ව්‍යවසායකයා හා මුදලාලි
- Idasara

- Jun 15
- 2 min read
Updated: Jun 23
‘ව්‍යවසායකයා’ (Entrepreneur) සහ ‘මුදලාලි’ යන වචන දෙකම ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වුවද මෙයින් හැඳින්වෙන දෙගොල්ල අතර සැලකිය යුතු වෙනස්කම් පවතී. විවෘත්ත ආර්ථිකය ලංකාවේ ක්‍රියාත්මක වීමට පෙර ව්‍යවසායකයා යනුවෙන් හැඳින්විය හැකි කිහිප දෙනකු සිටියත් විවෘත්ත ආර්ථිකය ක්‍රියාවට නැංවුණාට පසු පැමිණියේ මුදලාලිලාය; ගැණුම් විකුණුම් ක්‍රමයට වඩා යමක්, නව නිශ්පාදනයක් ආරම්භ කළ ව්‍යවසායකයන් විරලය.
ඉන්දියාව ගැන සලකන කල එරට විවෘත්ත ආර්ථිකය හඳුන්වා දෙන්නේ ව්‍යවසායකයාට අවස්ථාව නැති කරමින් නොවේ. යටත් විජිත සමයේ සිටම එරට ස්වදේශීය ව්‍යවසායකයකු සිටි අතර ‘ටාටා’ වැනි වාහන නිශ්පාදකයන් පවා ඒ අතර සිටී. ලංකාවට උපාලි විජේවර්ධන සිටි නමුත් ඔහුගේ අකල් අභාවයට පසු ඒ හිඩැස පුරවන කෙනෙකු සමකාලීනව හමු නොවේ.
වසර 2000ට පසු ගෝලීය ආර්ථිකය වේගවත් පිම්මකට යොමු කළ තොරතුරු තාක්ෂණය මත පදනම්ව ලංකාවේ අලුත් ව්‍යවසායකත්වයක් බිහි වෙයි. WSO2 නිර්මාතෘ සංජීව වීරවර්ණ එවැනි ව්‍යවසායකයෙකි.
ව්‍යවසායකයා
නවෝත්පාදනය සහ නිර්මාණශීලීත්වය: ව්‍යවසායකයෙකු යනු අලුත් අදහස්, නිෂ්පාදන, සේවා හෝ ව්‍යාපාර ආකෘති හඳුන්වා දෙන, පවතින ගැටලුවලට නව විසඳුම් සපයන පුද්ගලයෙකි. ඔවුහු අවස්ථා හඳුනාගෙන ඒවා වාණිජමය වශයෙන් සාර්ථක කිරීමට උත්සහා කරති.
ව්‍යවසායකයා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හෝ පවතින ව්‍යාපාරයක් පුළුල් කිරීමේදී මූල්‍යමය හා අවදානම් භාර ගැනීමට සූදානම්ය. ඔවුන්ගේ මූලික අවධානය යොමු වන්නේ ව්‍යාපාරය වර්ධනය කිරීම, පුළුල් කිරීම සහ අඛණ්ඩව නව්‍යකරණය කිරීමටයි. ඔවුන් වෙළඳපොළේ වෙනස්වීම් වලට අනුවර්තනය වෙමින් ඉදිරියට යයි.
ව්‍යවසායකයන් බොහෝ විට අලුත් රැකියා අවස්ථා උත්පාදනය කරන අතර රටේ ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් ලබා දෙයි. ව්‍යවසායකයා තම සේවකයා හුදු පිටස්තරයකු ලෙස නොගෙන සමාගමේ කොටස්කරුවකු බවට පත්කර ගන්නට කටයුතු කරයි.
ව්‍යවසායකයෙකුගේ මූලික ලක්ෂණය වන්නේ නවෝත්පාදනය, වර්ධනය සහ අවදානම් කළමනාකරණයයි. සේවකයින් කොටස්කරුවන් බවට පත් කිරීමෙන් ව්‍යවසායකයාට ලැබෙන වාසි ගැන සලකන කල ඒ බව තවත් පැහැදිලි වේ.
සේවකයින්ට ව්‍යාපාරයේ කොටසක් හිමි වන විට, ඔවුන්ට එය තමන්ගේම දෙයක් ලෙස හැඟී යයි. මෙය ඔවුන්ගේ අභිප්‍රේරණය, කැපවීම සහ ඵලදායිතාව ඉහළ නැංවීමට හේතු වෙයි. ව්‍යාපාරයේ සාර්ථකත්වය ඔවුන්ගේ පුද්ගලික සාර්ථකත්වය හා බැඳී ඇති නිසා, ඔවුහු වඩාත් උනන්දුවෙන් කටයුතු කරති.
සේවකයින්ට ව්‍යාපාරයේ අයිතියක් ඇතැයි දැනෙන විට, ඔවුහු නව අදහස් සහ විසඳුම් ඉදිරිපත් කිරීමට පෙළඹෙති. මෙය සමස්ත ව්‍යාපාරයේ නවෝත්පාදන හැකියාව වැඩි දියුණු කරන්නට හේතු වේ.
නිශ්පාදන ආර්ථිකය බලගැන්වීමේදී ව්‍යවසායකයාගේ දායකත්වය තීරණාත්මකය.
මුදලාලි
‘මුදලාලි’ යන පදය සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික වෙළඳාම, තොග වෙළඳාම හෝ කුඩා පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් හැඳින්වීමට භාවිත කෙරේ. ඔවුන් නවෝත්පාදනවලට වඩා පවතින ක්‍රමවේදයන් ඔස්සේ කටයුතු කිරීමට වැඩි නැඹුරුවක් දක්වයි. මිලදී ගැනීම හා විකිණීම ප්‍රධාන ක්‍රමවේදයකි. ලාභයම මුල්කර ගනී.
ඔවුහු සාමාන්‍යයෙන් අවදානම් අඩු කර ගැනීමට උත්සාහ කරන අතර, ආරක්ෂිත හා ස්ථාවර ව්‍යාපාරික ක්‍රම අනුගමනය කරති. ව්‍යාපාරය පුළුල් කිරීමට හෝ නවෝත්පාදනයට වඩා පවතින ව්‍යාපාරය පවත්වාගෙන යාමට මහන්සි ගනී.
මුදලාලි සාමාන්‍යයෙන් තනි හිමිකාරිත්වය සහ පාලනය පවත්වා ගැනීමට උත්සාහ කරයි. ඔවුන් බොහෝ විට සේවකයින් දකින්නේ වැටුප් ලබන ශ්‍රමිකයන් ලෙස මිස, ව්‍යාපාරයේ අනාගතයට සෘජුව දායක වන හවුල්කරුවන් ලෙස නොවේ.




Comments