Prompt Packs
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
පාඩම 18: කාර්යය, ශක්තිය හා ජවය
Grade
10
Term
3
ඉලක්කය: කාර්යය, ශක්තිය සහ ජවය යන සංකල්ප තේරුම් ගෙන, ඒවාට අදාළ සූත්‍ර භාවිතයෙන් සරල ගණනය කිරීම් කිරීම.
Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):
මට්ටම 1 (මුල සිට පටන් ගමු):
"විද්‍යාත්මකව 'කාර්යය' කියන්නේ මොකක්ද?""ශක්තියේ සහ කාර්යයේ SI ඒකකය මොකක්ද?""චාලක ශක්තිය සහ විභව ශක්තිය කියන්නේ මොන ශක්ති වර්ග දෙකද?"
මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු):
"චාලක ශක්තිය සහ විභව ශක්තිය අතර වෙනස උදාහරණයක් දීලා පැහැදිලි කරන්න.""ජවය කියන්නේ මොකක්ද? ඒක මනින ඒකකය මොකක්ද?""Ep = mgh සහ Ek = ½mv² කියන සූත්‍ර දෙකේ තියෙන අකුරු වලින් මොනවද නිරූපණය වෙන්නේ?"
මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු):
"ස්කන්ධය 5 kg වුණු බෑග් එකක් පොළවේ ඉඳන් මීටර් 2ක් උස මේසයක් උඩට උස්සනකොට කරන කාර්යය හොයන විදිහ මට පියවරෙන් පියවර කියලා දෙන්න. (g=10ms⁻²)""ස්කන්ධය 800 kg වුණු කාර් එකක් 10 ms⁻¹ ක වේගයෙන් යනකොට ඒකෙ තියෙන චාලක ශක්තිය හොයන්න.""මට මේ පාඩමෙන් සරල ගණිත ගැටලු 3ක්, ඒවා විසඳන හැටිත් එක්ක හදලා දෙන්න."
මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු):
"ඔයා භෞතික විද්‍යා ගුරුවරයෙක් කියලා හිතාගෙන, ජල විදුලි බලාගාරයකදී විදුලිය ජනනය වන ආකාරය, ශක්ති සංස්ථිති නියමය සහ ශක්ති පරිවර්තන (විභව ශක්තිය → චාලක ශක්තිය → විද්‍යුත් ශක්තිය) ඇසුරෙන් විස්තරාත්මකව පැහැදිලි කරන්න කියන විභාග මට්ටමේ ප්‍රශ්නයක් හදන්න.""යන්ත්‍ර දෙකක් එකම කාර්යය ප්‍රමාණයක් කරනවා, නමුත් එකක් අනිකට වඩා අඩු කාලයක් ගන්නවා. මේ යන්ත්‍ර දෙකේ ජවය සංසන්දනය කරන්න."
වියාචනය (Disclaimer)
Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.
කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.
ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.
