Prompt Packs
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
පාඩම 11: ඉලෙක්ට්‍රොනික් විද්‍යාව
Grade
11
Term
3
ඉලක්කය: මූලික ඉලෙක්ට්‍රොනික උපාංග හඳුනා ගැනීමට, ඍජුකරණය සහ ස්විචකරණය වැනි යෙදීම් වලදී ඩයෝඩ සහ ට්‍රාන්සිස්ටර වල ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමට, සහ අදාළ පරිපථ සටහන් සහ තරංග ආකාර නිවැරදිව ඇඳීමට හා විග්‍රහ කිරීමට දක්ෂ වීම.
Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):
මට්ටම 1 (මුල සිට පටන් ගමු - Fail → Pass):
"n-වර්ගයේ අර්ධ සන්නායකයක බහුතර වාහක මොනවාද?"
"ධාරාව එක දිශාවකට පමණක් ගලා යාමට සලස්වන ඉලෙක්ට්‍රොනික උපාංගය කුමක්ද?"
"ප්‍රත්‍යාවර්ත ධාරාවක් (AC) ඒක දිශ ධාරාවක් (DC) බවට පත් කරන ක්‍රියාවලියට කියන නම කුමක්ද?"
"ට්‍රාන්සිස්ටරයක ඇති අග්‍ර 3 මොනවාද?"
මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු - S → C):
"ඩයෝඩයක් 'පෙර නැඹුරු' කිරීම යනු කුමක්ද? එම අවස්ථාවේදී ධාරාව ගලනවාද?"
"n-වර්ග සහ p-වර්ග අර්ධ සන්නායක සෑදෙන ආකාරය සහ ඒවායේ බහුතර වාහක අතර වෙනස මට කියන්න."
"මට npn ට්‍රාන්සිස්ටරයක සම්මත ඉලෙක්ට්‍රොනික සංකේතය ඇඳ පෙන්වන්න."
"අර්ධ තරංග ඍජුකාරකයකට සහ පූර්ණ තරංග ඍජුකාරකයකට (සේතු) අවශ්‍ය ඩයෝඩ ගණන කීයද?"
මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු - C → B):
"පූර්ණ තරංග සේතු ඍජුකාරකයක පරිපථ සටහන ඇඳ, එහි ආදාන AC තරංගය සහ ප්‍රතිදාන DC තරංගය කෙබඳුදැයි ඇඳ පෙන්වන්න."
"ට්‍රාන්සිස්ටරයක් 'වර්ධකයක්' ලෙස ක්‍රියා කරන මූලික සිද්ධාන්තය කුමක්ද? (පාදම් ධාරාව සහ සංග්‍රාහක ධාරාව අතර සම්බන්ධය)"
"ඍජුකරණය කළ DC ප්‍රතිදානයක් 'සුමටනය' කරන්නේ කෙසේද? ඒ සඳහා භාවිතා කරන උපාංගය කුමක්ද සහ එය පරිපථයට සම්බන්ධ කරන්නේ කෙසේද?"
මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු - B → A):
"ඔබ විභාග පරීක්ෂකවරයෙකු ලෙස සිතා, LDR සංවේදකයක් සහ ට්‍රාන්සිස්ටරයක් යොදාගෙන අඳුර වැටුණු විට LED බල්බයක් දැල්වෙන පරිපථයක සටහනක් දී, එය ක්‍රියාත්මක වන ආකාරය පියවරෙන් පියවර පැහැදිලි කරන්න යැයි අසන විභාග මට්ටමේ ගැටළුවක් සාදන්න. එයට පිළිතුරු සපයන ආකාරය ගැනත් මට උපදෙස් දෙන්න."
"p-n සන්ධි ඩයෝඩයක් පෙර නැඹුරු සහ පසු නැඹුරු කළ විට එහි ක්‍රියාකාරීත්වය ගැඹුරින් පැහැදිලි කරන්න. ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඍජුකරණය කිරීමේදී ඩයෝඩයේ මෙම ගුණය අත්‍යවශ්‍ය වන්නේ ඇයි? පූර්ණ තරංග සේතු ඍජුකාරකයක්, අර්ධ තරංග ඍජුකාරකයකට වඩා කාර්යක්ෂම වන්නේ කෙසේද?"
වියාචනය (Disclaimer)
Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.
කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.
ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.
