Prompt Packs
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
පාඩම 1: ජීවයේ රසායනික පදනම
Grade
10
Term
1
ඉලක්කය: මේ පාඩමෙන් පස්සේ, ඔයාට පුළුවන් වෙන්න ඕන ජීවීන්ගේ ශරීරය හැදිලා තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද, ඒවායේ වැඩ මොනවද, ඒවා නැති වුණොත් මොකද වෙන්නේ කියලා පැහැදිලි කරන්න.
Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):
මට්ටම 1 (මුල සිට පටන් ගමු - Fail → Pass):
"සරල සිංහලෙන්, ජෛව අණු කියන්නේ මොනවද කියලා උදාහරණත් එක්ක මට පැහැදිලි කරන්න.""ජීවී දේහයක වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය 4 මොනවද කියලා ලැයිස්තුගත කරන්න.""කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන සහ ලිපිඩ වල ප්‍රධානම කාර්යය මොකක්ද කියලා එක වාක්‍යයෙන් කියන්න."
මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු - S → C):
"මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ සහ පොලිසැකරයිඩ අතර වෙනස, උදාහරණත් එක්ක වගුවකින් මට පෙන්වන්න.""ආහාරයක පිෂ්ටය තියෙනවද කියලා හොයන අයඩින් පරීක්ෂාව කරන විදිහයි, ලැබෙන නිරීක්ෂණයයි මට පැහැදිලි කරන්න.""මිනිස් සිරුරට යකඩ (Fe) සහ විටමින් C අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි කියලා කෙටියෙන් කියන්න."
මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු - C → B):
"ජලයේ තියෙන 'හොඳ ද්‍රාවකයක් වීම' සහ 'අධික තාප ධාරිතාව' කියන ගුණ දෙක ජීවීන්ට වැදගත් වෙන්නේ කොහොමද කියලා උදාහරණ දීලා පැහැදිලි කරන්න.""එන්සයිම කියන්නේ ප්‍රෝටීන විශේෂයක්. එන්සයිමයක් 'ජීවී උත්ප්‍රේරකයක්' ලෙස ක්‍රියා කරන ආකාරය සරල උදාහරණයකින් මට පහදලා දෙන්න.""මට මේ පාඩමෙන් බහුවරණ ප්‍රශ්න 5ක්, ඒවායේ නිවැරදි පිළිතුරුත් එක්ක හදලා දෙන්න."
මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු - B → A):
"ඔයා විභාග පරීක්ෂකවරයෙක් කියලා හිතාගෙන, 'ජීවයේ රසායනික පදනම' පාඩමෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් හදන්න. ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියන විදිහ ගැන මට උපදෙස් දෙන්න.""පිෂ්ටය, සෙලියුලෝස් සහ ග්ලයිකොජන් කියන පොලිසැකරයිඩ තුනේම තැනුම් ඒකකය ග්ලූකෝස්. එහෙනම්, මේ තුනේ ව්‍යුහය සහ කෘත්‍යය වෙනස් වෙන්නේ ඇයි? ගැඹුරින් පැහැදිලි කරන්න."
වියාචනය (Disclaimer)
Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.
කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.
ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.
