top of page

සෞභාග්‍ය මාවත: පවුලේ මූල්‍ය ස්වාධීනත්වය තහවුරු කරන පදනම් කුළුණු 4


හැඳින්වීම: මූල්‍ය ස්වාධීනත්වය සඳහා නව මාවතක අවශ්‍යතාවය

 

මූල්‍ය ස්වාධීනත්වය යනු වරප්‍රසාද ලත් සුළු පිරිසකට පමණක් හිමි වන සුඛෝපභෝගී දෙයක් නොවේ. එය සෑම පුද්ගලයෙකුටම සහ පවුලකටම ප්‍රවේශ විය හැකි සහ යුතු මූලික අයිතිවාසිකමකි. ආර්ථික පීඩනය වැඩි වෙමින් පවතින සහ සාම්ප්‍රදායික ආරක්ෂක දැල් බිඳී යමින් පවතින ශ්‍රී ලංකාවේ දිවි රැක ගැනීමට, ගෞරවයෙන් ජීවත් වීමට සහ දිගුකාලීන අවස්ථා උදා කර ගැනීමට මූල්‍ය ස්වාධීනත්වය අත්‍යවශ්‍ය වී තිබේ. ග්‍රාමීය ගම්මානවල සිට නාගරික ප්‍රජාව දක්වා, බොහෝ ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයට පසු තරුණ තරුණියෝ සහ තරුණ වැඩිහිටියන් මව්වරුන් අවිනිශ්චිතතාවයේ චක්‍රයක සිරවී සිටිති. රැකියා අවස්ථා හිඟ වන අතර ලැබෙන ආදායමට වඩා නිවසේ වියදම ඉහළ වේ. ඉතිරිකිරීම් හෝ ආයෝජනය කිරීම බොහෝ විට ළඟා විය නොහැකි දෙයකි. බොහෝ විට පවුල ක්‍රියාත්මක වන්නේ සැලසුමක් නොමැතිව, මූල්‍යමය ශක්තිය ගොඩනඟා ගැනීම වෙනුවට හදිසි මූල්‍ය අවශ්‍යතාවලට එදිනෙදා ප්‍රතිචාර දක්වමිනි. එහි ප්‍රතිඵලය වන්නේ කම්පනයට ගොදුරු විය හැකි සහ සිහින දැකීමේ සැලසුම් කිරීමේ හෝ වර්ධනය වීමේ නිදහස අහිමි වූ බිඳෙනසුලු ගෘහස්ථ ආර්ථිකයකි.

ඉඩසර මෙම දැවෙන අවශ්‍යතාවයට ප්‍රතිචාරයකි. එය හුදෙක් අධ්‍යාපනික වැඩසටහනක්ම නොව, ආර්ථික බලගැන්වීම සඳහා වූ ජාතික ව්‍යාපාරයක් හෙවත් සමාජ සත්කාරයකි. සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ මූල්‍ය කටයුතු පාලනය කර ගැනීමට සහ ස්ථාවරත්වය, සුරක්ෂිතභාවය සහ සෞභාග්‍යය කරා තමන්ගේම මාවතක් සකස් කර ගැනීමට අවශ්‍ය මානසිකත්වය, මෙවලම් සහ උපාය මාර්ග සන්නද්ධ කිරීම ඉඩසර අරමුණයි. ඉඩසර ආකෘතියේ හදවත වන්නේ අන්තර් සබඳතාවයක් සහිත කුළුණු හතරක් මත ගොඩනැගුණු සරල නමුත් ශක්තිමත් පදනමකි:

●     ඉපැයීම (Earn) – ආදායම වැඩි කර ගැනීම සහ විවිධාංගීකරණය කිරීම.

●     වියදම් කළමනාකරණය (Manage Expenses) – වියදම් අවබෝධ කර ගැනීම, අඩු කිරීම සහ ප්‍රශස්තකරණය කිරීම.

●     ඉතිරිකිරීම (Save) – සුරක්ෂිතභාවය සහ විනය සහිත මූල්‍යමය ආරක්ෂණයක් ගොඩනැගීම.

●     ආයෝජනය කිරීම (Invest) – වත්කම් හෝ ව්‍යවසායකත්වය තුළින් ධනය වර්ධනය කිරීම.

මෙම පදනම් කුළුණු හතර ස්වාධීනව නොපවතී. ඒවා අන්තර් සම්බන්ධයක් සහිතය; සැම විටම එක් කුළුණක් අනෙක් කුළුණ ශක්තිමත් කරයි. උදාහරණයක් ලෙස, ආදායමකින් තොරව ඉතිරිකිරීම් තිබිය නොහැක. නමුත් වියදම් කළමනාකරණයකින් තොරව ඉහළ ආදායමක් පවතින අවස්ථාවකත් නාස්තිය සිදු වේ. ඉතිරිකිරීම් ආයෝජනය නොකරන්නේ නම්, මූල්‍ය වර්ධනය එකතැන පල් වේ.

මෙම ආකෘතිය ශ්‍රී ලාංකේය ගෘහස්ථ ජීවිතයේ යථාර්තයකි; එමෙන්ම සංස්කෘතික වශයෙන් මුල් බැස ඇත. එය සාම්ප්‍රදායික පවුල් වටිනාකම්වලට ගරු කරයි. ප්‍රායෝගික ප්‍රඥාව අවධාරණය කරයි. නවීන මූල්‍ය සාක්ෂරතාවයෙන්, නිවැරදි ජීවනෝපාය සහ කළමනාකරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් වැනි ප්‍රතිපත්ති වලින් ද පෝෂණය ලබයි. ඒ අතරම ක්‍රියාකාරීත්වය මත පදනම් වේ: මිනිසුන් සිටින තැනට ගොස් ඔවුන් හමුවන මෙවලම් කට්ටල, වැඩමුළු, ක්ෂුද්‍ර ව්‍යාපාර ආරම්භක අරමුදල් (micro-VC funding) සහ ඩිජිටල් වේදිකා හරහා ඉඩසර එය ලබා දෙනු ලැබේ.

අවසානයේදී, ඉඩසර රාමුව මිනිසුන්ට මුදල් කළමනාකරණය කරන ආකාරය ඉගැන්වීමට වඩා වැඩි යමක් කරයි. එය ඔවුන්ගේ මූල්‍ය කතාව නැවත සිතා බැලීමට ඔවුන් පොළඹවයි. දිවි රැක ගැනීමෙන් සහ යැපීමෙන් ස්වයංපෝෂිතභාවය සහ ඉහළට ගමන් කිරීම දක්වා එය අඛණ්ඩය. අනාගතය කෙරෙහි අවධානය යොමු කරන ගෘහස්ථ ජීවිත ගොඩනගා ගත හැකි නව පරපුරක් සඳහා එයින් අඩිතාලම බැඳෙයි. එකවර එක් පවුලක් ආර්ථික සංවර්ධනයට යොමුවෙයි.

 

මූල්‍ය ගමන් මඟ අවබෝධ කර ගැනීම

මූල්‍ය ස්වාධීනත්වයේ පදනම් කුළුණු හතර ගැන පැහැදිලි කරගැනීමට පෙර, ශ්‍රී ලංකාවේ බොහෝ පුද්ගලයන්ට සහ පවුල්වලට මුහුණ දීමට සිදු වන සැබෑ ලෝකයේ මූල්‍ය ගමන් මඟ පිළිබඳව ගැඹුරු අවධානයක් වෙතට යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. ආර්ථික නිදහස කරා යන ගමන ආරම්භ වන්නේ අයවැයක් හෝ බැංකු ගිණුමක් සමඟ නොවේ. එය ආරම්භ වන්නේ වර්තමාන යථාර්ථයන්, චිත්තවේගීය පීඩනයන් සහ පරම්පරාගත පුරුදු පිළිබඳ  ආවර්ජනයකිනි. ඉඩසර ආරම්භ වන්නේ මෙතැනිනි.

1. ඉහළ අභිලාෂය සහ සීමිත මූල්‍ය සැලසුම්කරණය

රට පුරා ගෘහස්ථ අභ්‍යන්තරයේදී –  ගම්මානවල සිට නාගරික අසල්වැසි ප්‍රදේශ දක්වා මිනිසුන් වඩා හොඳ ජීවිතයක් ගැන සිහින දකිති. දෙමාපියන් තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට කැමැත්තෙන් සිටින අතර, තරුණයෝ හොඳ රැකියා හෝ දියුණු වන ව්‍යාපාර අපේක්ෂා කරති. නිවසක් තැනීමට හෝ වාහනයක් අයිති කර ගැනීමට සිහින දකිති. මෙම අභිලාෂයන් දිගුකාලාලීන මෙන්ම බොහෝ විට හදිසි අවශ්‍යතා ද වේ.

මෙම සිහින තිබියදීත් ව්‍යුහගත මූල්‍ය සැලැස්මකට අනුව ක්‍රියාත්මක නොවේ. ආදායම බොහෝ විට උපයා ගත් වහාම පරිභෝජනය කෙරේ. වියදම් නිරීක්ෂණය නොකෙරේ. ඉතිරිකිරීම් සිදු වෙතොත් අහම්බෙන් මිස හිතාමතා නොවේ. අනාගත අවශ්‍යතා – අසනීපයක්, විවාහයක් හෝ ව්‍යාපාර ආයෝජනයක් වේවා අයවැය ගත කර නොමැති නමුත් අර්බුදකාරී අවස්ථාවලදී පවා ඒවාට ප්‍රතිචාර දක්වනු ලැබේ. එනම් ණ්‍යට ගෙන හෝ වියදම් කෙරේ. එහෙත් සැලැස්මකින් තොරව, බලාපොරොත්තුව පමණක් ප්‍රමාණවත් නොවේ; මිනිසුන් ප්‍රතික්‍රියාකාරී චක්‍රයක සිර වේ. පැහැදිලිකමකින් හෝ පාලනයකින් තොරව ඉපැයීමත් සහ වියදමත් සිදු කෙරේ.

2. සංස්කෘතික පීඩනය සහ වියදම් පුරුදු

ශ්‍රී ලංකාවේ සාරවත් සංස්කෘතික ව්‍යුහය සුන්දරත්වය මෙන්ම පීඩනයක් ද ගෙන එයි. උත්සව අපේක්ෂාවන්, විවාහ මංගල්‍යය, දානමාන, ආගමික උත්සව, සමාජ තත්වය ප්‍රදර්ශනය සඳහා බොහෝ විට සැලකිය යුතු මූල්‍ය පීඩනයක් සහිතව ඉදිරිපත් වේ. බොහෝ පවුල් පෙනුම පවත්වා ගැනීමට තම හැකියාවෙන් ඔබ්බට වියදම් අවශ්‍යතාවයක නිරත වේ. සමාජ විනිශ්චයට හෝ භාහිරින් ආ හැකි අගෞරවයට බිය වේ. තෑගි දීම, උත්සව සඳහා ඇඳුම් පැළඳුම් සහ පාසලට ඇතුළත් කිරීමේ උත්සව හෝ දෑවැදි බැඳීම් වැනි චාරිත්‍ර වාරිත්‍ර නිසා පවුල්වලට හැකියාව නොමැති වුවද ණය ගැනීමට හෝ තීරණාත්මක සංචිත භාවිත කිරීමට සිදුවිය හැකිය. මේ අතර නවීන බලපෑම්, සමාජ මාධ්‍ය, පාරිභෝගික වෙළඳ දැන්වීම් සහ සම වයසේ මිතුරන් හා සසඳා බැලීම් සිදුවේ. මෙහිදී අමතර පීඩනයක් එකතු කරයි. මෙම සංස්කෘතික ගතිකයන් වියදම් කිරීමේ හැසිරීම් ගැඹුරින්, බොහෝ විට අවිඥානිකව හැඩගස්වයි. දැනුවත්භාවය සහ මඟ පෙන්වීමකින් තොරව, ‘පෙනෙන ධනය’ (දුරකථන, ඇඳුම්, උත්සව) සඳහා ‘නොපෙනෙන සුරක්ෂිතභාවයට’ (ඉතිරිකිරීම්, රක්ෂණය, ආයෝජන) වඩා ප්‍රමුඛතාවය දීමට ඉඩ ඇත.

3. මූල්‍ය යැපීම සහ ආර්ථිකව බිඳෙනසුලු බව

බොහෝ ගෘහස්ථ අභ්‍යන්තරයේ ප්‍රධාන ආදායම් උපයන්නා එක පුද්ගලයෙකු පමණි. බොහෝ විට පියා, ස්වාමිපුරුෂයා හෝ වැඩිහිටි පුත්‍රයාය. කාන්තාවන්, විශේෂයෙන් මව්වරුන්, දක්ෂතා හා හැකියාව තිබුණද ආදායම් උපයන්නේ නැත. උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාගවලින් පසු තරුණයින්ට අවස්ථා හෝ මඟ පෙන්වීම් නොමැති නිසා ද එසේ විය හැකිය.

මෙම යැපීම මානසිකව බිඳෙනසුලු බවට මඟ පාදයි. ආදායම් උපයන්නාට රැකියාව අහිමි වුවහොත් හෝ අසනීප වුවහොත්, මුළු පවුලම අවදානමට ලක් වේ. මූල්‍යමය ආරක්ෂණයක් නොමැතිව, සුළු බාධා කිරීම් පවා ණය චක්‍ර, වත්කම් අහිමි වීම හෝ අධ්‍යාපනය අහිමි වීමකට තුඩු දිය හැකිය. තවද, ඉතිරිකිරීම් හෝ විකල්ප ආදායම් මාර්ග නොමැතිකම හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීමට හෝ වර්ධන අවස්ථා අත්පත් කර ගැනීමට අවශ්‍ය පවුලේ හැකියාව සීමා කරයි. සිහින කල් දමන්නේ ඒවාට වටිනාකමක් නැති නිසා නොව ගෘහස්ථ ආර්ථිකය මූල්‍යමය වශයෙන් අවදානමට ලක්ව ඇති නිසාය; ඔරොත්තු දීමේ හැකියාවක් නොමැති බැවිනි.

