විභාග ප්‍රතිඵලය කුමක් වුවත් ආර්ථිකව ගොඩ යන මඟ
- Idasara

- May 26
- 3 min read
Updated: May 27
සාමානය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රථිපළවලට පසුව සම්මමන අඩු හෝ අසමත් හෝ ශිෂ්‍ය ප්‍රජාව ‘දැන් ඉතින් කුමක් කරන්නද?’ යන ප්‍රහේළිකාවට මැදි වෙයි. එහෙත් විභාගය අසමත් වීම අදක්ෂකමක් හැටියට කරන තීන්දුව නිවැරදි නොවේ. A සමාර්ථ 9ක්ම ලබා ගෙන උසස්පෙළට පෙනී සිටින දරුවන්ගෙන් විශාල පිරිසකට පවා විශ්වවිද්‍යාල වරම් නොලැබීම ඔවුන්ගේ අදක්ෂකමද? විශ්වවිද්‍යාල වරම් ලබා උපාධියක් ලබාගෙනත් රැකියාවක් නැතිව ලත වෙන්නට වීම අදක්ෂකමද? සාමාන්‍යපෙළ කඩයිමේ සිට උපාධිය තෙක් තම තරුණ ජීවිතයේ හොඳම වසර 10ක් කිසිම ආදායමක් හෝ නොලබා නාස්ති කරන තරුණ ශ්‍රම බලකායේ ඒ කිසිවකු හෝ අදක්ෂයෝ නොවෙති. ඔවුන්ගේ දක්ෂකම, හැකියාව, කුසලතාව මතු කර තබන අධ්‍යාපන ක්‍රමයක් ලංකාව සතුව නැත. අප අනුගමනය කරන හා ආදර්ශයට ගන්නා බටහිර සංස්කෘතියට සමානුපාතික බටහිර අධ්‍යාපන ක්‍රමය ද ‘කඩපාඩ්ම උඅගතුන්’ මිස ක්‍රියාශීලී වෘත්තියන් බිහි කරන්නේ නැත. ‘අපේ එකා’ උඩ දමන්නට විභාග ප්‍රතිඵල පෙන්වන දෙමාපියන්, තම දරුවන් සතුටු ජීවිතයකට ගොඩ දමන්නට හැකි මඟක් ගැන දන්නේ ද නැත.
1948 රටට නිදහස ප්‍රදානය කෙරුණාට පසු (ලංකාව නිදහස දිනා ගත් රටක් නොවේ) ගෙවී ගිය කාලය ගැන බැලන විට පැහැදිළි වන්නේ රටේ ආර්ථිකය යනු ‘ණයට කෑමකි’. අඩුඅම තරමින් ණ්‍ය ගෙවන නාගත සැලසුමක්වත් නැත. රුසියා - යුක්‍රේන් යුද්ධය මෙන්ම කොරෝනා වසංගතය, ඇමෙරිකානු බදු ප්‍රතිපත්තිය වැනි භාහිර බලපෑම් මෙන්ම රටේ අභ්‍යන්තර හේතු හා දිගටම සොරාකෑම යන දෙශපාලන කාරණා මතින් ‘ණයට කෑම’ වසා තිබේ. අභියෝගවලට මුහුණ දිය හැකි කුසලතා ඔපදමන ශ්‍රම බලකායක් සූදානම් කරන්නට පවතින අධ්‍යාපන ක්‍රමය අපොහොසත් වීම වත්මන් රට දුප්ප්තවීම කෙරෙහි බලපා අනෙක් තීරණාත්මක හේතුවකි.
1943දී සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විසින් සර්වජන අධ්‍යාපනය හෙවත් සැමට නොමිලේ අධ්‍යාපනය හඳුන්වාදෙනු ලැබූ අවස්ථාවේදී ඔහු ඊට ඇතුළත් කළ ‘අත ශක්තිමත් කිරීම’ හෙවත් වෘත්තීය අධ්‍යාපනය නොසලකා හැරීම ලකාවේ අධ්‍යාපන මඟ වරද්‍දා ගත් අවස්වස්ථාවකි. සාමාන්‍යපෙළ කඩයිමට පසු නිවසට නුදුරුකඩමණ්ඩියේ, හන්දියේ ත්‍රීවීලර් බලකායට එකතු වීම වෘත්තීය පුහුණුවක් නොවේ. එය තම දක්ෂතාව හෝ කුසලතාව හෝ බිලිදෙන රස්තියාදුවකි.
විසි වැනි සියවසේදී ලංකාවට පිටුපසින් සිටි ආසියාවේම රටවල් මේ විසිඑක් වැනි සියවසේදී හැම අතින්ම ලංකාව පසුකරගෙන ගියේ වවෘත්තීය අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දීමෙනි; ණයට කෑම ගොඩ යන ක්‍රමයක් නොවන බව ක්‍රමානුකූලව වටහා ගැනීමෙනි. ජපානය හොඳම නිදසුනකි. අද ඉදිරියට ගත යුතු වන්නේ එවැනි ආදර්ශයි. දරුවාගේ සාමාන්‍යපෙළ විශිෂ්ට සමාර්ථය සියල්ල ජය ගැනීමක් ලෙස දක්වා විභාගය අසමත් දරුවන් හට උජාරුව පෙන්වීම සහ දැන් ඉතින් තම දරුවාට අනාගතයක් නැතැයි යනුවෙන් ඒ අසමත් දරුවන් ගැන දෙමව්පියන්ගේ පසුතැවීම බුද්ධිමත්ව කල්පනා නොකරන අවිචාරයේ අවස්ථාවකි. ශිල්ප සහ ශාස්ත්‍ර යන අධ්‍යාපනයට අයත් කොටස් දෙකෙන් ශිල්ප කොටස හෙවත් වෘත්තීය පුහුණු කොටස අතහැර ශ්‍රාස්ත්‍ර කොටස හෙවත් න්‍යාය කටපාඩම් කිරීම එකම අධ්‍යාපන මඟ ලෙස ගෙන ලංකාව මඟ වරද්දා ගෙන ඇත. විභාග තරගය මතු ජීවිතය අවිනිශ්චිත කිරීමකි. රටට ධනය උත්පාදනය කරන ව්‍යවසායකයන් ගත් විට ඔවුන් වැඩි දෙනා ‘හිතුවක්කාර’ අය මිස පිළිවෙලට විභාග සමත් අය නොවේ.
