ත ඇතුළත් කිරීම (data entry) ඉගෙන ගන්න පුළුවන්.; නැත්නම් කුඩා ව්‍යාපාරවලට සරල spreadsheet හදන්න උදව් කරන්න පුළුවන්. තවත් අයට, බේකින් වගේ විනෝදාංශයක් weekend එකේ snack stall එකක් බවට පත් කරන්න පුළුවන්. පොඩි අත්හදා බැලීමක් කරලා බලන එක – weekend එකකදී බේක් කරපු ටිකක් විතර විකුණලා බලන එක – ලොකු අවදානමක් නැතුව වටිනා පාඩම් උගන්වන්න පුළුවන්. බත් කඩයක් ආරම්භ කරන්නට පෙරෙ නිවසේදීම ‘ගෙදර හදන’ කෑම පැකට් 10ක් දවසකට විකුණා ඊට ඇති ඉල්ලුම සොයා බලන්නට හැකියි.

ඉඩසර ආයතනය මෙම ‘ගැටලුකාරී සිසුන්’ සඳහාම නිර්මාණය කළ ‘අඳුරින් එළිය දකින්නට හැකි වැඩමුළුව’ (Clarity Workshop) සංවිධානය කරයි. පැය තුනක් වැනි කෙටි කාලයක දී පවත්වන වැඩමුළුවෙන් අළුත් මඟක් දකින බව නිසැකයි. ඔවුන්ට දැනටමත් ඇති හැකියාවන් මොනවාද කියා බලන්නට කෙටි ක්‍රියාකාරකමක් (Skills-Mapping) ලබා දෙයි. ඒ වගේම අඩු වියදමකින් සරල අදහසක් පරීක්ෂා කරන්නේ කෙසේද යන්නත් එහිදී ඉගෙන ගන්නවා ඇත. රුපියල් ලක්ෂ ගණනක් වුවද උපයා ගන්නේ කෙසේද කියන උපාය මාර්ගය සති අන්තයකින් දැන ගන්නේ කෙසේද (Million-Dollar Weekend) කියා අත්හදා බැලීමක් සිදු කෙරේ. වැඩමුළුවට පසු සියලු දෙනාට නොමිලේ ක්‍රියාකරාකම් උපකරන කට්ටලයක් (Clarity Toolkit) ලබා දෙයි. එය කෙටි මඟ පෙන්වීමකි; ඉදිරි දින 90 තුළ ගන්නට පුළුවන් පියවර තුනක් සැලසුම් කරගන්නත් උදව් කෙරේ.

පුද්ගලාරෝපිත උපකාරයක් (personalized help) අවශ්‍ය වේ නම්, නොමිලේ හෝ සුළු ගාස්තුවකට යටත්ව පැයක උපදේශනයක් (Clarity Consult) වෙන්කර ගන්නට හැකිය. එහිදී ඉඩසර පුහුණුකරුවෙක් ඔවුන්ගේ සැලැස්ම සමාලෝචනය කොට අවශ්‍යතාව ඇති අයගේ ශක්තීන්ට ගැළපෙන වෘත්තීය හෝ මාර්ග ගත (online) පාඨමාලා යෝජනා කරයි. අන්තිමට, විශේෂිත WhatsApp සමූහයකට එකතු වෙන අයට තමන්ගේ සතිපතා ප්‍රගතිය බෙදාගන්නට පොඩි පොඩි ජයග්‍රහණ සමරන්නට සහ අභියෝගවලට මුහුණ දෙන අනිත් අයගෙන් සහයෝගය ගන්නට ද හැකි වනු ඇත. 

 

2. රැකියා කරමින් සිහින දකින්නන් (Employed Dreamers) 

අවුරුදු 20ත් 30ත් අතර හුඟක් තරුණ තරුණියන් පසුවන්නේ සාමාන්‍ය, දියුණුවක් නැති රැකියාවලයි. සමහරවිට සිල්ලර වෙළඳසැල්වල, call center වල, නැත්නම් සාමාන්‍ය කාර්යාල වැඩවලය. වැටුප් වැඩිවීමක් හෝ උසස්වීමක් නැතුව ඒ වගේම ඉන්නා තැනම සිරවී සිටිනවා විය හැකිය. එසේ වුවද හිත යටින් මේ අය ඊට වඩා දෙයක් බලාපොරොත්තු වේ. තමන්ගේ වේලාව තමන්ටම තීරණය කරගන්නා නිදහස, වැඩි ආදායමක් උපයා ගැනීම, තමන්ගේම දෙයක් ගොඩනඟා ගැනීම වැනි සිහින ඔවුන් සතුය. එහෙත් ඊට ඉඩ අවුරන්නේ දවසක් පුරා වැඩ කිරීමෙන් ඇඟට දැනෙන්නේ මහන්සියයි; කොහෙන් පටන් ගන්නවාද කියා හිතාගන්න බැරි මහන්සියයි. එයාලට ව්‍යාපාරික අදහසක් තිබුණත්, එය යථාර්ථයක් කරගන්නේ කෙසේද කියා කිසිම අදහසක් නැත.