 

ඉඩසර ප්‍රවේශය: මිනිසුන් සිටින තැනටම ගොස් ඔවුන් හමුවීම

ඉඩසර ආකෘතියේ ආරම්භක ලක්ෂය මෙයයි; දුර්වල මූල්‍ය තීරණ සඳහා පුද්ගලයන්ට දොස් පැවරීම හෝ ඔවුන් ලැජ්ජාවට පත් කිරීම නොව, ඔවුන්ගේ මූල්‍ය හැසිරීම හැඩගස්වන ව්‍යුහාත්මක, චිත්තවේගීය සහ සංස්කෘතික සාධක හඳුනා ගෙන ඊට අනුව විසඳුම් යෝජනා කිරීමයි. ඉඩසර අයවැයකරණය හෝ ආයෝජන පිළිබඳ දේශන සමඟ ආරම්භ නොවේ. ඒ වෙනුවට, එය සවන් දීම, සංවේදනය සහ අදාළත්වය සමඟ ආරම්භ වේ:

●     මුදල් ගැන මිනිසුන් සිතන ආකාරය අවබෝධ කර ගැනීම

●     ඔවුන්ගේ වර්තමාන කරදර සහ බලාපොරොත්තු හඳුනා ගැනීම

●     විනිශ්චයකින් තොරව ඔවුන්ගේ අත්දැකීම් අවධානයට ගැනීම

සම්බන්ධතා විශ්වාසය සහ හවුල් අවබෝධය පදනම් කරගත් මෙම තත්ත්වයෙන් පමණක් ඉදිරි ගමන සඳහා මාර්ග සිතියම මුල් බැස ගත හැකිය. වැඩමුළු, මෙවලම් කට්ටල, කතන්දර කීම සහ ක්ෂුද්‍ර ආයෝජන හරහා, ඉඩසර මිනිසුන්ට පියවරෙන් පියවර පරිවර්තනයකට මෘදු ලෙස මග පෙන්වයි. ක්‍රියාකාරී සැලසුම්කරණය දක්වා, යැපීමෙන් ස්වාධීනත්වය දක්වා සහ කෙටි කාලීන පැවැත්මෙන් දිගු කාලීන සෞභාග්‍ය දක්වා එය දිගු වේ. මෙය හුදෙක් මූල්‍ය අධ්‍යාපනයක් නොවේ. එය සංස්කෘතික අවබෝධය, මනෝවිද්‍යාව සහ සෑම ශ්‍රී ලාංකේය පවුලකටම දියුණු වීමට අවස්ථාවක් ලැබිය යුතු බවට වූ විශ්වාසය මත ගොඩනැගුණු මූල්‍ය ගමන් මඟ නැවත සකස් කිරීමකි.

 

මූල්‍ය ස්වාධීනත්වයේ පදනම් කුළුණු හතර

1: ඉපැයීම (Earn) – ඔබේ ආදායම

‘ඉපැයීම’ මුලින්ම පැමිණෙන්නේ ඇයි

මූල්‍ය ස්වාධීනත්වය ආරම්භ වන්නේ ඉපැයීමේ හැකියාව සමඟයි. ස්ථාවර ආදායමකින් තොරව අනෙකුත් කුළුණු,  එනම් වියදම් කළමනාකරණය, ඉතිරිකිරීම සහ ආයෝජනය වෙත ළඟා විය නොහැකිය. ඉපැයීම යනු ඕනෑම රැකියාවක් සොයා ගැනීම හෝ වැඩි මුදලක් පසුපස හඹා යාම පමණක් නොවේ. එය ආරක්ෂාව සහ වර්ධනය යන දෙකම සපයන උපායමාර්ගික, තිරසාර සහ ඔබේ වටිනාකම් සමඟ ගැළපෙන ආදායම් මාර්ග ගොඩනැගීමයි. ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, බොහෝ පුද්ගලයන් – විශේෂයෙන්ම තරුණ තරුණියන් සහ කාන්තාවන් සඳහා රැකියා අවස්ථා ප්‍රමාණවත් නොවීම, නිපුණතා සහ රැකියා වෙළඳපොළ අවශ්‍යතා අතර නොගැලපීම සහ ව්‍යවසායකත්ව නිරාවරණයක් නොමැතිකම හේතුවෙන් ආදායම් සීමාවන්ට මුහුණ දෙති. ඉඩසර මෙතැනට ආමන්ත්‍රණය කරන්නේ පුද්ගලයන්ට රැකියාව තුළ වර්ධනය වීම, නිපුණතා වැඩි දියුණු කිරීම, අමතර ආදායම් මාර්ග නිර්මාණය කිරීම සහ ව්‍යාපාර ආරම්භ කිරීම යන මාර්ග හතරක් ඔස්සේ ඔවුන්ගේ ආදායම ශක්තිමත් කර ගැනීමට සහ විවිධාංගීකරණය කිරීමට මග පෙන්වීමෙනි.

අ. ඔබේ වෘත්තියෙන් හෝ රැකියාවෙන් දියුණු වන්න

රැකියාවක නියුතු අය, රැකියා ස්ථානය තුළ ආදායම වැඩි කර ගැනීම බොහෝ විට නොසලකා හරී. බොහෝ සේවකයින් ඉලක්ක තබා ගැනීම, ප්‍රතිපෝෂණ ලැබීම හෝ දෘශ්‍යමාන වීම නොමැතිකම හේතුවෙන් තම තනතුරුවල එකතැන පල් වෙති. ඉඩසර මිනිසුන් දිරිමත් කරන්නේ තම වෘත්තීය ගමන් මඟෙහි පාලනය තමන් අතට ගැනීම අවබෝධ කරවීම පිණිසය.

ප්‍රධාන උපාය මාර්ග:

●     යථාර්ථවාදී ආදායම් ඉලක්ක තබා ගන්න: ඔබේ වර්තමාන වැටුප් මට්ටම අවබෝධ කරගෙන, මාස 6ක සහ වසර 1ක ආදායම් අපේක්ෂාවන් නිර්වචනය කරන්න.

●     උසස්වීම් සහ කාර්ය සාධන වර්ධනය අපේක්ෂා කරන්න: අවධානයට ලක්වන තෙක් බලා නොසිටින්න.

●     සක්‍රීයව ඇගයීම් ඉල්ලන්න. වැඩවල ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න. වගකීම් භාර ගැනීමට ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න.

●     වෘත්තීය කීර්තියක් ගොඩනඟා ගන්න: වෙලාවට වැඩ කිරීම, විශ්වසනීයත්වය සහ සන්නිවේදනය බොහෝ දුරට උපකාරී වේ.

●     කට වචනයෙන් ලැබෙන නිර්දේශ සහ වෘත්තීය අඛණ්ඩතාව බොහෝ විට වඩා හොඳ වැටුප් සහිත තනතුරු සඳහා දොරටු විවෘත කරයි.

●     ‘වෘත්තීය ප්‍රගතියේ මඟ සටහන’ පත්‍රිකාව

●     ‘මීළඟ වැටුප් ඉලක්කය’ ගැන ක්‍රියාකාරී සැකිල්ල

 

ආ. ඔබේ නිපුණතා වැඩි දියුණු කර ගන්න

වේගයෙන් වෙනස් වන ලෝකයක, ඔබේ ඉපැයීමේ හැකියාව ඔබේ ඉගෙනුම් ප්‍රයත්නයට සෘජුවම සම්බන්ධ වේ. රැකියා වෙළඳපොළ දැන් භාෂා නිපුණතා, පරිගණක සාක්ෂරතාවය හෝ තාක්ෂණික සහතිකපත් මත අනුවර්තනය අවදානම්සහගතය. ඒ මත ඇති ඉල්ලුම කෙටි කාලපරාසයකදී වෙනස් වෙයි.

ප්‍රධාන උපාය මාර්ග:

●     කෙටි පාඨමාලා සහ වෘත්තීය පුහුණුව සඳහා ලියාපදිංචි වන්න: (සාමාන්‍ය පෙළ අවස්ථාවේම කල්පනාවට ගත හැකි අවස්ථා) මෙයට හෝටල් කළමනාකරණය, ඩිජිටල් අලෙවිකරණය, මැහුම්, ජලනල හෝ පරිගණක අලුත්වැඩියා කිරීම වැනි අවස්ථා ඇතුළත් විය හැකිය. මේ සියල්ලටම ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ශක්තිමත් වෙළඳපොළ ඉල්ලුමක් ඇත.

●     නිපුණතා ඉල්ලුම සමඟ ගළපන්න: හුදෙක් පාඨමාලා හැදෑරීමෙන්ම පලක් නැත.

●     කුමන නිපුණතා සඳහා රැකියා තිබේදැයි අවබෝධ කර ගැනීමට මාර්ගගත රැකියා දැන්වීම්, දේශීය රැකියා ප්‍රදර්ශන හෝ සේවා යෝජකයන් සමඟ සබඳතා පවත්වා ගත යුතුය.

●     මානසිකත්ව වෙනස: ඉගෙනීම සඳහා කාලය ආයෝජනය කිරීම ප්‍රමාදයක් නොවේ. එය වේගවත් කරන්නකි. අද ඉගෙනීම හෙට ආදායම් අවස්ථා නිර්මාණය කරයි. එහෙත් එම ඉගෙනුම් අවස්ථා ගැන ආරම්භයේදීම ගණන් බැලීම අවශ්‍ය වේ.

වැඩමුළු මෙවලම්:

●     ‘නිපුණතා පරතරය ස්වයං තක්සේරුව’

●     ‘ඉගෙනුම් මාර්ග සිතියම’ තමාම සැලසුම්කරු

ඉ. අමතර ආදායම් මාර්ග සංවර්ධනය කරන්න

රැකියාවක් තිබුණද, ඔබේ සියලු ආදායම එක් මූලාශ්‍රයකින් ලැබෙන්නේ නම්, මූල්‍ය ආතතිය පවතී. ඉඩසර මඟ පෙන්වීමේදී ආදායම් විවිධාංගීකරණය ප්‍රවර්ධනය කරයි, එමගින් අවදානම අඩු කර මාසික ආදායම වැඩි කළ හැකිය.

ප්‍රධාන උපාය මාර්ග:

●     අර්ධකාලීන රැකියා සොයා බලන්න: ටියුෂන්, උත්සව සඳහා සේවය සැපයීම, බෙදාහැරීමේ සේවා හෝ දුරස්ථ වැඩ වේදිකා ප්‍රධාන ආදායමට අතිරේකයක් විය හැකිය.

●     ඩිජිටල් නිදහස් සේවය (Digital freelancing): Fiverr, Upwork, Workana හෝ ශ්‍රී ලංකාවේ Facebook සමූහ වැනි වේදිකා මගින් ලිවීම, සංස්කරණය, සැලසුම්කරණය සහ වීඩියෝ සංස්කරණය වැනි නිපුණතා විකිණීමට මිනිසුන්ට ඉඩ සලසයි.

●     කුඩා අමතර ව්‍යාපාරයක් ආරම්භ කරන්න: උදෑසන ආහාර බනිස් විකිණීම, බයිසිකල් අලුත්වැඩියා කිරීම, පැල වගා කිරීම, දේශීය ඉල්ලුම සපුරාලන අඩු ආරම්භක පිරිවැයක් සහිත කුඩා ප්‍රයත්නයන්. තරුණ තරුණියන් සඳහා මඟ පෙන්වීම ආදියට ඔබේ සති අන්ත සහ සවස් වරුවේ කාලය ඥානාන්විතව භාවිතා කරන්න. කුඩා, ස්ථාවර ප්‍රයත්නයක් ශක්තිමත් සහායක් බවට හෝ අනාගත ව්‍යාපාරයක් බවට පත් විය හැකියි.

වැඩමුළු මෙවලම්:

●     ‘ආදායම් මාර්ග සිතියම්කරණ කැන්වසය’

●     ‘අමතර ව්‍යාපාර සඳහා ශක්‍යතා පිරික්සුම’

ඊ. ව්‍යාපාරයක් ආරම්භ කර එය වර්ධනය කරන්න

ව්‍යවසායකත්වය ධනවතුන්ට පමණක් නොවේ. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක ව්‍යාපාර සමහරක් ආරම්භ වූයේ කුස්සිවල, ගෙවතුවල හෝ මහ මඟ තල්ලු රථවලිනි.

ප්‍රධාන උපාය මාර්ග:

●     දේශීය අවශ්‍යතා සහ විශේෂිත වෙළඳපොළවල් හඳුනා ගන්න: පරිසර හිතකාමී බෑග් සඳහා ඉල්ලුමක් තිබේද? ගෙදර හැදූ ආහාර බෙදා හැරීමට මිනිසුන් කැමතිද?

●     මිනිසුන් පැමිණිලි කරන ගැටලුවක් ඔබට විසඳිය හැකිද?

●     සරල ආරම්භයක් ගොඩනඟා ගන්න: එක් නිෂ්පාදනයක් හෝ සේවාවකින් ආරම්භ කරන්න. එය පරීක්ෂා කරන්න. ප්‍රතිපෝෂණ ලබා ගන්න. වැඩි දියුණු කරන්න. නැවත කරන්න.

●     ඉඩසර ක්ෂුද්‍ර VC (වෙන්චර් කැපිටල්) ආකෘතියෙන් ප්‍රයෝජන ගන්න: ඉඩසර මෙවලම් කට්ටල, ව්‍යාපාර පුහුණුව සහ කුඩා පරිමාණ ආරම්භක අරමුදල් ලබා ගැනීමට අවස්ථාව සලසයි. හුදෙක් මුදල් පමණක් නොව, ඥානාන්විතව වර්ධනය වීමට උපායමාර්ගික සහාය ද ලබා දේ.

●     මව්වරුන් සඳහා සහය: ගෙදර පදනම් කරගත් ව්‍යාපාරයකින් පවා ගෞරවය, ආදායම සහ වර්ධනය ලබා ගත හැකියි. ඉඩසර මව්වරුන්ට ඉවුම් පිහුම්, මැහුම් හෝ සංවිධානය කිරීම වැනි නිපුණතා විශ්වාසදායක ආදායම් මාර්ග බවට පරිවර්තනය කිරීමට උපකාරී වේ.

වැඩමුළු මෙවලම්:

●     ‘සරල ව්‍යාපාර සැලැස්ම (සිංහල අනුවාදය)’

●     ‘මගේ පළමු දින 30 සැලසුම’ සැකිල්ල

පළමු කුළුණ නිගමනය: බලගැන්වූ ඉපැයීම

ඉපැයීම යනු ඉඩසර ආකෘතියේ පළමු පියවරයි. නමුත් හුදෙක් ඕනෑම ඉපැයීමක් නොවේ; එය හිතාමතා කළ යුතු, විකාශනය විය යුතු සහ ඔබේ පුද්ගලික වටිනාකම් හා ගෘහස්ථ අරමුණු සමඟ ගැළපෙන එකක් විය යුතුය. ඔබ රැකියාවක නියුතු වුවත්, රැකියා විරහිත වුවත්, අර්ධ වශයෙන් රැකියාවක නියුතු වුවත්, හෝ දැනටමත් ක්ෂුද්‍ර ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා වුවත්, සෑම විටම ඉදිරියට යාමට පියවරක් තිබේ. නිවැරදි මානසිකත්වය, මෙවලම් සහ සහයෝගය සමඟින්, සෑම ශ්‍රී ලාංකේය පවුලකටම මූල්‍ය ස්වාධීනත්වය කරා තම මාර්ගය උපයා ගත හැකියි. එක රැකියාවක්, එක නිපුණතාවක්, එක අමතර වැඩක්, හෝ එක ව්‍යාපාරයක් බැගින් ආදී වශයෙනි.

