Prompt Packs
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
පාඩම 7: මූල ද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
Grade
10
Term
2
ඉලක්කය: "මවුලය" යන සංකල්පය තේරුම් ගෙන, රසායනික ගණනය කිරීම් සඳහා එය භාවිතා කිරීමට දක්ෂ වීම.
Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):
මට්ටම 1 (මුල සිට පටන් ගමු):
"සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා සරලව කියන්න.""මවුලය කියන්නේ රසායන විද්‍යාවේදී පාවිච්චි කරන ඒකකයක්. ඒකෙන් මනින්නේ මොකක්ද?""ඇවගාඩ්රෝ නියතයේ අගය කීයද?"
මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු):
"ජල අණුවක (H₂O) සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන විදිහ මට පියවරෙන් පියවර කියලා දෙන්න. (H=1, O=16)""මවුලික ස්කන්ධය කියන්නේ මොකක්ද? ඒකෙයි සාපේක්ෂ අණුක ස්කන්ධයෙයි වෙනස මොකක්ද?""කාබන් (C) ග්‍රෑම් 12ක තියෙන පරමාණු ගණන කීයද?"
මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු):
"කාබන් ඩයොක්සයිඩ් (CO₂) ග්‍රෑම් 88ක අඩංගු මවුල ගණන හොයන සම්පූර්ණ ක්‍රමය මට පැහැදිලි කරන්න. (C=12, O=16)""සෝඩියම් (Na) මවුල 0.5ක ස්කන්ධය ග්‍රෑම් වලින් කොපමණද? (Na=23)""මට මේ පාඩමෙන් සරල ගණිත ගැටලු 3ක්, ඒවා විසඳන හැටිත් එක්ක හදලා දෙන්න."
මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු):
"ඔයා රසායන විද්‍යා ගුරුවරයෙක් කියලා හිතාගෙන, ද්‍රව්‍යයක ස්කන්ධය දීලා, ඒකෙ තියෙන මවුල ගණන, අණු ගණන, සහ එක් මූලද්‍රව්‍යයක පරමාණු ගණන හොයන්න දෙන විභාග මට්ටමේ ගැටලුවක් හදන්න. (උදා: ග්ලූකෝස් C₆H₁₂O₆ ග්‍රෑම් 90ක) ඒක විසඳන සම්පූර්ණ ක්‍රමයත් මට පැහැදිලි කරන්න.""රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක සහ ඵල අතර ප්‍රමාණාත්මක සම්බන්ධය තේරුම් ගන්න මවුලය කියන සංකල්පය වැදගත් වෙන්නේ කොහොමද?"
වියාචනය (Disclaimer)
Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.
කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.
ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.