මුලින්ම තියෙන බාධාව තමයි වෙලාව. උදේ 9 සිට සවස 5 දක්වා කරන රැකියාවක් එක්ක වෙනත් දෙයක් කරගෙන යන්නට එකවරම අමාරු වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම පවුලේ වගකීම් හෝ දිනපතා ගමන් බිමන් තිබුණොත් එය තවත් අමාරු දෙයක් වනු ඇත. ඊට අමතරව ඔවුන්ට බොහෝ විට මූලික ව්‍යාපාරික දැනුමක් නැත; අදහසක් නිවැරදිද කියා දනගන්නට විදියක් නැත. පුංචි නිෂ්පාදනයක් හදන්නේ කොහොමද, අඩු වියදමකින් දෙයක් අළෙවි කරන්නේ කොහොමද කියා අදහසක් නැත. අසාර්ථක වේවි කියන බය, ස්ථිර වැටුපක් අත්හරින මූල්‍ය අවදානම එයාලව හිර කරනු ඇත. ඒ වගේම, එයාලගේ යාළුවන්ටයි, පවුලේ අයටයි ව්‍යවසායකත්ව අත්දැකීම් නැති නිසා උපදෙස් හෝ මානසික සහයෝගය ගන්නට පහසු මඟක ද නැත. 

සරල විසඳුම්වලින් ලොකු වෙනසක් කරන්නට හැකිය. එක රැයකින් ලොකු ව්‍යාපාරයක් හදන්නට හිතන්නේ නැතුව, ‘රැකියාවක් කරමින් සිහින දකින්නන්ට’ හැම සතියකටම පැය දෙකක් හෝ තුනක් පොඩි අත්හදා බැලීම් සඳහා වෙන් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට, බේකින්වලට කැමති කෙනෙකුට කාර්යාලයේ සගයන්ට ස්පන්චි හෝ කේක් සැපයීමකින් ආරම්භ කළ හැකියි. තවත් කෙනෙකුට WhatsApp හෝ Facebook Marketplace වැනි නොමිලේ වේදිකා භාවිතයෙන් සරල graphics නිර්මාණය කිරීම වැනි digital සේවාවක් විකුණන්නට හැකියි. දැන් හොඳින් ‘සූදානම්’ කියා දැනෙන තුරු ඉන්නවට වඩා, ක්‍රියාතමක වෙමින් ඉගෙන ගැනීම ප්‍රධානයි. ඔවුන්ට තමන්ගෙම මුදලින් ව්‍යාපාරයක් (bootstrapping) වැනි ක්‍රමයක් භාවිතා කරන්නට හැකිය. දැනටමත් තියෙන දේ පාවිච්චි කරන්නට, වියදම් අවම කරගන්නට සහ පොඩි ලාභ ආයෝජනය කරන්නට අවබෝධයක් ලැබෙනු ඇත. 

ඉඩසර ආයතනය, කාර්යබහුල වෘත්තිකයන් සඳහා විශේෂයෙන් සකස් කරපු "Entrepreneurship Essentials" වැඩමුළුවක් පවත්වයි. පැය තුනක් තුළ ඔවුන් තම අදහස් ඉක්මනින් හා අඩු වියදමකින් පරීක්ෂා කරන්නේ කෙසේදැයි පියවරෙන් පියවර රාමුවක් හරහා ඉගෙන ගන්නවා ඇත. පැහැදිලි ගැටලුවක් හඳුනා ගන්නට ඉක්මන් විසඳුමක් සකස් කරන්නට, එමෙන්ම සති අන්තයකදී සැබෑ පාරිභෝගිකයන්ට එය විකුණා බලන්නට අවස්ථාව උඅදා කර ගත හැකිය. සෑම සහභාගිවන්නෙකුටම සරලව තම ව්‍යාපාරික අදහස අදාළද එසේ නැතිනම් ඵලදරනවාද (Idea-Validation Canvas) කියා දැන ගන්නට හැකි උපකරන කට්ටලයක් (Canva හෝ WhatsApp Business වැනි නොමිලේ මෙවලම් ලැයිස්තුවක්) ඇතුළත් පිටු 15ක "Entrepreneurship Toolkit" එකක ඉඩසර ලබා දෙයි. 