 

කුළුණ - 2: වියදම් කළමනාකරණය (Manage Expenses) දැනුවත් වන්න, අඩු කරන්න, සහ ප්‍රශස්තකරණය කරන්න

ඉපැයීම මූල්‍ය ස්වාධීනත්වයේ එන්ජිම නම් එය ඔබ පාලනය යටතේ ඇති බව සහතික කරන තිරිංග වියදම් කළමණාකරනයයි. පුද්ගලයෙකු කොපමණ මුදලක් උපයා ගත්තද, දැනුවත්භාවයකින් හා විනයකින් තම වියදම් කළමනාකරණය නොකරන්නේ නම්, ඉතිරිකිරීම් සිදු වන්නේ අහම්බෙන් වන අතර මූල්‍ය වර්ධනයට ළඟා විය නොහැකිය. ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, බොහෝ පුද්ගලයන් සහ පවුල් තම වියදම් නිරීක්ෂණය කිරීම සඳහා කිසිදු ස්ථාවර ක්‍රමවේදයක් අනුගමනය නොකරති. හදිසි මිලදී ගැනීම්, සමාජ පීඩනයන්, චිත්තවේගීය බලපෑම් සහ ඉදිරි සැලසුම් නොමැතිකම හේතුවෙන් වියදම් බොහෝ විට ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආදායම ඉක්මනින් ක්ෂය වේ. සමහර විට මාසය අවසන් වීමට පෙර පවා ඉතිරිකිරීම් හෝ ආයෝජනය සඳහා ඉඩක් ඉතිරි නොවේ.

ඉඩසර වියදම් කළමනාකරණය සඳහා ප්‍රායෝගික හා සංස්කෘතික වශයෙන් සංවේදී ප්‍රවේශයක් අවධාරණය කරයි. එය සරල බව, චර්යාත්මක අවබෝධය සහ පරිභෝජනය පිළිබඳ බෞද්ධ මූලධර්ම තුළ මුල් බැස ඇත. සාක්ෂරතාව ඇති හෝ නැති, ඔන්ලයින් හෝ නොබැඳිව සිටින ඕනෑම අයෙකුට තම මුදල් වියදම් වෙන මාර්ගය පාලනය කර ගැනීමට භාවිතා කළ හැකි මෙවලම් සහ පුරුදු හඳුන්වා දෙයි.

අ. ඔබේ වියදම් නිරීක්ෂණය කර සැලසුම් කරන්න

ඔබට නොපෙනෙන දේ පාලනය කළ නොහැක. වියදම් කළමනාකරණය කිරීමේ පළමු පියවර වන්නේ ඒවා දෘශ්‍යමාන කිරීමයි.

ප්‍රධාන උපාය මාර්ග:

●     සරල සටහන් භාවිතා කරන්න: සටහන් පොතක්, බිත්ති සටහනක් හෝ ලියුම් කවර ක්‍රමයක් දිනපතා සහ සතිපතා වියදම් සටහන් කිරීමට උපකාරී වේ. කිසිදු යෙදුමක් (apps) අවශ්‍ය නොවේ.

●     ජංගම මෙවලම් භාවිතා කරන්න: ස්මාර්ට්ෆෝන් ඇති අයට, වියදම් නිරීක්ෂණ යෙදුම් හෝ ජංගම මුදල් පසුම්බි අයවැයකරණය ස්වයංක්‍රීය කිරීමට සහ අධික වියදම් පිළිබඳව දැනුම් දීමට හැකිය.

●     රටා සහ කාන්දු හඳුනා ගන්න: සෑම සතියකම අවසානයේදී අසන්න: මගේ මුදල් වැඩිපුරම වියදම් වූයේ මොනවාටද? මඟ හැරිය හැකි වියදම් මොනවාද? බොහෝ නිවැසියන් දින 30ක් නිරීක්ෂණය කරන තුරු ‘කුඩා’ දේවල් සඳහා කොපමණ මුදලක් වියදම් කරනවාද කියා නොදනිති. කෙටි ආහාර, ජංගම දුරකථන රීලෝඩ්, ත්‍රී රෝද රථ ගමන්. පළමු ඉතිරිකිරීමේ අවස්ථාව ඇත්තේ මෙතැනය.

වැඩමුළු මෙවලම් අදහස්:

●     මුද්‍රණය කළ හැකි ‘දින 30 වියදම් නිරීක්ෂණය’

●     ‘කාන්දු හඳුනාගැනීමේ’ අභ්‍යාසය: නැවත නැවත සිදුවන, අත්‍යවශ්‍ය නොවන වියදම් 5ක් ලකුණු කරන්න.

ආ. තෙවදෑරුම් රාමුව යොදන්න (Essentials, Stability Needs, Lifestyle Choices)

ඉඩසර වියදම් ඇගයීම සඳහා සරල නමුත් බලවත් ආකෘතියක් උගන්වයි: මෙම රාමුව අඩු ආදායමක් ඇති විට පවා පැහැදිලිකමකින් යුතුව වියදම් ප්‍රමුඛතාවය දීමට මිනිසුන්ට උපකාරී වේ.

මට්ටම්:

●     අත්‍යාවශ්‍ය දේ (Essentials) මේවා මඟහැරිය නොහැකි දිවි රැක ගැනීමේ අවශ්‍යතා වේ:

○     ආහාර

○     සෞඛ්‍ය සහ ඖෂධ

○     දරුවන්ගේ හෝ තමන්ගේ අධ්‍යාපනය

●     ස්ථාවරත්වය සඳහා අවශ්‍ය දේ (Stability Needs) මේවා ජීවනෝපායට උපකාර වන දේ වේ:

○     නිවාස (කුලිය හෝ ණය)

○     ප්‍රවාහනය (පොදු, ඉන්ධන, වාහන නඩත්තුව)

○     සම්බන්ධතාවය (ජංගම දුරකථන, අන්තර්ජාලය – විශේෂයෙන් රැකියා/අධ්‍යයන සඳහා)

●     ජීවන රටා තේරීම් (Lifestyle Choices) මේවා අත්‍යවශ්‍ය නොවන වියදම් වේ:

○     අවශ්‍යතාවයෙන් ඔබ්බට ඇඳුම් පැළඳුම්

○     සන්නාමගත භාණ්ඩ, රූපලාවණ්‍ය ද්‍රව්‍ය

○     සමාජ උත්සව, පිටතින් ගන්නා ආහාර, දුරකථන අළුත්වැඩියා වියදම් ආදිය ගැන සෑම රුපියලක්ම වර්ගීකරණය කිරීමේදී වඩාත් පැහැදිලිව දැකීමට සහ හදිසි අවශ්‍යතාවයන්ට හිතාමතා තීරණ ගැනීමට පටන් ගනී.

○     බෞද්ධ ආදර්ශය: මෙය අන්ත දෙකටම නොයා මැද මාවත (මජ්ඣිම පටිපදා) පිළිබිඹු කරයි. අධික ලෙස භුක්ති විඳීමෙන් සහ අන්ත හිඟකමෙන් වැළකීම.

වැඩමුළු මෙවලම්:

●     ‘අවශ්‍යතා එදිරිව ආශාවන් වර්ගීකරණ ක්‍රීඩාව’

●     දෘශ්‍ය බිත්ති සටහන: මට්ටම 1, මට්ටම 2, මට්ටම 3 නිරීක්ෂණය

ඉ. හිතාමතා වියදම් කරන්න

වියදම් දෘශ්‍යමාන කර වර්ගීකරණය කළ පසු, ඊළඟ පියවර වන්නේ හැසිරීම වෙනස් කිරීමයි. හදිසි සහ ප්‍රතික්‍රියාකාරී වියදම් කිරීමෙන් සිතාමතා සහ වටිනාකම් මත පදනම් වූ වියදම් කිරීම දක්වාය.

ප්‍රධාන උපාය මාර්ග:

●     අවශ්‍යතා ප්‍රමුඛ කරන්න. ආශාවන් ප්‍රමාද කරන්න. ආදායම අඩු නම්, මුලින්ම පළමු මට්ටම ආවරණය කරන්න. කුඩා මිලදී ගැනීම් සඳහා පවා ක්ෂණික තෘප්තිය ප්‍රමාද කිරීමේ පුරුද්ද පුහුණු වන්න.

●     සිතමින් පරිභෝජනය පුහුණු වන්න, ඔබගෙන්ම විනසන්න:

○     අසන්න: "මට මෙය අවශ්‍යද, නැතිනම් මට මෙය අවශ්‍යද?"

○     අසන්න: "මිලදී ගැනීමට පෙර මට සතියක් බලා සිටිය හැකිද?"

○     අසන්න: "මෙම භාණ්ඩය දිගුකාලීන වටිනාකමක් ගෙන එයිද, නැතිනම් හුදෙක් කෙටි කාලීන හැඟීමක් පමණක්ද?"

●     පවුලේ වියදම් සැලසුම් මෙවලම් භාවිතා කරන්න: වියදම් ගැන එක්ව සාකච්ඡා කරන්න. සියලු දෙනාම අදහස් සහ ඉලක්ක සඳහා දායක වන මාසික පවුල් අයවැය සාදන්න. මෙය වගවීම සහ එකමුතුකම ඇති කරයි.

●     සංස්කෘතික සංවේදීතාව: බොහෝ ශ්‍රී ලාංකේය නිවාස තුළ සමාජ තත්වය රැකගැනීම සඳහා වන පීඩනය වියදම් අධික වීමට හේතු වේ. විශේෂයෙන්ම විවාහ මංගල්‍යයන්, දානමාන හෝ පාසල් උත්සව වලදී. ඉඩසර ප්‍රවේශය වන්නේ සම්ප්‍රදායන්ට ගරු කරමින් සමතුලිතතාවය දිරිගැන්වීමයි.

 

 

වැඩමුළු ක්‍රියාකාරකම්:

●     "සතියක විරාම අභියෝගය" (සතියකට අත්‍යවශ්‍ය නොවන කිසිවක් මිලදී නොගැනීමට කැපවීම)

●     කණ්ඩායම් සාකච්ඡාව: වියදම් සම්බන්ධයෙන් සමාජ පීඩනය හසුරුවන්නේ කෙසේද

අවසාන අවබෝධය: කුඩා කාන්දු විශාල නැව් ගිල්වයි

වියදම් පාලනය කිරීම කෑදරකම නොවේ. එය ඉතිරිකිරීම, ආයෝජනය සහ දිගුකාලීන මානසික සාමය සඳහා ඉඩ නිදහස් කිරීමකි. එය පවුල බලගන්වයි:

●     අනවශ්‍ය ණය වළක්වා ගැනීමට

●     භීතියකින් තොරව හදිසි අවස්ථා හැසිරවීමට

●     අර්ථවත් ඉලක්ක සඳහා සැලසුම් කිරීමට

අධ්‍යාපනය, නිවාස, සෞඛ්‍ය, සහ ව්‍යවසායකත්වය සඳහා පවුල් තම ආදායමට වඩා අඩුවෙන් වියදම් කිරීමට සහ ඉතිරි මුදල හිතාමතා ඉතිරි කිරීමට ඉගෙන ගන්නා විට, ඔවුන් බිඳෙනසුලු තත්වයෙන් මූල්‍යමය වශයෙන් ශක්තිමත් යෝග්‍ය තත්වයකට මාරු වේ. මෙය මීළඟ කුළුණු දෙක සඳහා අඩිතාලම දමන විනයයි: එනම් ඉතිරිකිරීම සහ ආයෝජනය කිරීමය.

 

තෙවන කුළුණ 3: ඉතිරිකිරීම (Save) – ආරක්ෂක දැලක් සහ මූල්‍ය රක්ෂණයක් ගොඩනඟා ගන්න

‘ඉතිරි කළ යුත්තේ වියදම් කිරීමෙන් පසු ඉතිරි වන දේ නොවේ; වියදම් කළ යුත්තේ ඉතිරි කිරීමෙන් පසුවයි.’

– වොරන් බෆට්

 

ඉපැයීම එන්ජිම නම් සහ වියදම් පාලන තිරිංගය නම්, ඉතිරිකිරීම් යනු ආරක්ෂක පටියයි. යම් දේවල් වැරදී ගිය විට එය ඔබව ආරක්ෂා කරයි. ඔබට මානසික සාමය ලබා දෙයි; සහ දිගුකාලීන වර්ධනය සඳහා ගම්‍යතාවයක් ඇති කරයි. ශ්‍රී ලංකාවේ, බොහෝ නිවැසියන් මාසයෙන් මාසයට කටයුතු කරන්නේ සුළු ඉතිරිකිරීම් හෝ කිසිසේත් ඉතිරිකිරීම් නොමැතිවය. පවුලේ අසනීප, ආදායම් අහිමි වීම, හදිසි අවස්ථා හෝ ගෙවීම් වල සුළු ප්‍රමාදයන්ට පවා ගොදුරු වීමට මෙම පසුබිම හේතු වේ. ඉඩසර ඉතිරිකිරීම උගන්වන්නේ සුඛෝපභෝගී දෙයක් ලෙස නොව, නිදහස ගොඩනඟන පුරුද්දක් ලෙසය. එය ආර්ථිකව බිඳෙනසුලු බව මූල්‍යමය ඔරොත්තු දීමේ හැකියාවක් බවට පරිවර්තනය කරන පුරුද්දයි. වඩා වැදගත් වන්නේ, බියෙන් තොරව ආයෝජනය කිරීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ නිර්භීත වෘත්තීය පියවර ගැනීමට එයින් දොර විවෘත වීමයි.

අ. ඉතිරිකිරීමේ සමීකරණය අවබෝධ කර ගන්න. එහි හරය ඉතිරි කිරීමයි: ඉතිරිකිරීම = ආදායම - වියදම්.

මෙය පැහැදිලිව පෙනෙන නමුත්, බොහෝ අය විශ්වාස කරන්නේ තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් උපයා නොගන්නා නිසා ඉතිරි කිරීමට නොහැකි බවයි. සත්‍ය නම්, බොහෝ නිවැසියන්ට ආදායම් සහ වියදම් යන දෙකෙහිම සුළු වෙනස්කම් කිරීමෙන් ඉතිරි කිරීම ආරම්භ කළ හැකියි. සතියකට රු. 100ක් වැනි සුළු මුදලක් පවා ස්ථාවරව සහ හිතාමතා සිදු කළ විට කාලයත් සමඟ එකතු වේ.

ප්‍රධාන අදහස්:

●     ප්‍රමාණයට වඩා ස්ථාවරත්වය වැදගත්: සතියකට රු. 500ක් ඉතිරි කිරීමෙන් වසරකට රු. 26,000ක් ලැබේ. කුඩා හදිසි අවස්ථා හසුරුවා ගැනීමට හෝ අමතර ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එය ප්‍රමාණවත්ය.

