Prompt Packs
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
පාඩම 12: බල සමතුලිතතාව (Equilibrium of Forces)
Grade
10
Term
2
ඉලක්කය: වස්තුවක් නිශ්චලව හෝ ඒකාකාර ප්‍රවේගයෙන් පැවතීමට හේතුවන බල සමතුලිතතාවය සඳහා අවශ්‍ය කොන්දේසි තේරුම් ගැනීම.
Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):
මට්ටම 1 (මුල සිට පටන් ගමු):
"බල සමතුලිතතාව කියන්නේ මොකක්ද?""මේසයක් උඩ තියෙන පොතක් මත ක්‍රියා කරන ප්‍රධාන බල දෙක මොනවද?""වස්තුවක් මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය බිංදුවක් නම්, ඒ වස්තුව සමතුලිතතාවයේ තියෙනවද?"
මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු):
"වස්තුවක් බල දෙකක් යටතේ සමතුලිත වෙන්න නම්, ඒ බල දෙකේ තියෙන්න ඕන ලක්ෂණ 3 මොනවද?""අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? ඒක ක්‍රියා කරන්නේ කොයි පැත්තටද?""ලණුවකින් එල්ලලා තියෙන බරක් සමතුලිත වෙලා තියෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න."
මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු):
"ආධාරක දෙකක් උඩ තියලා තියෙන ලී දණ්ඩක් සමතුලිත වෙලා තියෙන්නේ කොහොමද? ඒක මත ක්‍රියා කරන සමාන්තර බල 3 මොනවද?""ඒකතලීය සහ ඒක ලක්ෂ්‍යීය බල කියන්නේ මොනවද?""මට මේ පාඩමෙන් බහුවරණ ප්‍රශ්න 5ක්, ඒවායේ නිවැරදි පිළිතුරුත් එක්ක හදලා දෙන්න."
මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු):
"ඔයා භෞතික විද්‍යා ගුරුවරයෙක් කියලා හිතාගෙන, බිත්තියක ලණු දෙකකින් එල්ලලා තියෙන පින්තූර රාමුවක රූපයක් දෙන්න. ඒක සමතුලිත වෙලා තියෙන්නේ කොහොමද කියලා, ඒ මත ක්‍රියා කරන සමාන්තර නොවන බල තුන ඇසුරෙන් විස්තරාත්මකව පැහැදිලි කරන්න කියන විභාග මට්ටමේ ප්‍රශ්නයක් හදන්න.""වස්තුවක් සමතුලිතතාවයේ පැවතීම යනු එය සැමවිටම නිශ්චලව පැවතීමද? ඔබේ පිළිතුර උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්න."
වියාචනය (Disclaimer)
Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.
කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.
ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.