ඔවුන් ඉදිරියට යන්නට තීරණය කළහොත්, අපගේ මාස තුනේ "Startup Launch" consulting වැඩසටහනට (LKR 25,000) ලියාපදිංචි වෙන්නට හැකිය. මේ සඳහා සංකල්පය පිරිපහදු කිරීම, මූලික මාර්ගගත (online) පැවැත්මක් ගොඩනැඬීම සහ කුඩා අළෙවිකරන ප්‍රයත්නයක් සැලසුම් කිරීම ඇතුළත් වේ. පැයක පුහුණු සැසි හයක් මෙයට ඇතුළත් වේ. මෙම වැඩමුළුවලින් උපාධිධාරීන්ට "Founders’ Circle" කියන online සමූහයට ප්‍රවේශය ලැබෙනු ඇත. එහිදී ඔවුන් තමන්ගේ ප්‍රගතිය බෙදාගනී; අලෙවිකරණ උපදෙස් හුවමාරු කරගනී. පූර්ණකාලීන (full-time) රැකියාවක් සහ අමතර රැකියාවක් හෝ සුළු ව්‍යාපාරයක් (side hustles) කරගෙන යන අතරතුර එකිනෙකාට සහයෝගය ලබා දේ. 

 

3. කාර්යබහුල ගෘහණියන් (මව්වරුන්) (Busy Homemakers (Mothers)) 

අවුරුදු 30ත් 50ත් අතර මව්වරුන් බොහෝ විට වැඩි වැඩ කොටසකට මැදිහත් වේ. දරුවන් බලාගැනීම, ගෘහ කටයුතු කළමනාකරණය කිරීම, සමහරවිට කුඩා වැඩ හෝ part-time රැකියා කිරීම වැනිය. ඔවුන් නිරන්තරයෙන්ම වියදම් පියවා ගැනීම, පාසල් ගාස්තු සඳහා ඉතිරි කිරීම, සහ අනපේක්ෂිත බිල්පත් ගෙවීම ගැන කරදර වෙනවා ඇත. ගෙදර පදනම් කරගත් කුඩා ව්‍යාපාරයක් පටන් ගන්නට ඕන වුණත් ඔවුන්ට වෙලාව මදි වගේ දැනෙනවා ඇත. මාර්ගගතව විකුණන්න හැකි තරම් ඔවුන් digital හැකියාව විශ්වාස නොකරන්නත් පුළුවනි. බොහෝ දෙනෙකුට අදහස් හුවමාරු කර ගැනීමට හෝ උපදෙස් බෙදා ගැනීමට සහයෝගයක් නැත කියා හිතෙනවා ඇත.

නමුත් ඔවුන්ට දැනටමත් වැදගත් කුසලතා පවතී; ගෘහස්ථ වියදම් අයවැයකරණය කිරීම, එකවර වැඩ කිහිපයක් කිරීම සහ පවුලේ කාලසටහන් සංවිධානය කිරීම එවැනි කුසලතාය. කුඩා මඟ පෙන්වීමකින් ඔවුන්ට මෙකී ශක්තීන් හොඳ මූල්‍ය සැලසුම්කරණයකට හෝ කුඩා ව්‍යවසායකත්වයකට හෝ යොමු කරන්නට හැකිය. අසල්වැසියන්ට අතුරුපස ආහාර සාදා විකිණීම, ටියුෂන් පන්ති පැවත්වීම නැත්නම් දේශීය පාරිභෝගිකයන්ට තිර රෙදි මැසීම වැනි දේ ගැන කල්පනා කළ හැකිය.

මුලින්ම කරන්නට අවශ්‍ය වන්නේ ආදායම නිරීක්ෂණය කළ හැකි අයවැයක් සාදා ගැනීමයි. (සමහරවිට සැමියාගෙන් හෝ තමන්ගේ side gig එකකින් (ක්ෂණික ආදායමක්) වියදම නිරීක්ෂණය කරන සරල ගෙදර අයවැයක් සාදා ගැනීම මගින්) එතනින් එහා ඉතිරි කිරීම් වැඩි කරගන්නට හැකි කුඩා යථාර්ථවාදී ක්‍රම හඳුනා ගන්නට හැකිය. සමහරවිට ආහාර විකිණීම සැලසුම් කිරීම හෝ තොග මිලදී ගැනීමට වැඩි වට්ටමක් (bul-buy discounts) ලබා දීම ප්‍රයෝජනවත් වේ.