●     ඉතිරිකිරීම් පළමුව මිස අවසානයේ දී නොවේ: ‘මුලින්ම ඔබටම ගෙවන්න’ යන ප්‍රවේශය අනුගමනය කරන්න. සෑම මසකම ඉතිරි කිරීමට ස්ථාවර මුදලක් හෝ ප්‍රතිශතයක් තීරණය කර වියදම් කිරීමට පෙර එය වෙනම ගිණුමකට මාරු කරන්න.

●     විනය ගොඩනඟා ගන්න: ඉතිරිකිරීම යනු මාසය අවසානයේ ඉතිරි වන දේ නොවේ එය මඟ හැරිය නොහැකි පුරුද්දකි.

වැඩමුළු මෙවලම්:

●     ‘ඉතිරිකිරීමේ සමීකරණය පිළිබිඹු කිරීමේ පත්‍රිකාව’

●     ‘වසරක කුඩා පියවර ඉතිරිකිරීම් නිරීක්ෂණය’

ආ. සමීකරණයේ දෙපැත්තම වැඩි දියුණු කරන්න

ඵලදායීව ඉතිරි කිරීමට නම්, ඔබ සමීකරණයේ දෙපැත්තම මත වැඩ කළ යුතුය. ආදායම හෝ වියදම් පමණක් නොව, දෙකම එකවර අනුගමනය කළ යුතුය.

ආදායම වැඩි කිරීම:

●     කුඩා වැඩ හෝ අර්ධකාලීන රැකියා කරන්න

●     ගෙදර හැදූ දේවල් හෝ දේශීය සේවා විකුණන්න

●     ඔබේ දැනට පවතින නිපුණතා (මැහුම්, ටියුෂන්, අලුත්වැඩියා කිරීම) භාවිතා කර සතියකට අමතර රු. 500–1,000ක් උපයන්න.

අත්‍යවශ්‍ය නොවන වියදම් අඩු කිරීම:

●     ‘කාන්දු’ කපා හරින්න (පිටතින් ගන්නා ආහාර, හදිසි මිලදී ගැනීම්)

●     ක්ෂණික තෘප්තිය ප්‍රමාද කරන්න – යමක් මිලදී ගැනීමට දින 7ක් බලා සිටිය හැකි නම්, ඔබට බොහෝ විට එය අවශ්‍ය නොවේ.

●     තෙවදෑරුම් වියදම් රාමුව භාවිතා කරන්න (අවශ්‍යතා / ස්ථාවරත්වය / ජීවන රටාව) මානසිකත්ව වෙනස: ඉතිරිකිරීම යනු කැපකිරීමක් නොවේ. එය ඔබේ අනාගතය ප්‍රමුඛ කිරීමකි. ඉතිරිකිරීම් ස්වයං රැකවරණය ලෙස දැකීමට පටන් ගන්නා විට, එයට පුරුදු වීම පහසු වේ. මෙවලම් සහ ක්‍රියාකාරකම්:

●     ‘ද්විත්ව ක්‍රියාකාරී සැලසුම’ (තීරු දෙකේ වැඩ පත්‍රිකාව: මේ මාසයේ මම ආදායම වැඩි කර ගන්නේ කෙසේද? නාස්තිය අඩු කර ගන්නේ කෙසේද?)

●     සතිපතා ඉතිරිකිරීමේ අභියෝගය (කුඩා ක්‍රියා එකතු වන්නේ කෙසේදැයි නිරීක්ෂණය කරන්න)

ඉ. ආරක්ෂණයක් සාදන්න

මෙය ඉතිරිකිරීම පරිවර්තනීය වන තැනයි. කුඩා මුදල් ඉතිරි කිරීමට අමතරව, ඉඩසර ‘ආරක්ෂණය’ යන සංකල්පය හඳුන්වා දෙයි. ඔබ සහ ඔබේ පවුල කම්පනයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔබ වෙන් කර තබන මුදල් ආරක්ෂණයයි.

ඉලක්කය: මට්ටම 1 හි මාස 6ක වියදම්

●     මට්ටම 1 = ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය, සහ මූලික උපයෝගිතා

●     ඔබේ මාසික අත්‍යවශ්‍ය වියදම් රු. 25,000 නම්, ඔබේ ආරක්ෂණ ඉලක්කය විය යුත්තේ: රු. 25,000 × 6 = රු. 150,000. ඔබ මෙයට වහාම ළඟා නොවනු ඇත. නමුත් මෙම අරමුදල ක්‍රමානුකූලව ගොඩනැගෙනු ඇත.

●     මානසික සාමය: අසනීප, රැකියා අහිමි වීම හෝ ආර්ථික කම්පන වලදී එවිට භීතියක් ඇති නොවේ.

●     අවදානම් ගැනීමට නිදහස: ව්‍යාපාරයක් ආරම්භ කරන්න ට හෝ රැකියාව වෙනස් කරන්න හෝ ආයෝජනය කරන්නට හෝ පසුබට නොවේ.

●     ශක්තිමත් පවුල් සුරක්ෂිතභාවය: දුෂ්කර මාසවලදී පවා දරුවන්ට අධ්‍යාපනය දිගටම කරගෙන යා හැකියි.

ප්‍රායෝගික පියවර:

●     ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කරන්න (ATM ප්‍රවේශයක් නොමැති)

●     කුඩා මාසික මාරු කිරීම් ස්වයංක්‍රීය කරන්න (උදා: මසකට රු. 2,000)

●     පෙළඹවීම සඳහා දෘශ්‍ය නිරීක්ෂණ භාවිතා කරන්න

වැඩමුළු මෙවලම්:

●     ‘හදිසි ආරක්ෂණ ගණනය’ (මාසික වියදම් ඇතුළත් පත්‍රිකාව)

●     ‘මාස 6 ඉලක්ක නිරීක්ෂණය’ (බිත්ති සටහනක් හෝ ජංගම දුරකථනයට සුදුසු මුද්‍රණයක්)

අවසාන අවබෝධය: ඉතිරිකිරීම් යනු පවතින තැන සිට අවස්ථාව උදාවීම දක්වා වූ පාලමයි.

ඉතිරිකිරීම යනු අද කළමනාකරණය කිරීම පමණක් නොවේ; හෙට දවස සැලසුම් කිරීමකි. එය ඔබට සාමකාමීව නිදා ගැනීමට, නිර්භීතව සැලසුම් කිරීමට සහ පසුබෑම් වලින් ඉක්මනින් යථා තත්ත්වයට පත් වීමට ඉඩ සලසන ආරක්ෂණයක් ගොඩනැගීමකි. නිවැරදි මානසිකත්වය සහ මෙවලම් සමඟින්, ආදායම කුමක් වුවත් ඕනෑම අයෙකුට ඉතිරිකිරීමේ පුරුද්දක් ගොඩනඟා ගත හැකියි. ගෘහ සේවිකාවකට, ත්‍රී රෝද රථ රියදුරෙකුට හෝ කුඩා කඩ හිමියෙකුට පවා කාලයත් සමඟ මූල්‍ය රක්ෂණයක් ගොඩනඟා ගත හැකියි. මෙය ඉඩසර තෙවන කුළුණ පොරොන්දුවයි: සෑම නිවැසියකුටම හුස්ම ගැනීමට, වර්ධනය වීමට, සහ දියුණු වීමට මූල්‍යමය ඉඩක් නිර්මාණය කිරීමට උපකාර කිරීමකි.

 

කුළුණ 4: ආයෝජනය (Invest) – ආදායමෙන් ඔබ්බට වර්ධනය වන්න

‘මුදල් වෙනුවෙන් වැඩ නොකරන්න. මුදල් ඔබ වෙනුවෙන් වැඩ කිරීමට සලස්වන්න.’

ඉපැයීම ඔබට ජීවත් වීමට උපකාරී වේ. ඉතිරි කිරීම ඔබට හුස්ම ගැනීමට උපකාරී වේ. එසේම ආයෝජනය ඔබට වර්ධනය වීමට උපකාරී වේ. ආයෝජනය යනු ඉඩසර මූල්‍ය ස්වාධීනත්ව ආකෘතියේ සිව්වන සහ අවසාන කුළුණ වන අතර එය පුද්ගලයන්ට සහ පවුල්වලට මූල්‍ය ස්ථාවරත්වයෙන් දිගුකාලීන සෞභාග්‍යය, ඔරොත්තු දීමේ හැකියාව සහ නිදහස කරා යාමට ඉඩ සලසයි.

ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භය තුළ ආයෝජනය බොහෝ විට වැරදි ලෙස තේරුම් ගෙන ඇත. බොහෝ දෙනෙකුට, ‘ආයෝජනය කිරීම’ යනු ධනවතුන් පමණක් කරන දෙයකි; ආයෝජනය යනු ඉඩම් මිලදී ගැනීම, මහල් නිවාස තැනීම හෝ කොටස් වෙළඳපොළේ වෙළඳාම් කිරීම වැනි දේ පමණක් නොවේ. ආයෝජනය යනු හිතාමතා ගන්නා තීරණ හරහා ඔබේ මුදල් වර්ධනය කිරීමට සැලැස්වීමයි. මාසයකට රු. 1,000ක් ස්ථාවර තැන්පතුවක තැබීම, කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ ප්‍රජා ඉතිරිකිරීම් කවයක අරමුදල් එක් කිරීම ලෙස ආයෝජනය සෑම කෙනෙකුටම කළ හැකිය. වැදගත් වන්නේ ඒ පිටුපස ඇති මානසිකත්වය, විනය සහ උපාය මාර්ගයයි.

අ. ආරක්ෂණයෙන් පසුව පමණක් ගොඩනඟා ගන්න

ආයෝජනය ගැන සිතීමට පෙර, මුලින්ම ඔබේ මූල්‍ය තත්ත්වය පිළිවෙලකට ඇති බව සහතික කර ගත යුතුය. එනම්:

●     ඔබට ස්ථාවර ආදායම් මාර්ගයක් ඇත

●     ඔබ අර්බුදකාරී ණය තත්වයක නැත

●     ඔබට අත්‍යාවශ්‍ය වියදම් සඳහා අවම වශයෙන් මාස 3-6ක ඉතිරිකිරීමේ රක්ෂණයක් ඇත.

මෙම සහතිකය අවශ්‍ය ඇයි?

●     ආයෝජනයක නිරතව සිටියදීත් අවදානම් කාල පැමිණේ. ඔබට ඔබ ගැන සහතිකය ඇති විට හදිසි අවස්ථාවකදී ආයෝජනයක් විකුණා දැමීමට අවශ්‍ය නොවනු ඇත. එසේ වුවහොත් අරමුණ පරාජය කරන අතර පාඩුවක් විය හැකිය.

ප්‍රධාන මූලධර්මය: පළමුව ස්ථාවරත්වය. ඔබේ ආරක්ෂක දැල ශක්තිමත් වූ පසුව පමණක් ආයෝජනය ආරම්භ කළ යුතුය. එවිට ඔබට විශ්වාසයෙන් හා ඉවසීමෙන් ආයෝජනය කළ හැකිය.

ආ. ඔබේ ආයෝජන විකල්ප අවබෝධ කර ගන්න

සාම්ප්‍රදායික වත්කම් මත පදනම් වූ ආයෝජන සහ ව්‍යවසායකත්වය මත පදනම් වූ ආයෝජන යන දෙකම ගවේෂණය කිරීමට ඉඩසර උපකාරී වේ.

වත්කම් මත පදනම් වූ ආයෝජන:

●     ස්ථාවර තැන්පතු: අඩු අවදානම් සහ විශ්වාසදායක, විශේෂයෙන් මධ්‍යකාලීන අවශ්‍යතා සඳහා ඉතිරි කිරීමේදී.

●     රත්‍රන්: ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ධනය ආරක්ෂා කෙරෙන ආකාරයකි. නමුත් වෙළඳපොළ උච්චාවචනයන්ට යටත් වේ.

●     ඉඩම්: දිගුකාලීන වර්ධනයට වටිනා, විශේෂයෙන් ඉහළ විභවයක් ඇති ප්‍රදේශවල; නමුත් ප්‍රාග්ධනය සහ ඉවසීම අවශ්‍ය වේ.

●     රජයේ බැඳුම්කර හෝ භාණ්ඩාගාර බිල්පත්: සුළු නමුත් ස්ථාවර ප්‍රතිලාභ සහිත ආරක්ෂිත විකල්පයකි.

ස්ථාවරත්වයට වඩා වේගය කැමති අයට සහ වසර ගණනාවක් සඳහා වෙන් කර තැබීමට ප්‍රමාණවත් මුදල් ඇති අයට මෙවැනි අවස්ථා වඩාත් සුදුසු වේ.

ආයෝජනයක් ලෙස ව්‍යවසායකත්වය:

ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ එයට අරමුදල් සැපයීම ආයෝජනයේ තවත් ආකාරයකි. එහි ඉහළ ප්‍රතිලාභ ලැබීමේ විභවයක් ඇත. නමුත් වැඩි සම්බන්ධයක් හා අවදානමක් ද ඇත.

ඔබට ආයෝජනය කළ හැකි අවස්ථා:

●     ඔබේම ව්‍යාපාරයක (උදා: මැහුම් කඩයක්, බේකරියක්, ත්‍රී රෝද රථයක්)

●     වෙනත් අයෙකුගේ ව්‍යාපාරයක (උදා: මිතුරෙකුගේ ආහාර බෙදා හැරීමේ ව්‍යාපාරයක්)

●     ප්‍රජා ව්‍යාපාර (උදා: සම හිමිකාරීත්වයේ කඩයක්, කණ්ඩායම් කෘෂිකර්මාන්තය) නිවැරදි සැලසුම්කරණය සහ සහයෝගය සමඟින්, මෙම ආයෝජන ආදායම් මෙන්ම දේශීය රැකියා ද නිර්මාණය කරයි.

ඉ. ව්‍යාපාර සහ ව්‍යවසායකත්වයේ මූලික කරුණු

බොහෝ ව්‍යාපාර අසාර්ථක වන්නේ නිෂ්පාදනය දුර්වල නිසා නොව මුදල් හෝ ගනුදෙනුකරුවන් කළමනාකරණය කරන්නේ කෙසේදැයි නොදන්නා නිසාය. ව්‍යාපාර හරහා ධනය වර්ධනය කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබ දැනගත යුතු දේ මෙන්න:

●     ලාභය යනු කුමක්ද? ආදායම - වියදම් = ලාභය. ඔබ කොපමණ මුදලක් උපයනවාද යන්න නොව, ඔබ කොපමණ ඉතිරි කරනවාද යන්න වැදගත් වේ.

●     පාරිභෝගික වටිනාකම යනු කුමක්ද? ඔබ සැබෑ අවශ්‍යතාවයක් විසඳිය යුතුය. සාධාරණ මිලක් ලබා දිය යුතුය. නැවත පැමිණීමට තරම් පාරිභෝගිකයා සතුටු කළ යුතුය.