විභාග ප්‍රමුඛ නොකරන ශිල්ප කොටස සැමදාම අලුත් වෙයි. ශාස්ත්‍ර කොටස අලුත් වන්නේ කොතරම් සෙමින් දැයි කියනවානම් එය අපට පෙනෙන්නේ එකතැන නතරව ඇති ලෙසිනි. නිදසුනකට ගන්නේ නම් ගුවන් යානයක් ගුවන් ගත කරන විද්‍යාත්මක න්‍යාය වන බර්නුලි නියමය දහ අටවැනි සියවසේ සොයා ගැනීමකි. එහෙත් ගුවන් ගමන තරු පහේ හෝටලයකටත් වඩා ඉහලට එසවුණේ, එනම් ගුවනේ ගමන සියලු පහසුකම් සහිත හෝටල් නවාතැනක් බවට වර්ධනය කෙරුණේ තාක්ෂණය හෙවත් වෘත්තීය නිපුණතාව නිසාය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මෙම වෘත්තීය නිපුණතාව ගැන නොසලකා හැර ඇත. විද්‍යාව හෝ න්‍යාය හිස තබා ගෙන අනෙකා පරාජය කරන තරගයක් සඳහා අධ්‍යාපනය යොදා ගෙන ඇත.
ලංකාව වාරි තාක්ෂණයෙන් කුසලතා ප්‍රදර්ශනය කිරීම යනු වෘත්තීය නිපුණතාව පෙරට ගැනීමකි. වැව ශිල්පීය කොටස පෙරට ගැනීමකි. ලංකාව ‘පෙර දිග ධාන්‍යාගාරය’ බවට නම් ලැබුවේ වාරි තාක්ෂණයත් විවෘත්ත ආර්ථිකයත් එදා නිවැරදිව කළමනාකරණය කර ගන්නට දක්ෂ වූ බැවිණි. අටවැනි සියවසේ සීගිරිය අදටත් ආදායමක් උපදවන නවෝත්පාදනයකි. එම ආදර්ශ වෘත්තීය අධ්‍යාපනය මඟන්න පෙරට ගත්තේ නම් ආර්ථිකය ජය ගන්නට සමත් රටට ආවේනික විසඳුමක් පදා ගන්නට හැකි වනු ඇත. දැන් රට පවතින්නේ මඟ සොයා ගත යුතු, අතරමං අවස්ථාවකයි. හොඳම විසඳුම වෘත්තීය කුසලතාව මතු කරන අධ්‍යාපනයකට යොමු වීමයි. ඒ ගැන විමසා බැලුවොත් ඔබට ඔබේ දරුවා වෙනුවෙන් වෘත්තීය පුහුණු මාවතක් සොයා ගැනීමට හැකි වනු ඇත. ආයෝජන ඉලක්කයක් සහිත ඉදිරි දැක්මකින් තරුණ ප්‍රජාව සන්නද්ධ විය යුතුය.
විභාග ප්‍රතිඵල නිකුත් වූ විට දෙමාපියන් සංවාද කළ යුත්තේ අපේ එකා දක්ෂයා අනෙකා අදක්ෂයා ලෙස ගෙන තම අවිචාරය ප්‍රදර්ශනය කිරීමට නොවේ. විභාගය සමත් අසමත් සියලු දරුවන්ගේ කුසලතාව මතු කරන වෘත්තීය පුහුණු අවස්ථාවකට භෙවත් ශිල්ප කොටසට තම දරුවා සම්බන්ධ කරවීමට වහාම අවධානය යොමු කළ යුතුයි. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට මඟඇරුණු අවස්ථාව සොයා ගැනීමට කල්පනා කිරීම වැදගත් වෙයි. එම අවස්ථා රටේ හිඟ බව ඇත්තකි. ඊටත් වඩා ඒ කෙරෙහි ඔබේ අවධානය නැත. අවධානය යොමු කරන්නේ නම් දෙමාපියන්ටත් දරුවන්ටත් රටේ පවතින, එමෙන්ම අලුත් ලෝකයට ගැලපෙන වෘත්තීය පුහුණු අවස්ථාවක් සොයා ගැනීමට හැකි වෙයි. අයෝජන අවස්ථා දිස් වෙයි. ඒ සඳහා මුදල් ඉපයීමට වුවමනාවක් ඇති වෙයි. අඩුම තරමින් ණයට කෑම ලැජ්ජා විය යුතු දෙයක් බව අවබෝධ වෙයි.




Comments