ඉඩසර ආයතනය විසින් ‘නිවසේ ප්‍රධාන මූල්‍ය සැලසුම් නිලධාරී’ (Home CFO Planning) හෙවත් ගෘහණිය සඳහා ප්‍රායෝගික මෙවලම් කට්ටල ලබා දෙනු ඇත. පැය තුනක් තුළ සහභාගිවන්නන් හට වියදම් කාණ්ඩ කරන්නේ කෙසේද, මූලික ඉතිරි කිරීමේ සැලැස්මක් සකස් කරන්නේ කෙසේද සහ හදිසි අරමුදලක් ගොඩනඟන්නේ කෙසේද යන්න ඉගෙන ගන්නට එහිදී හැකි වෙයි. ඉක්මනින් මානසික ආතතිය අඩු කරන කුඩා පියවර හඳුන්වා දෙන අතර සෑම මවකටම පහසුවෙන් භාවිතා කළ හැකි අයවැය සටහන් පත්‍රිකාවක් (spreadsheet) සහ සරල උපක්‍රම 5ක් (Top 5 Budget Hacks) එමෙන්ම විනෝදජනක තොරතුරු රූප සටහනක් (infographics) ඇතුළත් පිටු 15ක "Home CFO Toolkit" එකක් ලබා දෙයි. 

වැඩි ප්‍රායෝගික උපකාරයක් අවශ්‍ය නම් සති හතරක ඉඩසර "Home CFO Fast-Start" වැඩසටහනට (LKR 5,000) එකතු වෙන්නට හැකිය. මෙයට තමන්ගේ අයවැය සමාලෝචනය කිරීමට ආරම්භක පැයක සැසියක්, විනාඩි 30ක පසු විපරම් සැසි දෙකක් සහ WhatsApp සහයෝගය ඇතුළත් වේ. නිවසේ කුඩා ව්‍යාපාරයක් අත්හදා බලන්නට කැමති මව්වරුන් සඳහා අපි දේශීය WhatsApp සමූහ හරහා නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්නේ කෙසේද මූලික සමාජ මාධ්‍ය (social media features) භාවිතා කරන්නේ කෙසේද සහ ප්‍රජා සහයෝග කවයන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් ලබා දේ. 

WhatsApp හි ඇති විශේෂිත මව්වරු බලගන්වන කවය (Mothers’ Empowerment Circle) මගින් සහභාගිවන්නන් එකට එකතු වී ඔවුන්ගේ සතිපතා ජයග්‍රහණ බෙදා ගනී.  ‘මම මේ සතියේ bulk සහල් ගනුදෙනු වලින් LKR 500ක් ඉතිරි කළා’ වැනි අදහස සහිත එක් එක් සාමාජිකයාට කුඩා ව්‍යාපෘතියක් හෝ හදිසි අවස්ථාවක් සඳහා භාවිතා කළ හැකි කුඩා  අරමුදලක් (rotating fund) ගොඩනඟා ගටහ් හැකිය.

 

4. රැකියාවේ දියුණුව අපේක්ෂා කරන්නන් (Career Climbers) 

සමහර අලුතින් උපාධි ලැබූවන් හෝ මුල් කාලීන වෘත්තිකයන් ඉතා අඩු වැටුප් ලබන රැකියාවල සිරවී ඇතැයි දැනෙනු ඇත. ඔවුන්ට තවත් දෙයක් අවශ්‍ය බව ඔවුන් දනී. සමහරවිට වැඩි වැටුපක්, වැඩි වගකීමක්, නැතිනම් software, digital marketing, හෝ විශේෂිත trade වැනි ක්ෂේත්‍රවල අවස්ථා වේ. නමුත් කොතනින් ආරම්භ කරනවාද කියා ඔවුන් නොදනී. ඉගෙන ගත යුතු අලුත් කුසලතාව කුමක්ද, විශ්වාස කළ යුතු පුහුණු වැඩසටහන කුමක්ද යන්න සොයා ගැනීම අමාරු දෙයක් විය හැකිය. මාස ගණනාවක් (කාලය සහ මුදල්) පාඨමාලාවක් සඳහා වැය කළද එයින් හොඳ රැකියාවක් නොලැබේවි කියා ඔවුහු බියකින් පෙළෙති. 