●     ඔබ නිවැරදිව මිල නියම කරන්නේ කෙසේද? මිලකරණය වියදම් ආවරණය කළ යුතුය. ලාභයක් ජනනය කළ යුතුය. තරගකාරී විය යුතුය.

●     ස්ථාවර සහ විචල්‍ය වියදම් මොනවාද? කුලී, විදුලිය, භාවිත ද්‍රව්‍ය සහ වැටුප් මොනවාදැයි අවබෝධ කර ගන්න. ලාභය වැඩි දියුණු කිරීමට ඉඩසර පුද්ගලයන්ට ජංගම යෙදුම්, මුද්‍රිත ලෙජර් සහ පුහුණු කිරීම් භාවිතා කරමින් මෙම මූලික කරුණු නිරීක්ෂණය කිරීමට උපකාරී වන සරල මෙවලම් සහ පුහුණුව ලබා දේ.

වැඩමුළු මෙවලම්:

●     ‘මගේ ව්‍යාපාර ලාභ සිතියම’ (වැඩ පත්‍රිකාව)

●     ‘මිල නියම කිරීමේ තීරණ සටහන’

●     ‘ලාභය ලැබීමට අවම අලෙවිය ගණනය කිරීම’ (Break-Even Calculator)

ඊ. ප්‍රජා පාදක ප්‍රාග්ධන ආකෘති භාවිතා කරන්න

ණය උගුල්වලින් හෝ බැංකු නිලධාරීවාදයෙන් තොරව ප්‍රාග්ධනයට ප්‍රවේශ වීම ඉඩසර හඳුන්වා දෙන නව සංවර්ධන මාවත්වලින් එකකි.

විකල්ප:

●     ක්ෂුද්‍ර VC (ව්‍යවසායක ප්‍රාග්ධනය): ණය ලබා දෙනවා වෙනුවට, ආදායම් කොටසකට හෝ සන්ධිස්ථාන මත පදනම් වූ ගෙවීමකට ප්‍රතිචාර වශයෙන් කුඩා ප්‍රාග්ධන මුදල් ඉඩසර වෙතින් (රු. 10,000-50,000) ලබා දේ.

●     ඉතිරිකිරීම් කව: කණ්ඩායමක් එක්ව ඉතිරි කර එකිනෙකාගේ ව්‍යාපාර සඳහා සහය වීම ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සම්ප්‍රදායකි.

●     භ්‍රමණය වන ණය කව: එක් එක් සාමාජිකයාට අරමුදලින් ණය ගැනීමට අවස්ථාවක් ලැබේ; වගවීම ගොඩනඟා ඇත.

●     බලපෑම් අරමුදල් (Impact Funds): ප්‍රජා ව්‍යාපාර සඳහා සම ආයෝජනයට රාජ්‍ය නොවන සංවිධාන, ආයතනික සමාජ වගකීම් වැඩසටහන් හෝ පරිත්‍යාගශීලීන් සමඟ හවුල් වීම. මෙම ආකෘති ආයෝජනය සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් තොර, සම්බන්ධතා මත පදනම් වූ සහ විශ්වාසය මත පදනම් වූවක් බවට පත් කරයි. එය ණය ලකුණු හෝ ඇපකර මත රඳා නොපවතී.

අවසාන අවබෝධය: ඔබේ අනාගතය විවෘත කිරීමට ආයෝජනය කරන්න.

සැබෑ මූල්‍ය ස්වාධීනත්වයක් ගොඩනැගීමට නම් අවසානයේදී ඔබ ආදායමෙන් වත්කම් වෙත මාරු විය යුතුය. ආදායම හා වත්කම් යනු පැතිකඩ දෙකක් බව අවබෝධ කර ගත යුතුය. ඔබේ කාලය සමඟ මුදල් ඉපැයීම, මුදල් ඔබ වෙනුවෙන් වැඩ කිරීමට සැලැස්වීම දක්වා එය පැතිරෙනු ඇත. ඔබ කුඩාවට ආරම්භ කළද ආයෝජනය කිරීමේ විනය ඇති කරයි.

●     නිෂ්ක්‍රීයව වර්ධනය වන ධනය

●     උරුමයක් තැබීමේ හැකියාව

●     ඔබේ වැඩ සහ මාවත තෝරා ගැනීමේ නිදහස

ඉඩසර මෙහෙවර වන්නේ මෙය ඉගැන්වීම පමණක් නොවේ. අරගල කිරීමේ සිට දිවි රැක ගැනීම දක්වා, දිවි රැක ගැනීමෙන් ඉතිරිකිරීම් දක්වා සහ ඉතිරිකිරීම් වලින් දියුණු වීම දක්වා වූ ගමනේදී සෑම ශ්‍රී ලාංකේය පවුලක් සමඟම ගමන් කිරීමයි. ඉඩසර හැම විටම සමාජ සත්කාරය ප්‍රමුඛ කරන අතර මූල්‍ය සාක්ෂරතාව ගැන උපදෙස් දීමට හෝ මූල්‍ය‍ පහසුකම් සැපයීමට හෝ සීමා නොවේ.

 

3: මානසිකත්වය සහ අභිප්‍රේරණය (Mindset and Motivation)

අපි මූල්‍ය ස්වාධීනත්වය ගැන කතා කරන විට, බොහෝ දෙනෙක් ක්ෂණිකව සිතන්නේ මුදල් ගැනය පමණි. ආදායම, වියදම, ඉතිරිකිරීම සහ ආයෝජන යන අංශ හතරම ඊට අයත් ය. නමුත් ඒ කිසිවක් ගැන හිතන්නට පෙර, ඊටත් වඩා බලවත් හා අත්‍යවශ්‍ය දෙයක් අප ගොඩනඟා ගත යුතුය.

නිවැරදි මානසිකත්වය: මුදල් හුදෙක් ගණිත ගැටලුවක් නොවේ. එය චිත්තාවේගීය වේ. මුදල් සමඟ අපගේ සම්බන්ධතාවය හැඩගැසෙන්නේ අප හැදී වැඩුණු පරිසරය, අතීත වැරදි - අත්දැකීම්, සංස්කෘතික විශ්වාසයන් මගිනි. බොහෝ ශ්‍රී ලාංකිකයන් සඳහා, විශේෂයෙන්ම දරිද්‍රිතාවය, ණය හෝ මූල්‍ය යැපීම සමඟ අරගල කළ අය සඳහා, මූල්‍ය ස්වාධීනත්වය කරා යන ගමන අවහිර වන්නේ අවස්ථා නොමැතිකමෙන් නොව, බිය, ලැජ්ජාව හෝ සීමාකාරී විශ්වාසයන් මගිනි. මෙවලම් ලබා දීමට හෝ අයවැයකරණය ඉගැන්වීමට පෙර, පුද්ගලයන්ට තම විශ්වාසය නැවත සකස් කිරීමට, ස්වයං වටිනාකම ගොඩනැගීමට සහ වර්ධනය වීමට ඇති තම හැකියාව සමඟ නැවත සම්බන්ධ වීමට ඉඩසර උදව් කරන්නෙමු.

1. මුදල් සම්බන්ධ බිය, ලැජ්ජාව හෝ වරදකාරී හැඟීම් ජය ගැනීම

බොහෝ අය මුදල් සම්බන්ධයෙන් නොපෙනෙන චිත්තවේගීය බරක් දරති:

●     අසාර්ථක වීමේ හෝ සියල්ල අහිමි වීමේ බිය

●     අතීත මූල්‍ය වැරදි හෝ ණය පිළිබඳ ලැජ්ජාව

●     වියදම් කිරීම හෝ ප්‍රමාණවත් ලෙස උපයා නොගැනීම පිළිබඳ වරදකාරී හැඟීම

මෙම හැඟීම් ක්‍රියාව අඩපණ කළ හැකිය. හිඟකම හෝ ප්‍රමාණවත් නොවීම සිහිපත් කරන නිසා මිනිසුන් තම බැංකු ශේෂය බැලීම මග හැරීමට, උපකාර ඉල්ලා සිටීම ප්‍රමාද කිරීමට, හෝ අයවැයකරණය අතහැර දැමීමට ඉඩ ඇත. ඉඩසර ඊට මුහුණ දීමට උගන්වයි:

●     සංවේදී වගවීම: අතීත වැරදි සඳහා ඔබ ඔබටම සමාව දෙන්න. ඉගෙන ගෙන ඉදිරියට යන්න.

●     චිත්තාවේගයන්ට ඔරොත්තු දීමේ හැකියාව: සෑම කෙනෙකුම යම් අවස්ථාවකදී මුදල් සමඟ අරගල කරන බව තේරුම් ගන්න. එහෙත් නැවත ආරම්භ කිරීමට කිසි විටෙක ප්‍රමාද නැත.

●     පරිපූර්ණත්වය නොව ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරන්න: ඔබ සියල්ල නිවැරදිව කළ යුතු නැත. හුදෙක් ඉදිරියට යමින් සිටින්න.

2. ‘මට බැහැ’ වෙනුවට ‘මට කොහොමද කරන්න පුළුවන්?’ ආදේශ කිරීම

මානසිකත්වයේ වඩාත්ම බලගතු වෙනස මෙයයි:

❌ ‘මට ඉතිරි කරන්න බැහැ’ ✅ ‘මට මේ සතියේ රු. 100ක් ඉතිරි කරන්න පුළුවන් කොහොමද?’

❌ ‘මම කවදාවත් වැඩියෙන් උපයන්නේ නැහැ’ ✅ ‘මට නිපුණතාවක් ඉගෙන ගන්න හෝ අමතර වැඩක් සොයා ගන්නෙ කොහොමද?’

මෙය හැකියාවේ මානසිකත්වයයි. එය වැසුණු දොරක් විවෘත ප්‍රශ්නයක් බවට පත් කරයි. එය නිර්මාණශීලීත්වය, ඉගෙනීම සහ ධෛර්යය සක්‍රීය කරයි.

ඉඩසර සෑම සහභාගිවන්නෙකුම දිරිගන්වයි:

●     නැවත නැවත ප්‍රකාශ කීරීමට වඩා විසඳුම් නැඹුරු ප්‍රශ්න අසන්න

●     විශාල ඉලක්ක කුඩා පියවර වලට කඩා ‘අද මට කරන්න පුළුවන් මොනවද?’ කියා අසන්න

●     හැකියාවන් ගැන සිතන අය සමඟ ඇසුරු කරන්න. (බිය නොව වර්ධනය දිරිගන්වන අය)

3. කුඩා ජයග්‍රහණවල වටිනාකම හඳුනා ගැනීම

විශාල සාර්ථක කතා උත්කර්ෂයට නංවන ලෝකයක, ඔබේම පියවර ඉතා කුඩා යැයි හැඟීම පහසු ය. නමුත් යථාර්ථයේ දී, ධනය ගොඩනඟනු ලබන්නේ ගඩොලින් ගඩොලය. සතියකට රු. 200ක් ඉතිරි කිරීම එතරම් විශාල දෙයක් ලෙස නොපෙනෙන්නට පුළුවන. එය වසරක් තුළ රු. 10,000කට වඩා වැඩි වන බව ක්‍රමානුකූලව ඔබට වැටහෙනු ඇත. පිටතින් ආහාර ගැනීම වෙනුවට සතියකට දෙවරක් නිවසේ ආහාර පිසීම කුඩා දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් පාසල් අවශ්‍යතා, කුලී, හෝ ක්ෂුද්‍ර ව්‍යාපාරයක් සඳහා ප්‍රාග්ධනය පවා ඉතිරි කර ඇති බව ඔබට පසුව වැටහෙනු ඇත. කුඩා ජයග්‍රහණ වැදගත් වේ. ඒවා විශ්වාසය ගොඩනඟයි. ප්‍රගතිය කරා යා හැකි බව එයින් ඔප්පු කරයි. මෙම ජයග්‍රහණ ඉඩසර විසින් උද්‍යෝගයෙන් සමරනු ලබයි. සහභාගිවන්නන්ගේ විශාලත්වය වෙනුවට ගම්‍යතාවයට වටිනාකම දීමට ඉගෙන ගනී.

මානසිකත්වය සහ අභිප්‍රේරණය ශක්තිමත් කිරීම සඳහා ප්‍රායෝගික පියවර

මෙම බලගැන්වීමේ මානසිකත්වය අභ්‍යන්තරීකරණය කිරීමට, ඉඩසර ඵලදායී පුහුණුවීම් තම වැඩමුළු, පොත් පිංච, සහ සහාය පද්ධති තුළට ඒකාබද්ධ කරයි:

✅ දිනපතා ස්වයං ප්‍රකාශන හෝ විස්තර ලිවීම

බලගතු වාක්‍ය ඛණ්ඩ සමඟ දවස ආරම්භ කරන්න:

●     ‘මට ඉපැයීමට, ඉතිරි කිරීමට, සහ වර්ධනය වීමට හැකියි.’

●     ‘සෑම දිනකම, මම මූල්‍ය නිදහස කරා එක් පියවරක් තබමි.’

●     ‘මගේ අතීතය මගේ අනාගතය නිර්වචනය නොකරයි.’

ප්‍රගතිය සහ බිය පිළිබිඹු කිරීමට ප්‍රශ්න භාවිතා කරන්න:

●     ‘මම මුදල් පිළිබඳ කුමන කතාවක් උරුම කර ගත්තාද?’

●     ‘මේ සතියේ මට ලැබුණු එක් මූල්‍යමය ජයග්‍රහණය කුමක්ද?’ 

සන්ධිස්ථාන සැමරීම: ඔබේ පළමු රු. 5,000 ඉතිරි කළාද? සමරන්න. දින 30ක් වියදම් නිරීක්ෂණය සම්පූර්ණ කළාද? සමරන්න. කුඩා ණයක් ගෙවා දැමුවාද? සමරන්න. සැමරුම් සංකේතාත්මක විය හැකියි; ඉටිපන්දමක් දැල්වීම, ඔබේ WhatsApp සමූහය තුළ බෙදා ගැනීම හෝ හුදෙක් ඔබට ඔබ ගැන ආඩම්බර බව යමෙකුට පැවසීම.

අසාර්ථකත්වය ප්‍රතිපෝෂණයක් ලෙස නැවත අර්ථ දැක්වීම:

මේ මාසයේ ඔබ වැඩිපුර වියදම් කළා නම්, එය අසාර්ථක අවස්ථාවක් ලෙස නොකියන්න. එය දත්තයක් ලෙස හඳුන්වන්න.

අසන්න: එම වියදම් ඇති කළේ කුමක්ද? ලබන මාසයේ වඩා හොඳින් සැලසුම් කරන්නේ කෙසේද?

ඉඩසර ඔබට ආරක්ෂිත අවකාශයක් ගොඩනඟයි. එහිදී සහභාගිවන්නන් ඉගෙන ගන්නේ තම වැරදි, ප්‍රගතියේ කොටසක් හැටියටයි. සෑම පසුබෑමක්ම ප්‍රඥාව ගොඩනැගීමට අවස්ථාවකි.

