Prompt Packs
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
පාඩම 13: ජෛව ලෝකය (The Living World)
Grade
10
Term
3
ඉලක්කය: ජීවීන් වර්ගීකරණය කිරීමේ අවශ්‍යතාව තේරුම් ගෙන, ප්‍රධාන රාජධානි සහ ඒවායේ ලක්ෂණ හඳුනා ගැනීම.
Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):
මට්ටම 1 (මුල සිට පටන් ගමු - Fail → Pass):
"ජීවීන් වර්ගීකරණය කරන්නේ ඇයි කියලා සරලව කියන්න.""සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක අතර ප්‍රධානම වෙනස මොකක්ද?""පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියන්නේ මොන වගේ සත්තුද?"
මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු - S → C):
"ජීවීන් වර්ගීකරණය කරන ප්‍රධාන රාජධානි 5 මොනවද කියලා ලැයිස්තුගත කරන්න.""ඒක බීජ පත්‍රී සහ ද්වීබීජ පත්‍රී ශාක හඳුනාගන්න පුළුවන් ලක්ෂණ 3ක් මොනවද?""ද්විපද නාමකරණය කියන්නේ මොකක්ද? මිනිසාගේ විද්‍යාත්මක නාමය ලියන්න."
මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු - C → B):
"ප්‍රොටිස්ටා, ෆන්ගයි සහ ප්ලාන්ටේ කියන රාජධානි තුන, ඒවායේ පෝෂණ ක්‍රමය සහ සෛල බිත්තියේ ස්වභාවය අනුව සංසන්දනය කරලා වගුවක් හදන්න.""පෘෂ්ඨවංශීන්ගේ ප්‍රධාන වර්ග 5 (මත්ස්‍ය, උභයජීවී, උරග, පක්ෂි, ක්ෂීරපායී) හඳුනාගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් බැගින් උදාහරණත් එක්ක දෙන්න.""මට මේ පාඩමෙන් බහුවරණ ප්‍රශ්න 5ක්, ඒවායේ නිවැරදි පිළිතුරුත් එක්ක හදලා දෙන්න."
මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු - B → A):
"ඔයා ජීව විද්‍යා ගුරුවරයෙක් කියලා හිතාගෙන, නොහඳුනන සතෙකුගේ ලක්ෂණ කිහිපයක් (උදා: කොරපොතු සහිත සම, චලතාපී, හෘදය කුටීර 3) දීලා, එම සතා අයත් විය හැකි පෘෂ්ඨවංශී වර්ගය හඳුනාගෙන, ඊට හේතු දක්වන්න කියන විභාග මට්ටමේ ප්‍රශ්නයක් හදන්න.""වර්ගීකරණය, ජීවීන් අතර පවතින පරිණාමික සබඳතා තේරුම් ගැනීමට උපකාරී වන්නේ කෙසේද?"
වියාචනය (Disclaimer)
Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.
කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.
ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.