මුල්ම අභියෝගය වන්නේ මොන වගේ රැකියා සඳහා ඉල්ලුමක් තියෙනවාද කියා තේරුම් ගැනීමයි. උදාහරණයක් විදියට, junior software developers ලට බොහෝ entry-level රැකියාවලට වඩා සැලකිය යුතු වැඩි වැටුපකින් පටන් ගන්නට හකියැයි පොඩි පර්යේෂණයකින් හෙළි කර ගන්නට හැකිය. ඒ වගේම, NVQ, HVAC technicians  advanced certifications වැනි පිළිගත් සහතික ඇති electricians, හෝ digital marketing specialists, වැනි දක්ෂ වෘතිකයන්ට වැඩි වැටුප් ලබා ගන්නට හැකිය. රැකියා කිහිපයක් සහ ඒ සඳහා අවශ්‍ය කුසලතා ලැයිස්තුගත කිරීමෙන් ඔවුන්ට එක් මාර්ගයකට අවධානය යොමු කරන්නට ද පුළුවන. 

ඊළඟට කළ යුත්තේ කෙටි, දැරිය හැකි පුහුණුවක් සොයා ගැනීමයි. සමහරවිට නොමිලේ online පාඨමාලාවක් හෝ අඩු වියදම් දේශීය සහතිකයක් සහ හැකියාව පෙන්නුම් කරන portfolio එකක් ගොඩනඟා ගෙන (උදා: කුඩා coding project එකක් හෝ mock marketing campaign එකක්). ඔවුන්ට තමන්ගේ ජීව දත්ත සටහන (resume) පිරිපහදු කරගෙන සම්මුඛ පරීක්ෂණයට පුහුණු විය හැකිය. මන්ද යත් අලුත් රැකියාවක් සඳහා අයදුම් කරන විට කුසලතාවන් වගේම විශ්වාසයත් වැදගත් වේ.

වෘත්තීය වර්ධනයට අවශ්‍යම දේ (Career Growth Essentials) ගැන පැහැදිලි කිරීමක් ඉඩසර පැය තුනක වැඩමුළුවට සහභාගි වීමෙන් ලබා ගත හැකිය. ඉහළ වැටුප් ලබන රැකියා පහක් පෙන්වයි; අවශ්‍ය නිශ්චිත කුසලතා ගෙනහැර දක්වයි; සහ වෘත්තීය මාර්ගය ‘Skill Pathway’ ක්‍රියාකාරකමක් ලෙස පහදා දෙයි. එහිදී සෑම කෙනෙකුම අලුත් රැකියාවක් තෝරාගෙන සන්ධිස්ථාන තුනක් සැලසුම් කරනු ඇත. සති හයක Python පාඨමාලාවකට ඇතුළත් වීම කුඩා coding projects තුනක් සම්පූර්ණ කිරීම සහ සමාගම් පහකට අයදුම් කිරීම වැනි සන්ධිස්ථාන වේ. 

සෑම සහභාගිවන්නෙකුටම resume template එකක් (පෙර සහ පසු උදාහරණ සමඟ) පොදු සම්මුඛ පරීක්ෂණයක ප්‍රශ්න සහ ආදර්ශ පිළිතුරු සහ විභව සේවා යෝජකයන් පර්යේෂණය කිරීමට සරල checklist එකක් ඇතුළත් පිටු 12ක "Career Toolkit" එකක් ලැබා දේ. වැඩි සහයෝගයක් අවශ්‍ය අයට අපගේ "Career Fast-Track" වැඩසටහන (LKR 7,500) මඟින් ඔවුන්ගේ resume එක ගැඹුරින් සමාලෝචනය කිරීමට පැයක සැසියක්, mock interview එකක් සඳහා පැයක සැසියක්, සහ ඔවුන්ගේ LinkedIn පැවැත්ම සහ රැකියා සෙවීමේ උපාය මාර්ගය පිරිපහදු කිරීමට විනාඩි 30ක පසු විපරම් සැසි දෙකක් ලබා දෙනවා ඇත. සියලුම "Career Climbers" ට job leads, scholarship අවස්ථා, සහ networking සිදුවීම් සතිපතා බෙදා ගන්නා පුද්ගලික Telegram සමූහයකටත් ඉඩසර ආරාධනා කරයි. එය ඔවුන්ට තමන්ගේ දැනට තියෙන කවයෙන් ඔබ්බට ජාලයක් ගොඩනඟා ගැනීමට උදව් වෙයි.

 

5. ව්‍යවසායකත්ව සිහින දකින්නන් (Aspiring Entrepreneurs) 

වයස අවුරුදු 18ත් 35ත් අතර ගොඩක් නිර්මාණශීලී තරුණ තරුණියන්ට විශිෂ්ට අදහස් ඇත. අද්විතීය නිෂ්පාදනයක්, තමන්ගේ ප්‍රජාවට අවශ්‍ය සේවාවක්, නැත්නම් කුඩා තාක්ෂණික වේදිකාවක් (platform) සඳහා වූ දැක්මක් සහිතය. එහෙත් ඔවුන්ට ව්‍යාපාර සැලැස්මක් ලියන්නට හෝ අළෙවිකරණය ගැන හිතන්නට බිය වේ. ‘මම දෙන දේ කවුරුහරි ගනීද කියලා මම දන්නේ කොහොමද?’ නැත්නම් ‘මම කොහෙන් පටන් ගන්නද?’ වගේ ප්‍රශ්න එයාලව වෙහෙසට පත් කරයි. පැහැදිලි ක්‍රියාවලියක් නොමැතිව, ඔවුන් කාලය හා මුදල් ආයෝජනය කොට අසාර්ථක වේවි කියලා බියට පත් වේ.