අවසාන අවබෝධය: ඔබ විශ්වාස කරන දේ බවට ඔබ පත් වේ

‘මිනිසෙක් තම සිතින් සිතන ලෙසම ඔහු එසේය.’ – හිතෝපදේශ 23:7

‘කියන හැටිය හිතේ හැටිය හැසිරීමය.’ (ශ්‍රී ලාංකේය ප්‍රඥාවේ ප්‍රතිරාවයකි)

මානසිකත්වය යනු සෑම මූල්‍ය තීරණයක්ම හැඩගස්වන නොපෙනෙන හස්තයයි. ඉඩසර ඒ ගැන උගන්වයි. විශ්වාසය ද පෝෂණය කරන්නෙමු; සංඛ්‍යා උගන්වන්නෙමු;  බලාපොරොත්තුව ද වගා කරන්නෙමු. මන්ද ශක්තිමත් අභ්‍යන්තර අඩිතාලමකින් තොරව කිසිදු ආදායමක්, ඉතිරිකිරීමක් හෝ ආයෝජනයක් ස්ථිර සාමයක් ගෙන දෙන්නේ නැති බැවිනි.

 

4: මූල්‍ය සාක්ෂරතාවයේ අත්‍යවශ්‍ය දේ (Financial Literacy Essentials)

අවබෝධය තුළින් තීරණ බලගැන්වීම

මූල්‍ය සාක්ෂරතාවය යනු ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වීම නොවේ; එය ඔබගේ මුදල් සම්බන්ධයෙන් විශ්වාසදායක, දැනුවත් තීරණ ගැනීමට හැකිවීමයි. ඔබ ඔබේ පළමු රුපියල් දහස ඉතිරි කරන ශිෂ්‍යයෙකු වුවත්, ගෘහස්ථ වියදම් කළමනාකරණය කරන මවක් වුවත්, කුඩා ව්‍යාපාරයක ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායකයෙකු වුවත්, මූලික මූල්‍ය මූලධර්මවලට ඔබගේ ස්වාධීනත්වය සහ සුරක්ෂිතභාවය කරා යන මාවත හැඩගැස්විය හැකියි. ශ්‍රී ලංකාවේ, තරුණ තරුණියන්, කාන්තාවන් සහ අවිධිමත් අංශයේ සේවකයින් අතර මූල්‍ය සාක්ෂරතාවය තවමත් අඩු මට්ටමක පවතින්නේ බුද්ධිමත් බව නොමැතිකම නිසා නොව, ප්‍රවේශ වීමේ හැකියාව නොමැතිකම නිසාවෙනි. පාසලේ දී බොහෝ විට අයවැයකරණය උගන්වන්නේ නැත. බැංකු තාක්ෂණික භාෂාව භාවිතා කරයි. බොහෝ දෙනෙක් මුදල් ගැන ඉගෙන ගන්නේ දුෂ්කර අත්දැකීම්, වැරදි, සහ සමහර විට පසුතැවීම් තුළිනි.

ඉඩසර එය වෙනස් කිරීමට බලගන්වයි. සංස්කෘතික වශයෙන් අදාළ වැඩමුළු, කුඩා පොත් පිංච සහ ජංගම දුරකථන භාවිතය වැනි පහසු මාර්ගෝපදේශ හරහා ප්‍රායෝගික මූල්‍ය සාක්ෂරතාවය ඉගැන්වීමෙන් පුද්ගලයන්ට තම මූල්‍ය කටයුතු පාලනය කර ගැනීමට අවශ්‍ය පැහැදිලිකම සහ විශ්වාසය ලබා ගැනීමට උපකාර කරන්නෙමු.

1. පොලිය එදිරිව චක්‍රීය පොලිය (Interest vs. Compound Interest)

‘පොලිය යනු ඔබ ගෙවන දෙයයි. චක්‍රීය පොලිය යනු ඔබ උපයන දෙයයි. නැතිනම් ඔබෙන් උපයන දෙයයි.’

ඔබ ඉතිරි කරන විට, ණය ගන්නා විට හෝ ආයෝජනය කරන විට පොලිය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. සරල පොලිය ගණනය කරනු ලබන්නේ මුල් මුදල මත පමණි (උදා: ඉතිරිකිරීමේ ගිණුමක් හෝ මූලික ණයක්). චක්‍රීය පොලිය (වැල් පොලිය) ගණනය කරනු ලබන්නේ මුල් මුදල සහ එක්රැස් වූ පොලිය මතයි. එනම් මුදල කාලයත් සමඟ වේගයෙන් වර්ධනය වේ.

උදාහරණයක්:

මාසිකව රු. 5,000ක් 10% පොලී අනුපාතයකින් වසර 5ක් සඳහා චක්‍රීය පොලිය සමඟ ඉතිරි කිරීමෙන් රු. 380,000කට වඩා වැඩි මුදලක් බවට එය වර්ධනය විය හැකියි.

ඉඩසර මෙම සූත්‍ර සරල කිරීමට සහ මුදල් වර්ධනය වන හෝ ගුණ වන ආකාරය, වාසිදායක හෝ අවාසිදායක වන ආකාරය පෙන්වීමට දෘශ්‍ය මෙවලම් භාවිතා කරයි.

වැඩමුළු මෙවලම:

‘පොලී අනුකරණය’ (Interest Simulator) පෝස්ටරයක හෝ යෙදුමක මුදල් වර්ධනය පෙන්වන දෘශ්‍ය සටහනක්

2. උද්ධමනය සහ ප්‍රමාද පිරිවැය (Inflation and the Cost of Waiting)

උද්ධමනය යනු මිලදී ගැනීමේ හැකියාව සොරකම් කරන නිහඬ සොරෙකි. සෑම වසරකම ඔබේ මුදල් වර්ධනය නොවන්නේ නම්, එහි වටිනාකම අඩු වෙමින් පවතී. උද්ධමනය වසරකට 6%ක් නම්, අද රු. 1,000ක් වැය වන දෙයක් වසර පහකින් රු. 1,340ක් වැය වේවි. ඔබේ කොට්ටය යට මුදල් තබා ගැනීම ආරක්ෂිත බවක් දැනෙන්නට පුළුවන. එහෙත් උද්ධමනය හමුවේ එය ඔබට වටිනාකම අහිමි වන බවට සහතික කරයි. මේ නිසා ඉතිරිකිරීම අවසානයේ ආයෝජනයට යොමු විය යුතුය. එවිට ඔබේ මුදල් ඉහළ යන වියදම් වලට සමගාමීව පවතී. ඉඩසර මෙම සංකල්පය ප්‍රායෝගික එදිනෙදා වචන වලින් උගන්වයි: ඉන්ධන මිල, ආහාර පිරිවැය, පාසල් ගාස්තු මේ සියල්ල සෑම වසරකම ඉහළ යයි.

උදාහරණය:

‘අද රු. 100ක් ඉතිරි කිරීම ප්‍රමාද කළොත්, හෙට එම දේම කිරීමට රු. 130ක් අවශ්‍ය වෙන්නට පුළුවන්."

3. හොඳ ණය එදිරිව නරක ණය (Good Debt vs. Bad Debt)

සියලුම ණය නරක නැත. එහෙත් සියලුම ණය හොඳ ද නැත. හොඳ ණය සහ නරක ණය අතර වෙනස අවබෝධ කර ගැනීම ඥානවන්තව ණය ගැනීමේ තීරණ ගැනීම සඳහා ඉතා වැදගත් වේ.

හොඳ ණය:

වර්ධනය සඳහා භාවිතා කරයි: අධ්‍යාපනය, ඵලදායී වත්කම්, ව්‍යාපාර මෙවලම්

●     පැහැදිලි ගෙවීමේ සැලසුමක් සහ අපේක්ෂිත ප්‍රතිලාභයක් ඇත

●     උදාහරණය: මසකට රු. 3,000ක් උපයන මහන මැෂිමක් මිලදී ගැනීමට රු. 30,000ක් ගැනීම නරක ණයකි.

පරිභෝජනය සඳහා භාවිතා කරයි: විවාහ මංගල්‍යයන්, දුරකථනට සාදට හෝ ඇඳුම් පැළඳුම්.

●     ඉහළ පොලිය සහිත ණය - දිගු කාලසීමාවකදී හෝ ප්‍රතිලාභයක් නැත

●     ණය උගුල් මානසික ආතතියට මඟ පාදයි. ඉඩසර ණය නිසා ලැජ්ජා කරන්නේ නැත. නමුත් ණය ගැනීමට පෙර නිවැරදි ප්‍රශ්න ඇසීමට මිනිසුන් සන්නද්ධ කරයි. මෙම ණය මගේ ආදායම වැඩි කරයිද නැතිනම් මගේ ආතතිය අඩු කරයිද? මට මෙය පහසුවෙන් ගෙවීමට හැකිද? ණය ගැනීමේ සම්පූර්ණ පිරිවැය (ගාස්තු, පොලිය, දඩ) කොපමණද?

මෙවලම: ‘ණය තීරණ පිරික්සුම් ලැයිස්තුව’ (Debt Decision Checklist) ණය ගැනීමේ තීරණ ගැනීම සඳහා ප්‍රශ්න 5ක පෝස්ටරයක් හෝ Wollet කාඩ්පතක්. (ජංගම දුරකතනයෙන් මුදල් ගණුදෙනු කිරීම ‘ඩිජිටල් වොලට්’ ලෙස නම් කෙරේ)

4. අයවැයකරණ ක්‍රමවේද (Budgeting Methods)

අයවැය යනු දඬුවමක් නොවේ. එය නිදහස් සැලසුමකි. එය ඔබේ මුදල් ආවෙ ගියේ, කොහේදැයි කල්පනා කරනවා වෙනුවට, ඔබේ මුදල් යා යුතු තැන ඔබට කියා දෙන අවස්ථාවකි. ඉඩසර විවිධ අයවැයකරණ ආකෘති හඳුන්වා දෙන අතර, පුද්ගලයන්ට ඔවුන්ට එයින් ගැලපෙන දේ තෝරා ගත හැකිය:

a. ශුන්‍ය පාදක අයවැයකරණය (Zero-Based Budgeting)

සෑම රුපියලකටම කාර්යයක් ඇත. ආදායම අඩු වියදම් ශුන්‍යයට සමාන වේ.

දැනුම්වත්භාවය සහ හිතාමතා ක්‍රියා කිරීම අනිවාර්ය කරයි.

b. ලියුම් කවර ක්‍රමය (Envelope Method)

මුදල් භෞතික ලියුම් කවර වලට බෙදා ඇත (ආහාර, ප්‍රවාහනය, කුලී සඳහා)

ලියුම් කවරය හිස් වූ විට, වියදම් කිරීම නවත්වයි

c. කකෙයිබෝ ක්‍රමය (ජපන්) (Kakeibo Method - Japanese)

විස්තර ලිවීම, ආවර්ජනය සහ අරමුණ මිශ්‍ර කරන සිහින ප්‍රවේශයකි.

අසන්න: ඔබ මිලදී ගන්නේ කුමක්ද? ඔබ එය මිලදී ගන්නේ ඇයි? ඔබට ඒ ගැන හැඟෙන්නේ කෙසේද?

චිත්තවේගීය දැනුම්වත්භාවය පවුල් සාකච්ඡා දිරිමත් කරයි.

සෑම ක්‍රමවේදයක්ම ඩිජිටල් මෙවලම්, සටහන් පොත්, හෝ ප්‍රජා කණ්ඩායම්වලට අනුවර්තනය කළ හැකියි. ඉලක්කය පරිපූර්ණත්වය නොවේ. ඉලක්කය දැනුවත්භාවය සහ ස්ථාවරත්වයයි.

මෙවලම්:

මුද්‍රණය කළ හැකි ‘මගේ මාසික අයවැය සිතියම’ (My Monthly Budget Map)

ජංගම දුරකථනයට සුදුසු කකෙයිබෝ විස්තර සැකිල්ල.

📚 ඉඩසර උගන්වන ආකාරය

●     කතන්දර සහ පියවරෙන් පියවර විස්තර සහිත කුඩා පොත් පිංච සිංහල සහ දෙමළ භාෂාවලින්

●     භූමිකා රඟදැක්වීම්, ක්‍රීඩා, සහ සමානතා සහිත වැඩමුළු (උදා: ‘උද්ධමන රාක්ෂයා’ හෝ ‘ණය උගුල් ක්‍රීඩාව’)

●     WhatsApp හඬ පාඩම් සහ සතිපතා ඉතිරිකිරීමේ උපදෙස්

●     නිවාස සහ ප්‍රජා මධ්‍යස්ථාන සඳහා දෘශ්‍ය සටහන් සහ නිරීක්ෂණ පත්‍රිකා; මෙම සාක්ෂරතා මෙවලම් ඉපැයීම, ඉතිරි කිරීම, ආයෝජනය, වැඩමුළු, ප්‍රජා උත්සව, ව්‍යාපාර ආරම්භක පුහුණුව වෙතට ඉඩසර විසින් කැඳවනු ලබයි. මූල්‍ය අධ්‍යාපනය ප්‍රවේශ විය හැකි, ආකර්ෂණීය සහ ක්‍රියාකාරීත්වය මත පදනම් වූවක් බවට පත් කෙරේ.

🧠 අවසාන අවබෝධය: දැනුම බලයේ අඩිතාලමයි

මූලික මූල්‍ය සාක්ෂරතාවයකින් තොරව ඔබට බුද්ධිමත් මූල්‍ය තීරණ ගත නොහැක. ඉඩසර සහතික කරන්නේ සෑම පුද්ගලයෙකුම, අධ්‍යාපන මට්ටම කුමක් වුවත් ඔවුන්ගේ වර්තමානය පාලනය කරන සහ ඔවුන්ගේ අනාගතය හැඩගස්වන මුදල් මූලධර්ම අවබෝධ කර ගන්නා බවයි. මිනිසුන් ක්‍රීඩාවේ නීති ඉගෙන ගන්නා විට, ඔවුන් සූරාකෑමට ලක්වීම නැවතී ධනය ගොඩනැගීමට පටන් ගනී. ඉඩසර මෙහෙයවීම එම පරිවර්තනයට මඟ පෑදීමයි.

 

5: තාක්ෂණය සහ ඩිජිටල් සවිබල ගැන්වීම (Technology and Digital Enablement)

විනය, දෘශ්‍යතාව සහ අවස්ථා බලගැන්වීමට තාක්ෂණය භාවිතා කිරීම

වර්තමාන ලෝකයේ තාක්ෂණය තවදුරටත් සුඛෝපභෝගී දෙයක් නොව, වඩාත්ම ග්‍රාමීය හෝ අවම පහසුකම් සහිත ප්‍රජාවගේ පවා ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය උපකාරකයකි. පහළ මට්ටමේ සිට මූල්‍ය ස්වාධීනත්වය ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරන ඉඩසර වැනි ව්‍යාපාරයක් සඳහා තාක්ෂණය ඥානාන්විතව භාවිතා කිරීමෙන්, වගවීම සහ බලපෑම සැලකිය යුතු ලෙස වැඩි කිරීමෙන් ප්‍රවේශ විය හැකිය.

