top of page

වාසනාව දොර ඇරලා බල්න්නේ!

මහන්සියේ තරමට ප්‍රථිපළයක් නැතැයි, රැකියාවක සිට ආයෝජනය දක්වා අතර වැඩි දෙනකුගේ නිගමනයකි. අනෙක් හැම දේ එක්කම වාසනාවත් තිබිය යුතුයි කල්පනා කිරීම එකී නිගමනයේම දිගුවකි. ඇත්ත කතාව නම්, වාසනාව යනුවෙන් හඳුනා ගන්නේ ද මහන්සියේම ප්‍ර්ථිපළයකි. මහන්සියේ තරමට ප්‍රථිපළ නැතැයි කෙනෙකුට සිතෙන්නේ නම් එයද වරදක් නොවන නමුත් ඊට වාසනාව නැති කම ලෙස හැඳින්වීම වැරදිය. ප්‍රංශ ජාතික විද්‍යාඥ ලුවී පාස්චර් පැවසූ පරිදි, ‘වාසනාව යනු සූදානම් මනසකට හමු වන දෙයකි’. ඔබ යම් ක්ෂේත්‍රයක් ගැන හොඳින් සූදානම්ව සිටින විට, ඔබට ලැබෙන අවස්ථා සාර්ථකව ග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබේ; එමෙන්ම මහන්සිය වැඩදායී ඉලක්කයටකට යොමු වේ.

ඔබ යම් ඉලක්කයක් වෙනුවෙන් මහන්සි වී වැඩ කරන විට, ඒ හා සම්බන්ධ නව අවස්ථා ඔබට නිතරම හමු වේ. නිදසුනක් ලෙස, ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වෙහෙසෙන විට ඔබට නව ආයෝජකයින් හෝ හවුල්කරුවන් හමුවිය හැකිය. නොසිතූ අවස්ථාවක සිදුවන එවැනි හමු වීම් ‘වාසනාව’ ලෙස පෙනෙන්නට හැකිය. එහෙත් එම මුණගැසීම්  ඔබගේ උත්සාහයේ ප්‍රතිඵලයකි.

ඉඅලක්ක ගත අරමුණකින් ඔබ වෙහෙස වී වැඩ කරන විට අලුත් දේවල් ඉගෙන ගැනීමටත් අත්දැකීම් ලබා ගැනීමටත් හැකි වේ. මෙම දැනුම හා අත්දැකීම් ඔබට වඩා හොඳ තීරණ ගැනීමටත් අභියෝග ජය ගැනීමටත් උපකාරී වේ. මේවාඅභියෝග ජයග්‍රහණ හෝ නැවැරදි තීරණ බොහෝ විට ‘වාසනාව’ ලෙස හැඳින්වුවත් ඒවා ඔබගේ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක්.

නොපසුබට උත්සාහය හා ඔරොත්තු දීමේ හැකියව ද මෙහිදී අවධානයට ගත යුතුය. බොහෝ විට වාසනාවන්ත යැයි පෙනෙන පුද්ගලයන්, අසාර්ථකත්වයන් හමුවේ නොපසුබට උත්සාහයෙන් නැවත නැවතත් උත්සාහ කරන අය වෙති. ඔවුන් තම වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යති. මෙම නොපසුබට උත්සාහය සහ ඔරොත්තු දීමේ හැකියාව, ඔවුන්ට අවසානයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට උපකාරී වේ. මතුපිටට පෙනෙන්නේ හෝ පෙන්වන්නෙ හෝ සාරථකතවය පමණක බැවින් එය වාසනාව ලෙස දකින නමුත් අසාර්ථක වූ අවස්ථා ගණනනාවක් එකී ජයග්‍රහණය පසුබිමේ තිබිය හැකිය. කලාකරුවෙකුගේ ක්ෂණික සාර්ථකත්වයක් පිටුපස වසර ගණනාවක පුහුණුවීම් සහ අත්හදා බැලීම් තිබිය හැක.

ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන විට ඔබට බොහෝ දෙනෙක් සමඟ සම්බන්ධකම් ගොඩනගා ගැනීමට හැකි වේ. මෙම සම්බන්ධතා ඔබට නව අවස්ථා සහ සහයෝගය ලබා දිය හැකිය. මේ ආකාරයට මහන්සි වූ පමණින් ලැබීම හෝ වාසනාව හෝ ළඟා නොවීම ගැන විමසා බැලීම වටී.