මුලින්ම කළ යුත්තේ අදහසක් ඉක්මනින් හා අඩු වියදමකින් තහවුරු කර ගැනීමයි. අලංකාර යමක් නිර්මාණය කරනවා වෙනුවට හෝ ගොඩක් ද්‍රව්‍ය මිලදී ගන්නවා වෙනුවට, විභව පාරිභෝගිකයන් පස් දෙනෙකු සමඟ කතා කොට ‘ඔබ මේ සඳහා LKR 200ක් ගෙවනවාද?’ කියලා අහන්න පුළුවන්. ප්‍රමාණවත් තරම් අය ‘ඔව්’ කිව්වොත්, ඔවුන්ට යම් ඉල්ලුමක් ඇති බව ඔවුන් දනී. ඊළඟට, ඔවුන්ට අවම landing page එකක් හෝ WhatsApp status ad එකක් පවා සාදා පූර්ව ඇණවුම් ලබා ගන්නට හැකිය. මේ ‘lean startup’ ක්‍රමය අවදානම අඩු කර විශ්වාසය ගොඩනඟයි. ඔවුන්ට සන්නාම (branding) පිළිබඳ මූලික කරුණු ඉගෙන ගන්නට අවශ්‍යයි. මිනිසුන්ගේ අවධානය දිනා ගන්නා ස්ථාවර නමක්, සන්නාම ලකුණක් (logo) සහ විස්තරයක් ඉදිරිපත් කරන්නේ කෙසේදැයි දැන ගත යුතුය. මාර්ගගතව ඇති නොමිලේ මෙවලම් (සරල graphic software හෝ website builders වැනි) ඉතා අඩු අයවැයකින් වුවද වෘත්තීය පෙනුමක් ලබා ගැනීමට උදව් කළ හැකියි.

ඉඅඩසර "Entrepreneurship Essentials" වැඩමුළුව හරියටම මෙම රාමුව ලබා දෙයි. පැය තුනක් පුරා, සහභාගිවන්නන් සරල, තනි පිටු Lean Canvas එකක් පුරවන්නේ කෙසේදැයි ඉගෙන ගනී; ගැටලුව, විසඳුම, පාරිභෝගික කොටස් සහ ආදායම් මාර්ග නිර්වචනය කරමිනි. ඉන්පසු ඔවුන් "Million-Dollar Weekend" සැලැස්මක් භාවිතා කරයි. සඳුදා උදෑසන වන විට ඔවුන් යමක් විකිණීමට උත්සාහ කර, ප්‍රතිපෝෂණ ලබාගෙන, අදහස වෙනස් කිරීමට හෝ ඉදිරියට යාමට තීරණය කරනු ඇත.

සෑම කෙනෙකුටම නොමිලේ prototyping මෙවලම් ලැයිස්තුවක් (Google Forms හෝ social media වැනි) සංකල්පයක් පරීක්ෂා කිරීම සඳහා මාර්ගෝපදේශ ඇතුළත් පිටු 15ක ‘Entrepreneurship Toolkit’ එකක් LKR 500ට අඩුවෙන් ලබා දේ. ඊළඟ පියවර ගැනීමට සූදානම් අය ‘Startup Launch consulting’ වැඩසටහනට (LKR 25,000) එකතු විය හැකිය. මෙම වැඩසටහන මාස තුනක් පුරා පැයක coaching සැසි හයක් බැගින් ලබා දෙනු ඇත. මෙම සැසිවලදී ඉඩසර ඔවුන්ගේ value proposition පිරිපහදු කරන්නට, මූලික online store එකක් හෝ booking form එකක් සකසන්නට, මිලකරණය වෙනස් කරන්නට, සහ කුඩා අලෙවිකරණ ප්‍රයත්නයක් සැලසුම් කරන්නට උදව් කරනවා ඇත. වැඩමුළුව සම්පූර්ණ කිරීමෙන් පසු සියලුම උපාධිධාරීන්ට අපගේ "Founders’ Circle" calls සඳහා ආරාධනා කරනවා. එහිදී ඔවුන් ප්‍රගතිය බෙදා ගනී. අභියෝග පිළිබඳව ප්‍රතිපෝෂණ ලබා ගනී. ඔවුන්ට පෙර මේ මඟ ගිය ව්‍යවසායකයන්ගෙන් ඉගෙන ගනී. 