තාක්ෂණය වියදම් නිරීක්ෂණය කිරීම හෝ ආයෝජන තීරණ ගැනීම වැනි සංකීර්ණ කාර්යයන් සරල කළ යුතුය. මූලික ස්මාර්ට් ජංගම දුරකතනයක්, ෆීචර් දුරකතනයක් හෝ මුද්‍රිත සටහනක් හරහා වුවද, ඉඩසර සහතික කරන්නේ තාක්ෂණික ප්‍රවේශය කුමක් වුවත් සෑම පුද්ගලයෙකුටම තමන්ට අවශ්‍ය සහයෝගය ලැබෙන බවයි.

1. ජංගම ඉතිරිකිරීමේ යෙදුම් සහ ස්වයංක්‍රීය මාරු කිරීමේ පද්ධති (Mobile Savings Apps and Auto-Transfer Systems)

ඉතිරිකිරීම සඳහා ඇති විශාලතම බාධකයක් වන්නේ මූල්‍ය අස්ථාවරත්වයයි. ඉතිරි කිරීමට අභිප්‍රායක් තිබිය හැකි නමුත්, මුදල් පහසුවෙන් ලබා ගත හැකි නම් හෝ හිතාමතා වෙන් කර නොගන්නේ නම්, එය බොහෝ විට මාසය අවසන් වීමට පෙර වියදම් කෙරේ. ජංගම ඉතිරිකිරීමේ යෙදුම් සහ ස්වයංක්‍රීය මාරු කිරීමේ විශේෂාංග පුද්ගලයන්ට තම ඉතිරිකිරීමේ පුරුදු ස්වයංක්‍රීය කිරීමට සහ තම ප්‍රගතිය දෘශ්‍ය ලෙස නිරීක්ෂණය කිරීමට උපකාරී වේ.

ප්‍රවර්ධනය කළ යුතු විශේෂාංග:

●     සැලසුම් කළ ස්වයංක්‍රීය මාරු කිරීම්: සෑම වැටුප් දිනකම වත්මන් ගිණුමකින් වෙනම ඉතිරිකිරීමේ ගිණුමකට

●     ඉතිරිකිරීමේ ඉලක්ක නිරීක්ෂණ: ඉලක්ක කරා යන ප්‍රගතිය පෙන්වන දෘශ්‍ය තීරු (උදා: රු. 10,000 හදිසි අරමුදලක්)

●     දැනුම් දීම්: ඉතිරි කිරීමට මතක් කිරීම්, සන්ධිස්ථාන සැමරීම, හෝ ආවර්ජනය සඳහා පොළඹවාලීම් නිර්දේශිත යෙදුම් (ශ්‍රී ලංකාව සඳහා):

●     ස්වයංක්‍රීය මාරු කිරීම් සහිත බැංකු යෙදුම් (උදා: NDB NEOS, People’s Wave)

●     Mint, 1Money, හෝ YNAB (You Need A Budget) වැනි අයවැය යෙදුම්

●     සිංහල භාෂාවට සුදුසු දේශීය යෙදුම් හෝ ඉඩසර සන්නාමය සහිත මෙවලම් කට්ටල (අනාගත සැලසුම්) බලපෑම:

●     ‘මුලින්ම ඉතිරි කරන්න’ යන පුරුද්ද ප්‍රවර්ධනය කරයි

●     අතින් නිරීක්ෂණය කිරීමේ බර ඉවත් කරයි

●     ප්‍රගතිය දෘශ්‍ය ප්‍රතිලාභදායක සහ පුරුද්දක් බවට පත් කරයි

2. WhatsApp පාදක කරගත් මතක් කිරීම් සහ දිරිගැන්වීම් (WhatsApp-Based Nudges and Reminders)

WhatsApp යනු ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන සන්නිවේදන වේදිකාවයි. ඉඩසර මෙම හුරුපුරුදු මෙවලම භාවිතා කර සතියෙන් සතිය පරිශීලකයන්ට මඟ පෙන්වන මූල්‍යමය මතක් කිරීම්, දිරිගැන්වීම් සහ සරල ක්‍රියාකාරකම් ලබා දෙනු ඇත.

WhatsApp පාදක මෙවලම්:

●     ඉතිරිකිරීමේ මතක් කිරීම්: ‘මේ සතියේ ඔබේ රු. 500 ඉතිරි කළාද? YES හෝ NO පිළිතුරු දෙන්න.’

●     චර්යාත්මක මතක් කිරීම්: ‘ඒ ඇඳුම මිලදී ගැනීමට පෙර, අසන්න: මෙය අවශ්‍යතාවයක්ද නැතිනම් ආශාවක්ද?’

●     කුඩා අභියෝග: ‘වියදම් නොකරන සති අන්තයක් උත්සාහ කරන්න. ඔබ කළ ආකාරය අපට කියන්න.’

●     හඬ පණිවිඩ: සිංහල/දෙමළ ස්වයං ප්‍රකාශන, මූල්‍ය උපදෙස්, හෝ පෙළඹවීමේ කතා

●     සැමරීමේ ස්ටිකර්: යමෙකු ඉතිරිකිරීමේ ඉලක්කයක් සපුරා ගත් විට, ප්‍රතිලාභයක් හෝ සුබ පැතුමක් යවන්න

ප්‍රතිලාභ:

●     වැඩමුළු අතරතුර සහභාගිවන්නන් ක්‍රියාශීලීව තබා ගනී

●     ප්‍රජා වගවීමේ හැඟීමක් ගොඩනඟයි

●     අඩු වියදම්, පරිමාණය කළ හැකි, සහ සම්බන්ධ විය හැකි

3. මාර්ගගත වෙළඳපොළවල් සහ ඩිජිටල් ආදායම් මෙවලම් (Online Marketplaces and Digital Income Tools)

ඉතිරිකිරීමට අමතරව, තාක්ෂණයට ඉපැයීම සහ ආයෝජනය සඳහා නව දොරටු විවෘත කළ හැකියි. බොහෝ තරුණ තරුණියන් සහ මව්වරුන් ජංගම දුරකතනයක් භාණ්ඩ විකිණීමට, සේවා සැපයීමට, හෝ ඉගෙනීමට මෙවලමක් බවට පත් කළ හැකි බව නොදනී.

ගවේෂණය කළ යුතු මෙවලම්:

●     ශිල්ප, ආහාර, හෝ සේවා විකිණීම සඳහා සමාජ වෙළඳ වේදිකා (ෆේස්බුක් මාර්කට්ප්ලේස්, Ikman.lk, Daraz)

●     දත්ත ඇතුළත් කිරීම, අන්තර්ගත ලිවීම, සහ සැලසුම්කරණය වැනි ඩිජිටල් වැඩ සඳහා නිදහස් සේවා වේදිකා (Fiverr, Upwork, Workana)

●     ඡායාරූපකරණය, වීඩියෝ සංස්කරණය, හෝ අලෙවිකරණය ඉගෙනීම සඳහා මාර්ගගත ඉගෙනීම (යූ ටියුබ්, Coursera, Google Garage)

●     ගෙදර පදනම් වූ සේවා (ටියුෂන්, ආහාර සැපයීම, මැහුම්) ආරම්භ කිරීම සඳහා Google Forms + PayHere/LankaQR, ඉඩසර භූමිකාව:

●     ඩිජිටල් පැතිකඩක් සකසන්නේ කෙසේද යන්න පිළිබඳ පියවරෙන් පියවර මාර්ගෝපදේශ සැපයීම

●     ‘ඩිජිටල් ආදායම් ආරම්භක’ වැඩමුළු පැවැත්වීම

●     නොබැඳි ව්‍යවසායකයන් මාර්ගගත උපදේශකයන් හෝ නියෝජිතයන් වෙත සම්බන්ධ කිරීම

4. නොබැඳි නිවැසියන් සඳහා මුද්‍රණය කළ හැකි මෙවලම් (Printable Tools for Offline Households)

සෑම නිවසකටම ස්මාර්ට්ෆෝන් හෝ ජංගම දත්ත සඳහා ප්‍රවේශය නොමැති බව ඉඩසර අවබෝධ කර ගනී. එබැවින් ඩිජිටල් අන්තර්ගතය ඒ හා සමානව බලවත් හා සවිබල ගන්වන අඩු තාක්ෂණික විකල්ප සමඟ යුගල කළ යුතුය.

මුද්‍රණය කළ හැකි මෙවලම්:

●     වියදම් නිරීක්ෂණ සහ ඉතිරිකිරීමේ සටහන් (ලැමිනේට් කළ බිත්ති පෝස්ටර්)

●     ලියුම් කවර අයවැය කට්ටල

●     ඉලක්ක තැබීමේ සටහන් පොත්

●     කකෙයිබෝ ක්‍රමයට සටහන් පොත්

●     ඉතිරිකිරීමේ මාපක (රු. 10,000 ඉලක්කය කරා ඔබේ ප්‍රගතිය වර්ණ ගැන්වීම)

මෙම මෙවලම් බෙදා හරිනු ලබන්නේ:

●     වැඩමුළු

●     ප්‍රජා මධ්‍යස්ථාන (පන්සල්, පාසල්, ග්‍රාම නිලධාරී කාර්යාල)

හවුල්කාර රාජ්‍ය නොවන සංවිධාන හෝ රජයේ outreach වැඩසටහන් ප්‍රතිලාභ:

●     පවුල් මට්ටමේ සහභාගිත්වය දිරිමත් කරයි.

●     මූල්‍ය පුරුදු දෘශ්‍ය ලෙස තහවුරු කෙරේ.

●     සාම්ප්‍රදායික නිවැසියන් සහ නවීන භාවිතය අතර පරතරය පියවයි

🤝 ඉහළ මානව අන්තර්ක්‍රියා සහ ඉහළ තාක්ෂණය මුසු කිරීම (Blending High-Touch with High-Tech)

ඉඩසර ප්‍රවේශය ඩිජිටල්-පළමුව හෝ ‘තාක්ෂණය පමණක්’ නොවේ. එය මිනිසුන් කේන්ද්‍ර කරගත් සහ තාක්ෂණයෙන් සවිබල ගැන්වූවකි. මෙයින් අදහස් කරන්නේ:

●     ජීවිත ඉගෙනීම සහ ප්‍රජා විශ්වාසය ශක්තිමත් කිරීමට තාක්ෂණය භාවිත කෙරේ.

●     සෑම ඩිජිටල් මෙවලමකටම විකල්ප මානව අන්තර්ක්‍රියා සහය ඇත

●     සියලු අන්තර්ගතය භාෂා ප්‍රවේශය ඇති, ක්‍රියාකාරීත්වයට නැඹුරු, චර්යාත්මකව ඵලදායී වන ලෙස නිර්මාණය කර ඇත

🧠 අවසාන අවබෝධය: තාක්ෂණය මෙවලමකි, ඉලක්කය නොවේ.

ඩිජිටල් සවිබල ගැන්වීම යෙදුම් හෝ උපාංග ගැන නොව, එය පුද්ගලයන්ට ස්ථාවරව සිටීමට, අභිප්‍රේරණයෙන් සිටීමට සහ සම්බන්ධව සිටීමට උපකාර කරයි. WhatsApp පණිවිඩ, ස්වයංක්‍රීය ඉතිරිකිරීමේ පුරුදු, සහ මාර්ගගත ආදායම් මාර්ග නොබැඳි මෙවලම් සමඟ ඒකාබද්ධව ඉඩසර සෑම ශ්‍රී ලාංකේය නිවසකටම, ඔන්ලයින් හෝ නොබැඳිව සිටියත්, මූල්‍ය බලගැන්වීම ළඟා කර දෙයි.

 

6: පවුල් සහ ප්‍රජා මූල්‍ය (Family and Community Finance)

එකමුතුකම තුළින් මූල්‍ය ශක්තිය ගොඩ නැඟීම

මුදල් බොහෝ විට සලකනු ලබන්නේ පුද්ගලික කාරණයක් ලෙසය. රහසින් සාකච්ඡා කරන, අභිමානය පිටුපස සඟවන හෝ නිවසේ එක් තීරණ ගන්නෙකුට භාර දෙන දෙයක් ලෙසය. නමුත් යථාර්ථයේ දී, මුදල් තීරණ පවුලේ සෑම කෙනෙකුටම බලපාන අතර, මූල්‍ය ස්වාධීනත්වය සාක්ෂාත් කර ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපට සමීපතම පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමයි. දරුවෙකුගේ අධ්‍යාපනයට උපකාර කරන දෙමාපියෙකු වුවත්, සිල්ලර බඩු කළමනාකරණය කරන සහකරුවෙකු වුවත්, ගෘහස්ථ වියදම් සඳහා දායක වන ආච්චි සීයා වුවත් මූල්‍ය යහපැවැත්ම යනු හවුල් ගමන් මඟකි. පවුල එක්ව සැලසුම් කරන විට, එක්ව ඉතිරි කරන විට සහ එක්ව සිහින දකින විට, ඔවුන් ශක්තිමත්, වඩා ඔරොත්තු දෙන සහ එකිනෙකාගේ අරමුණු සඳහා වඩාත් සහයෝගය දක්වන අය බවට පත් වේ. ඉඩසර පවුල් සහ ප්‍රජා මූල්‍ය කෙරෙහි ගැඹුරු අවධානයක් යොමු කරයි. නිවැසියන් නිහඬතාවයෙන් සහයෝගීතාවය වෙතත්, ප්‍රජාව හුදකලාවෙන් හවුල් සවිබල ගැන්වීම වෙතත් ගෙන යාමකි.

1. පවුල් අයවැය සාකච්ඡා (Family Budgeting Meetings)

බොහෝ ශ්‍රී ලාංකේය නිවැසියන් තුළ එක් අයෙක් – බොහෝ විට පියා හෝ මව පමණක් මුදල් කටයුතු හසුරුවයි. නමුත් මෙය සන්නිවේදන දෝෂ, හදිසි වියදම් සහ වගවීමේ හැකියාව නොමැතිකමකට මඟ පාදයි. පවුල් අයවැය සාකච්ඡා විනිවිදභාවය, දැනුම්වත් කිරීම, සහ හවුල් තීරණ ගැනීම සඳහා ඉඩක් නිර්මාණය කරයි.

