top of page

Prompt Packs

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

පාඩම 9: තාපය

Grade

11

Term

2

ඉලක්කය: තාපය සහ උෂ්ණත්වය අතර වෙනස හඳුනා ගැනීමට, Q=mcθ සූත්‍රය භාවිතයෙන් ගණනය කිරීම් සිදු කිරීමට, ජලයේ තාපන වක්‍රය ඇසුරින් අවස්ථා විපර්යාස පැහැදිලි කිරීමට සහ තාප සම්ප්‍රේෂණ ක්‍රම තුන ප්‍රායෝගික යෙදීම් සහිතව විස්තර කිරීමට දක්ෂ වීම.

Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):

මට්ටම 1 (මුල සිට පටන් ගමු - Fail → Pass):

  • "තාපය ගලන්නේ වැඩි උෂ්ණත්වයේ ඉඳන් අඩු උෂ්ණත්වයට ද, නැත්නම් අඩු උෂ්ණත්වයේ ඉඳන් වැඩි උෂ්ණත්වයට ද?"

  • "මාධ්‍යයක් අවශ්‍ය නැතිව තාපය ගමන් කරන ක්‍රමය මොකක්ද?"

  • "උෂ්ණත්වය වෙනස් නොවී, ද්‍රව්‍යයක අවස්ථාව වෙනස් වෙන්න දෙන තාපයට කියන නම මොකක්ද?"

  • "Q = mcθ සූත්‍රයේ 'c' අකුරෙන් නිරූපණය කරන්නේ කුමක්ද?"

මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු - S → C):

  • "තාපය සහ උෂ්ණත්වය අතර තියෙන ප්‍රධාන වෙනස මට සරලව පැහැදිලි කරන්න."

  • "තාප සම්ප්‍රේෂණ ක්‍රම 3 මොනවද කියා ලැයිස්තුගත කර, ඒ එක එකක් ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ මොන වගේ ද්‍රව්‍ය වලද (ඝන/ද්‍රව/වායු) කියා කියන්න."

  • "විශිෂ්ට තාප ධාරිතාව යන්න අර්ථ දක්වන්න."

  • "'සංවහනය' මගින් තාපය සම්ප්‍රේෂණය වීමේදී, ද්‍රව හෝ වායු අංශු වල චලනය සිදුවන ආකාරය සරලව විස්තර කරන්න."

මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු - C → B):

  • "ස්කන්ධය 2 kg වුණු වතුර භාජනයක උෂ්ණත්වය 10 °C කින් වැඩි කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය Q = mcθ සූත්‍රය දමා ගණනය කරන ආකාරය මට පියවරෙන් පියවර කියා දෙන්න. (ජලයේ c = 4200 J kg⁻¹ °C⁻¹ ලෙස ගන්න)."

  • "මුහුදු සුළං සහ ගොඩබිම සුළං ඇතිවන ආකාරය 'සංවහනය' යන සංකල්පය භාවිතයෙන් පැහැදිලි කරන්න."

  • "100°C ජලයට වඩා 100°C හුමාලයෙන් වන පිළිස්සීම බරපතල වීමට හේතුව 'වාෂ්පීභවනයේ ගුප්ත තාපය' යන වචනය යොදාගෙන පැහැදිලි කරන්න."

මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු - B → A):

  • "ඔයා භෞතික විද්‍යා ගුරුවරයෙක් කියා සිතාගෙන, 'අයිස් කැබැල්ලක් රත් කර හුමාලය බවට පත් කිරීමේදී එහි උෂ්ණත්වය කාලයත් සමග විචලනය වන ආකාරය පෙන්වන ප්‍රස්තාරයක් ඇඳ, එහි එක් එක් කොටස විස්තර කරන්න' යන රචනා ප්‍රශ්නයට පිළිතුරු සපයන ආකාරය ගැන මට උපදෙස් දෙන්න."

  • "තාප පරිවාරක බඳුනක් (Thermos flask) තුළ ඇති උණුසුම් ද්‍රව්‍යයක් දිගු වේලාවක් උණුවෙන් තබා ගැනීමට එහි ඇති කොටස් උපකාරී වන ආකාරය පැහැදිලි කරන්න. එහි රිදී ආලේපිත ද්විත්ව බිත්තිය, රික්තකය සහ ඇබය යන කොටස් තුන, තාප සම්ප්‍රේෂණ ක්‍රම 3 (සන්නයනය, සංවහනය, විකිරණය) වළක්වන ආකාරය වෙන වෙනම ගැඹුරින් විස්තර කරන්න."

Sources

profile picture

වියාචනය (Disclaimer)

Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.

කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.

ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.

bottom of page