සමහර අවස්ථාවලදී කොතරම් මහන්සි වුණත්, අප බලාපොරොත්තු වන ‘වාසනාව’ට නොලැබෙනවා විය හැකිය. මෙය ඉතා කලකිරෙන සුළු තත්ත්වයක් වුවත් ඊට හේතු කිහිපයක් බලපාන බව අවධානයට ගනිමු.

‘වාසනාව’ යන්නෙන් අප අදහස් කරන්නේ කුමක්ද යන්න මත බොහෝ දේ රඳා පවතී. ඇතැම් විට අහම්බෙන් සිදුවන සුළු වාසිදායක සිදුවීම් වාසනාව ලෙස හැඳින්විය හැකි වුවත් බොහෝ විට අප ‘වාසනාව’ ලෙස හඳුන්වන්නේ අපගේ උත්සාහය, කැපවීම සහ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන සාර්ථකත්වය සහ යහපත් ප්‍රතිලාභයි.

මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් තිබේ. අධිෂ්ඨානය සහ ඉලක්ක ඉඅතා වැදගත්ය. කිසිදු ඉලක්කයක් හෝ අධිෂ්ඨානයක් නොමැතිව වාසනාව බලාපොරොත්තු වීම නිෂ්ඵල ය. ඔබ යමක් සාක්ෂාත් කර ගැනීමට කැමති නම් ඒ සඳහා පැහැදිලි ඉලක්කයක් තිබිය යුතු අතර එය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කළ යුතුය.

බොහෝ සාර්ථක පුද්ගලයන්ගේ ජීවිත දෙස බැලූ විට පෙනී යන්නේ ඔවුන් තම ඉලක්ක කරා ළඟා වීමට විශාල වෙහෙසක් සහ කැපවීමක් කළ බවයි. ඔවුන්ගේ ‘වාසනාව’ යනු වෙහෙස මහන්සියේ සහ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අවස්ථා ගොඩනගා ගැනීමයි.

සමහර විට වාසනාව ලෙස පෙනෙන්නේ ලැබෙන අවස්ථා හඳුනාගෙන ඒවා නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාවයි. මෙම හැකියාව ඇති වන්නේද නිසි දැනුම, අත්දැකීම් සහ පුළුල් දැක්ම තුළිනි. මේවා ලබා ගැනීමටද වෙහෙස මහන්සි විය යුතුය.

වර්තමාන සමාජයේ හැමදේම ඉක්මනින්, ක්ෂණිකව සිදුවිය යුතුයි කියා අදහසක් ඇත. ඒ නිසා වෙහෙසක් දැරුවත් ක්ෂණිකව ප්‍රතිඵල නොලැබෙන කොට කලකිරීමට පත් වෙයි. සාර්ථකත්වයට කාලයක් ඉවසීමක් සහ නොපසුබට උත්සාහයක් අවශ්‍ය බව වටහා ගත යුතුය. ඇතැම් විට යටි සිතේ ඇති සෘණාත්මක ආකල්ප (negative attitudes) හෝ විශ්වාසයන් නිසාත්, කොතරම් මහන්සි වුණත් ප්‍රතිඵලයක් නැහැ කියා හිතෙන්නට හැකිය. ‘මට බැහැ’ කියන හැඟීම තියේ නම්, එය ඇත්තටම උත්සාහයට බාධාවකි.

වැරදි දිශාවට මහන්සි වීම අවධානයට ගත යුතු අනෙක් වැදගත් කාරණයයි. පැහැදිලි අරමුණක් හෝ සැලැස්මක් නොමැතිව මහන්සි වෙනවා නම්, එම උත්සාහය විසිරී යාමට ඉඩ ඇත; ගමනාන්තයක් නැතුව ගමනක් යනවා වැනිය.

සමහර විට අප මහන්සි වන්නේ වැරදි ක්‍රමවලට විය හැකිය. වඩාත් ඵලදායී හෝ කාර්යක්ෂම ක්‍රම තියෙද්දී, පැරණි හෝ අකාර්යක්ෂම ක්‍රම භාවිත කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන අවස්ථා ද ඇත. උදාහරණයක් විදියට, දවසම පොතක් බලාගෙන හිටියත්, අවධානයෙන් පාඩම් නොකළොත් ප්‍රතිඵලයක් නොලැබෙන ලෙසිනි.

 

 
 
 

Comments


bottom of page