එය ක්‍රියාත්මක වන ආකාරය:

●     මසකට වරක්, පවුලේ අය එක්ව වාඩි වී:

○     ආදායම් සහ වියදම් සමාලෝචනය කරයි

○     ඉතිරිකිරීමේ ඉලක්ක තීරණය කරයි

○     ඉදිරියේ ඇති විශාල වියදම් (උදා: ටියුෂන්, අලුත්වැඩියා කිරීම්, ගමන් බිමන්) පිළිබඳව එකඟ වේ

ප්‍රමුඛතා සඳහා මුදල් වෙන් කරයි (මට්ටම 1–3 රාමුව) එය වැදගත් වන්නේ ඇයි:

●     දරුවන් මුල සිටම අයවැයකරණය සහ වටිනාකම් පිළිබඳව ඉගෙන ගනී

●     ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් එකිනෙකාගේ මූල්‍ය විනයට සහය දක්වයි

●     මුදල් සම්බන්ධ අනවශ්‍ය ගැටුම් අඩු කරයි. (ඉඩසර සහය ලබා ගත හැකිය)

●     පවුල් අයවැය සැකිලි සපයයි

●     කෙටි, සරල සාකච්ඡා මෙහෙයවීමට සහභාගිවන්නන් පුහුණු කරයි

●     සාකච්ඡා මඟ පෙන්වීම සඳහා ප්‍රශ්න සහිත පොළඹවන කාඩ්පත් (prompt cards) ලබා දේ.

උදාහරණ ප්‍රශ්න:

●     ‘පසුගිය මාසයේ අපේ විශාලතම අනපේක්ෂිත වියදම කුමක්ද?’

●     ‘මේ මාසයේ රු. 500ක් ඉතිරි කිරීමට අපට කළ හැකි එක් ක්‍රමයක් කුමක්ද?’

●     ‘පවුලක් ලෙස අපි ඉතිරි කරන්නේ කුමක් සඳහාද?’

2. දරුවන් සමඟ ඉලක්ක තැබීම (Goal Setting with Children)

මූල්‍ය සංස්කෘතිය ගොඩනැගීමේ වඩාත්ම බලගතු (සහ ප්‍රමාණවත් ලෙස භාවිතා නොකරන) උපාය මාර්ගවලින් එකක් වන්නේ දරුවන් සමඟ ඉලක්ක තැබීමයි. දරුවන් ස්වභාවයෙන්ම මුදල් ගැන කුතුහලයෙන් සිටිති. නමුත් බොහෝ විට ඔවුන් මේ ගැන නොදැනුවත් කලාපයක තබා ඇත. ඉඩසර පවුල් දිරිමත් කරන්නේ දරුවන් සහභාගී වන සහ දායක වන පරිදි මූල්‍ය ඉලක්ක එක්ව තබා ගැනීමටයි.

පවුල් ඉලක්ක සඳහා උදාහරණ:

●     පාසල් අවශ්‍යතා සඳහා රු. 10,000ක් ඉතිරි කිරීම

●     දරුවෙකු සඳහා බයිසිකලයක් මිලදී ගැනීමට ඉතිරි කිරීම

පවුල් හදිසි අරමුදලක් එක්ව ගොඩනැගීමේ ප්‍රතිලාභ:

●     දරුවන් කුඩා අවධියේදීම මූල්‍ය දැනුම්වත්භාවය වර්ධනය කර ගනී

●     ඉවසීම, ඉතිරිකිරීම සහ කෘතඥතාව පිළිබඳ පුරුදු ගොඩනඟයි

පරම්පරා අතර සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කරන මෙවලම්:

●     ඉතිරිකිරීමේ සංවේදීමාන පෝස්ටරය – ප්‍රගතිය එක්ව වර්ණ ගන්වන්න

●     ඉලක්ක තරු සටහන – සෑම පවුලේ සාමාජිකයෙකුගේම දායකත්වය නිරීක්ෂණය කරන්න

●     මගේ සිහින සටහන් පොත – දරුවන් තම ඉතිරිකිරීමේ ඉලක්ක ලියයි හෝ අඳියි

●     ‘අපේ දරුවන්ට දේවල් මිලදී ගැනීම පමණක් නොකරමු – ඔවුන්ට ඔවුන්ගේ සිහින ගොඩනඟා ගන්නා ආකාරය උගන්වමු.’

3. ප්‍රජා වගවීමේ කව (Community Accountability Circles)

පවුලට අමතරව, ඉඩසර ඉගැන්වීම අභිප්‍රේරණය සහ සමාජ සාධක ගොඩනැගීම සඳහා ප්‍රජා පාදක ආකෘතිවල බලය උපයෝගී කර ගනී. වගවීමේ කව යනු කුඩා සම වයසේ කණ්ඩායම් (5–10 දෙනෙක්) වන අතර ඔවුන්:

●     මූල්‍ය ඉලක්ක බෙදා හදා ගනී

●     නිතිපතා (සති දෙකකට වරක් හෝ මාසිකව) තොරතුරු හුවමාරු කර ගනී

●     ජයග්‍රහණ සමරයි සහ අභියෝග සාකච්ඡා කරයි

●     දිරිගැන්වීම් සහ උපදෙස් ලබා දේ.

මෙම කණ්ඩායම් විශේෂයෙන් ඵලදායී වන්නේ:

●     එක්ව ඉතිරි කිරීම ආරම්භ කිරීමට කැමති කාන්තාවන් සඳහා

●     පළමු ආදායම කළමනාකරණය කිරීමට ඉගෙන ගන්නා තරුණයන් සඳහා

ව්‍යාපාර මුදල් ප්‍රවාහය නිරීක්ෂණය කරන ව්‍යවසායකයන් සඳහා ප්‍රධාන ලක්ෂණ:

●     ආරක්ෂිත අවකාශය: විනිශ්චය කිරීමක් නැත, සහයෝගය පමණි

●     ධනාත්මක පීඩනය: ‘අනිත් අය ඉතිරි කරනවා නම්, මමත් ඉතිරි කරනවා.’

●     භූමිකා ආදර්ශ: එකිනෙකාගේ ක්‍රමවේද සහ කතා වලින් ඉගෙන ගන්න

ආකෘති:

●     සජීවීව: පන්සල්, නිවෙස්, හෝ පාසල් වල පවත්වනු ලැබේ

●     WhatsApp පාදක: තොරතුරු හුවමාරු, මතක් කිරීම්, සහ ප්‍රගතිය බෙදා ගැනීම.

ඉඩසර පහසුකම් සපයන්නන් පවුල් සහ ප්‍රජා මූල්‍ය සඳහා සහය දක්වන ආකාරය

ඉඩසර සතු පුහුණුලාභී පහසුකම් සපයන්නන් තීරණාත්මක භූමිකාවක් ඉටු කරයි:

●     මුලික පවුල් අයවැයකරණ වැඩමුළු මෙහෙයවීමේදී

●     ප්‍රජා වගවීමේ කව ආරම්භ කිරීමේදී

●     පවුල්වලට ඔවුන්ගේ පළමු මාසික සාකච්ඡා පැවැත්වීමට පුහුණු කිරීමේදී

●     සැකිලි, මතක් කිරීම්, සහ අභිප්‍රේරණය සැපයීමේදී

●     කණ්ඩායම් වලට සාමූහික ඉතිරිකිරීමේ හෝ ව්‍යාපාර ඉලක්ක තැබීමට උපකාර කිරීමේදී පහසුකම් සපයන්නන් විශ්වාසවන්ත ප්‍රජා සාමාජිකයන්ගෙන් (උදා: ගුරුවරුන්, තරුණ නායකයින්, මව්වරුන්) තෝරාගෙන සංවේදනයෙන් හා ව්‍යුහගතව ඉඩසර ආකෘතිය ලබා දීමට පුහුණු කරනු ලැබේ.

🧠 අවසාන අවබෝධය: එක්ව සිටීම වඩා හොඳය

මූල්‍ය ස්වාධීනත්වය තනි මෙහෙයුමක් නොවේ. එය කණ්ඩායම් ක්‍රීඩාවකි. පවුල් සහ ප්‍රජාවන් එක්ව වැඩ කරන විට:

●     පුරුදු පවත්වාගෙන යනු ලැබේ

●     පාඩම් තහවුරු වේ

●     ප්‍රගතිය ගණනය වේ

විශ්වාසවන්ත පහසුකම් සපයන්නන්ගේ, සරල මෙවලම්වල සහ සංස්කෘතික වශයෙන් මුල් බැස ගත් භාවිතාවන්ගේ සහයෝගය සමඟින්, ඉඩසර මුදල් පවුල් සංවාදයක් සහ ප්‍රජා මෙහෙයුමක් බවට පත් කරන්නේ හුදකලා ආතතිය හවුල් සාර්ථකත්වයක් බවට පරිවර්තනය කරමිනි.

 

නිගමනය: පැවැත්මේ සිට දියුණුව දක්වා

සෑම ශ්‍රී ලාංකේය පවුලක් සඳහාම නව මූල්‍ය පරිච්ඡේදයකි

මූල්‍ය ස්වාධීනත්වය කරා යන ගමන සරල රේඛාවක් නොවේ; එය ඉනිමඟකි. එකවර එක් ස්ථාවර පියවරක් බැගින් ගොඩනඟන ලද්දකි. බොහෝ දෙනෙකුට, පළමු පඩිය ආරම්භ වන්නේ දුෂ්කරතාවයෙනි; රැකියාවක් අහිමි වීම, අසනීපයක්, කල් දැමුණු සිහිනයක් හෝ හුදෙක් දැනුම නොමැති නිසාවෙනි. නමුත් සෑම පියවරක් සමඟම හිතාමතා ඉපැයීම, ඥානවන්තව වියදම් කළමනාකරණය කිරීම, ස්ථාවරව ඉතිරි කිරීම සහ නිර්භීතව ආයෝජනය කිරීමට – නව මාවතක් විවෘත වේ.

මෙම ලේඛනය පුරා ඉඩසර ආකෘතිය හඳුන්වා දුන්නෙමු, එය සැලසුම් කර ඇත්තේ හුදෙක් දැනුම්වත් කිරීමට නොව බලගැන්වීමටයි:

●     ඉඩසර ආරම්භ කළේ ශ්‍රී ලාංකේය පවුල්වල සැබෑ යථාර්ථය හඳුනා ගැනීමෙනි: ඉහළ අභිලාෂයන්, වියදම් කිරීමට ඇති චිත්තවේගීය පීඩනය සහ වඩාත්ම වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයන් පවා බොහෝ විට හිර කරන යැපීමේ චක්‍රයකි.

●     අපි මූල්‍ය ස්වාධීනත්වයේ පදනම් කුළුණු හතර හඳුන්වා දුන්නෙමු. ඉපැයීම, වියදම් කළමනාකරණය කිරීම, ඉතිරිකිරීම, සහ ආයෝජනය කිරීම. සෑම එකක්ම ක්‍රියාකාරී, අන්තර් සබඳතා මත රඳා පවතින සහ දේශීය අත්දැකීම් තුළ මුල් බැස ගත් ඒවාය.

●     අපි මානසිකත්වය සහ අභිප්‍රේරණයෙහි වැදගත්කම ගවේෂණය කළෙමු, වෙනස ආරම්භ වන්නේ අභ්‍යන්තරයෙන් බව අවබෝධ කර ගනිමින්, බිය බලාපොරොත්තුවෙන්, ලැජ්ජාව උපාය මාර්ගයෙන්, සහ අක්‍රීය බව අරමුණෙන් ප්‍රතිස්ථාපනය කිරීමෙනි.

●     අපි මූල්‍ය සාක්ෂරතාවයේ අත්‍යවශ්‍ය දේ බෙදා හදා ගත්තෙමු, මන්ද දැනුම මූල්‍ය විශ්වාසයේ අඩිතාලම වන අතර, විශ්වාසය වඩා හොඳ තීරණ වලට මඟ පාදයි.

●     අපි තාක්ෂණය සහ ප්‍රජා මෙවලම් වැළඳ ගත්තෙමු. ජංගම යෙදුම් සහ WhatsApp මගින් මතක් කිරීම් වල සිට මුද්‍රණය කළ හැකි නිරීක්ෂණ පත්‍රිකා සහ පවුල් සාකච්ඡා දක්වා මූල්‍ය විනය නවීන හා සියල්ල ඇතුළත් එකක් බවට පත් කෙරිණි.

●     අවසානයේදී, අපි පවුල් සහ ප්‍රජා මූල්‍ය වෙනුවෙන් පෙනී සිටියෙමු. මන්ද මේ මාවතේ කිසිවෙකු තනිව ගමන් නොකළ යුතුය. පවුල් එක්ව අයවැය කරන විට, මව්වරුන් දරුවන්ට මග පෙන්වන විට, ප්‍රජාවන් කුඩා ජයග්‍රහණ සමරන විට, මූල්‍ය ගමන් මඟ තිරසාර වීම පමණක් නොව, ප්‍රීතිමත් ද වේ.

 

අවසාන පණිවිඩය

ඔබ ඔබේ ගමන් මඟෙහි කොතැනක සිටියත් ඔබ පාසල් අද්‍යාපනය නවත්වන ලද තරුණයෙකු වුවත්, නිවස කළමනාකරණය කරන මවක් වුවත්, වඩා හොඳ දෙයක් ගැන සිහින දකින පවුලක් වුවත් – මෙම පණිවිඩය ඔබටයි:

ඔබ ප්‍රමාද නැත. ඔබ කුඩා නැත. ඔබ අසරණ නැත.

මූල්‍ය නිදහස ධනවතුන්ට, උගත් අයට, හෝ වාසනාවන්ත අයට පමණක් නොවේ. එය පැහැදිලිකමෙන්, ධෛර්යයෙන් සහ ප්‍රජා සහයෝගයෙන් සෑම දිනකම එක් කුඩා පියවරක් ගැනීමට කැමැත්තෙන් සිටින ඕනෑම අයෙකුටයි.

ඔබ පරිපූර්ණ විය යුතු නැත. ඔබ සියල්ල දැන සිටිය යුතු නැත. ඔබ ආරම්භ කළ යුත්තේ – ඔබ සතු දේවලින්, ඔබ සිටින තැනින් සහ ඔබේ අනාගතය ගොඩනැගීම වටිනා බවට වූ විශ්වාසයෙනි.

ඉඩසර ඔබ සමඟ ගමන් කිරීමට එකඟව සිටී. ඔබව සන්නද්ධ කිරීමට, ඔබව දිරිමත් කිරීමට, සහ පැවැත්මට වඩා වැඩි යමක් කිරීමට ඔබට හැකියාව ඇති බව ඔබට මතක් කරයි.  අරගලයේ සිට ස්ථාවරත්වය කරා, බියෙන් විශ්වාසය කරා, හිඟකමෙන් අරමුණ කරා ගමන් කරමු. දියුණු වෙන ජීවිතයක්, පවුලක් සහ අනාගතයක් ගොඩනඟමු.

ඉඩසර: සෑම පවුලක්ම ඉපැයීමට, ඉතිරි කිරීමට සහ වර්ධනය වීමට බලගන්වයි.

 

 
 
 

Comments


bottom of page