 

6. ආරම්භක සහ VC සොයන්නන් (Bootstrap & VC Seekers) 

ව්‍යවසායකයෙකු යම් ඉල්ලුමක් ඔප්පු කළ පසුවත් ඔවුන්ට නව බාධාවක් එල්ල විය හැක: වර්ධනය වීමට ප්‍රමාණවත් මුදල් ලබා ගැනීම ගැන, බොහෝ ආරම්භකයින් විශේෂයෙන්ම පළමු වතාවට ව්‍යාපාරයක් කරන අය, ආයෝජකයින් වෙත ළඟා වන්නේ කෙසේද හෝ සාධාරණ අරමුදල් ඉල්ලීමක් කෙසේ විය යුතුද යන්න ගැන කිසිදු අදහසක් නැත. ඔවුන්ට ‘අපට app එක දියත් කරන්න LKR මිලියන 1ක් අවශ්‍යයි’ වැනි ආශා ලැයිස්තුවක් (pitch deck) නිර්මාණය කළ හැකියි. නමුත් කිසිදු විකුණුම් සංඛ්‍යාවක් හෝ ආදායම් මාර්ගයක් පෙන්නුම් නොකරමිනි. ආරම්භක සාර්ථකත්වයක් හෝ හොඳ pitch එකක් නොමැතිව, angel ආයෝජකයින් හෝ මුල් අදියරේ VC ආකර්ෂණය කර ගැනීම අසීරුය. ඔවුන් equity සහ තමන්ගේ සමාගමෙන් වැඩි කොටසක් ඉක්මනින්ම අත්හැරීම ගැන ද බිය වේ.

පළමු ප්‍රමුඛතාවය වන්නේ යම් proof of concept එකක් ගොඩනැගීමයි. සමහරවිට pre-orders හෝ කුඩා pilot sales වලින් රුපියල් දහස් ගණනක් උපයා ගැනීමෙනි. මේ මුල් සාර්ථකත්වය LKR මිලියන 1ක් වෙනුවට LKR 100,000ක් වැනි මුදලක් ඉල්ලීම වඩාත් පහසු කරයි. ඊළඟට, ඔවුන්ට පැහැදිලි අරමුදල් මාර්ග සිතියමක් අවශ්‍යයි වෙයි. මාස 1, පාරිභෝගිකයින් පස් දෙනෙකු ලබා ගන්න; මාස 2, LKR 50,000ක ආදායමක් උපදවන්න; මාස 3, pitch deck එක පිරිපහදු කරන්න; මාස 4, අවම වශයෙන් විභව angel ආයෝජකයින් තිදෙනෙකු හමුවන්න. මේ පියවර දැනගෙන ඒවා සම්පූර්ණ කිරීමෙන් විශ්වාසය සහ පැහැදිලි බව ගොඩනැගේ. ‘valuation’, ‘term sheet,’ හෝ ‘liquidation preference’ වැනි ප්‍රධාන VC පද ඉගෙන ගැනීමෙන් ඔවුන්ට වඩා හොඳින් සාකච්ඡා කිරීමට උදව් වේ. අන්තිමට, ඔවුන්ට විභව ආයෝජකයින්ට හඳුන්වාදීම් අවශ්‍ය වෙයි. තනි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් හරහා වුවද, උණුසුම් හඳුන්වාදීමක් දොරටු විවෘත කළ හැකියි.

ඉඩසර ‘Capital Workshop’ වෙතින් සියලු මාතෘකා පැය තුනක් තුළ ආවරණය කරයි; bootstrapping උපක්‍රම උගන්වයි. සීමිත සම්පත් භාවිතා කරන්නේ කෙසේද, කුඩා ගෙවන ලද අත්හදා බැලීම් කරන්නේ කෙසේද, ව්‍යාපාරයට ලාභයෙන් සෑම රුපියලක්ම නැවත ආයෝජනය කරන්නේ කෙසේද යන්න විමසා බැලේ. ඉන්පසු ආරම්භකයින්ට Pitch Deck හරහා මඟ පෙන්වයි. ගැටලුව, විසඳුම, වෙළඳපල ප්‍රමාණය, කණ්ඩායම, ව්‍යාපාර ආකෘතිය සහ මූල්‍ය පුරෝකථන ආවරණය කරන slide දහයක template එකක් ලබාදේ. jargon එක සරල කිරීමට, අපි කෙටි "Term Sheet Glossary" එකක් ඇතුළත් කරයි. එවිට සහභාගිවන්නන් ‘dilution’ හෝ "convertible notes" ගැන ආයෝජකයින් කතා කතාකරද්දී එහි තේරුම දනී. හැමෝටම සරල පියවර හයක අරමුදල් මාර්ග සිතියමක් සහ download කළ හැකි pitch deck template එකක් ඇතුළත් පිටු 12ක ‘VC Readiness Toolkit" එකක් ලැබෙනු ඇත.

