top of page

Prompt Packs

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

පාඩම 01: ජීවී පටක

Grade

11

Term

1

ඉලක්කය: ශාක හා සත්ත්ව පටක වර්ග හඳුනා ගැනීමට, ඒවායේ ව්‍යුහය සහ කෘත්‍යය අතර සම්බන්ධය පැහැදිලි කිරීමට සහ විභාග මට්ටමේ ප්‍රශ්නවලට විශ්ලේෂණාත්මකව පිළිතුරු දීමට දක්ෂ වීම.

Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):

මට්ටම 1 (මුල සිට පටන් ගමු - Fail → Pass):

  • "පටකයක් කියන්නේ මොකක්ද කියලා සරල සිංහලෙන් මට අර්ථ දක්වන්න."

  • "ශාක පටක වල ප්‍රධාන වර්ග දෙක (විභාජක සහ ස්ථිර) මොනවද කියලා කියන්න."

  • "සත්ත්ව පටක ප්‍රධාන වර්ග 4 මොනවද කියලා ලැයිස්තුගත කරන්න."

  • "ශෛලම පටකයේ ප්‍රධානම කාර්යය කුමක්ද?"

මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු - S → C):

  • "විභාජක පටක සහ ස්ථිර පටක අතර තියෙන ප්‍රධාන වෙනස්කම් 3ක් වගුවකින් මට පෙන්වන්න."

  • "ශෛලම සහ ප්ලෝයම පටක වල කෘත්‍යයන් සහ ඒවායේ ද්‍රව්‍ය ගමන් කරන දිශාවන් අතර වෙනස පැහැදිලි කරන්න."

  • "කංකාල පේශි, සිනිඳු පේශි සහ හෘත් පේශි පාලනය වන ආකාරය (ඉච්ඡානුග/අනිච්ඡානුග) සහ ඒවා දේහයේ පිහිටන ස්ථානයක් බැගින් නම් කරන්න."

  • "සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක අතර වෙනස උදාහරණයක් දීලා පැහැදිලි කරන්න."

මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු - C → B):

  • "ශාකයකට යාන්ත්‍රික ශක්තිය සහ සන්ධාරණය ලබා දෙන පටක වර්ග 3ක් නම් කර, ඒ එක එකක කෘත්‍යය කෙටියෙන් කියන්න."

  • "රුධිරය, සම්බන්ධක පටකයක් ලෙස සලකන්නේ ඇයි? එහි ඇති ප්‍රධාන සංඝටක මොනවාද?"

  • "ස්නායු පටකයක මූලික ඒකකය වන නියුරෝනයක රූපයක් ඇඳ එහි ප්‍රධාන කොටස් 3 නම් කර, එහි කෘත්‍යය මට පහදලා දෙන්න."

  • "මට මේ පාඩමෙන් බහුවරණ ප්‍රශ්න 5ක්, ඒවායේ නිවැරදි පිළිතුරුත් එක්ක හදලා දෙන්න."

මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු - B → A):

  • "ඔයා විභාග පරීක්ෂකවරයෙක් කියලා හිතාගෙන, ශාක හා සත්ත්ව පටක කිහිපයක රූප සටහන් ඇතුළත් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් හදන්න. ඒ පටක හඳුනාගෙන, ඒවායේ කෘත්‍යය සහ පිහිටීම නම් කරන්න කියන්න. ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියන විදිහ ගැනත් මට උපදෙස් දෙන්න."

  • "හෘත් පේශි පටකයේ ව්‍යුහය (උදා: ශාඛනය වීම, හරස් විලේඛන පැවතීම, අනිච්ඡානුග වීම) එහි කෘත්‍යය වන හෘදයේ රිද්මයානුකූල සංකෝචනයට නොනවත්වා දායක වන ආකාරය ගැඹුරින් විශ්ලේෂණය කර පැහැදිලි කරන්න."

වියාචනය (Disclaimer)

Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.

කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.

ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.

bottom of page