වැඩි ගැඹුරු උපකාරයක් අවශ්‍ය ආරම්භකයින් සඳහා ඉඩසර "VC Accelerator" වැඩසටහන (LKR 50,000) මාස තුනක් පුරා පැවත්වේ. 1 වන මාසයේදී value proposition එක පිරිපහදු කර මූලික මූල්‍ය ආකෘති ගොඩනඟයි. 2 වන මාසයේදී pitch deck එක පිරිපහදු කර උපදේශකයන් ඉදිරියේ ඉදිරිපත් කිරීම පුහුණු කරයි. 3 වන මාසයේදී අපගේ ජාලයේ සිටින අවම වශයෙන් angel ආයෝජකයින් පස් දෙනෙකුට හෝ මුල් අදියරේ VC වලට උණුසුම් හඳුන්වාදීම් සකස් කරයි. කාර්තුමය වශයෙන් "Demo Day" එකක් ද පවත්වයි; එහිදී තෝරාගත් accelerator උපාධිධාරීන් ආයෝජකයින් කුඩා කණ්ඩායමකට පෞද්ගලිකව හෝ online හරහා ඉදිරිපත් කෙරේ. එයින් ඔවුන්ට පළමු කැපවීම සුරක්ෂිත කරගත හැකිදැයි බැලීමට සැබෑ අවස්ථාවක් ලැබෙනු ඇත.

 

අවසානය

බාධක සහ නවතා දැමූ සිහින ජීවිතයේ කොටසකි. නමුත් නිවැරදි මෙවලම් සහ ඔවුන් පිටුපස සිටින ප්‍රජාවක් සමඟින් ලංකාවේ ඕනෑම කෙනෙකුට ප්‍රධාන විභාගයක් අසමත් වූවාද සාමාන්‍ය රැකියාවක හිරවී සිටිනවාද, සීමිත අයවැයකින් ගෘහ කටයුතු කළමනාකරණය කරනවාද, නැත්නම් startup එකක් දියත් කිරීමට සිහින දකිනවාද, ඒ කුමක් වුවද එම බොඳ වූ සිහින හෝ කැඩුණු කොටස් ඉදිරි පියවර බවට පත් කරගත හැකියි.

ඉඩසර ආයතනයේ සකස් කළ වැඩමුළු, නොමිලේ toolkits, දැරිය හැකි consulting වැඩසටහන් සහ සහයෝගී peer groups මගින් කලකිරීමේ නොයිඳ ක්‍රියාවට පිවිසීමට පැහැදිලි, ප්‍රායෝගික ක්‍රම ලබා දෙයි. සෑම පියවරක්ම සැලසුම් කිරීමෙන් අලුත් කුසලතාවක් ඉගෙන ගැනීම, කුඩා අදහසක් පරීක්ෂා කිරීම, සරල අයවැයක් ගොඩනැගීම, pitch deck එකක් සකස් කිරීම සහභාගිවන්නන්ට විශ්වාසය සහ ඉදිරියට යාමට ශක්තිය ලබා ගනී. 

කාලයත් සමඟම ඔවුන්ට අතීත බාධකවලින් ඔබ්බට තමන්ගේ ශක්තිය නැවත ලබාගෙන, නැවත වරක් තරු දෙසට හෝ අහසේ තවත් දුරට යොමු විය හැකියි. ඔබ කොතැනින් පටන් ගත්තත් ‘සහතිකයක් නැහැ’ හෝ ‘මුදල් නැහැ' දක්වා පොඩි පැහැදිලි බවකින්, සරල පියවර කිහිපයකින්, නිවැරදි සහයෝගයකින්, ඔබට ඔබේ මාවත නැවත ගොඩනගාගෙන ඔබ කවදා හෝ සිතුවාට වඩා ඉහළට යා හැකියි. සෑම බොඳවූ සිහිනයක්ම දීප්තිමත්, ස්වයං නිර්මිත අනාගතයක් කරා ඔබව තල්ලු කරන ගිනි පුපුරක් බවට පත් විය හැකියි. 

 

 
 
 

Comments


bottom of page