top of page

Prompt Packs

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

පාඩම 20: ප්‍රවේණිය

Grade

10

Term

3

ඉලක්කය: ජාන මගින් ලක්ෂණ උරුම වන ආකාරය, මෙන්ඩල්ගේ නියම සහ පනට් කොටු භාවිතයෙන් තේරුම් ගැනීම.

Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):

  • මට්ටම 1 (මුල සිට පටන් ගමු):

    • "ප්‍රවේණිය කියන්නේ මොකක්ද?"

    • "ප්‍රමුඛ ජානයක් සහ නිලීන ජානයක් අතර වෙනස මොකක්ද?"

    • "මිනිස් ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ ලිංග වර්ණදේහ මොනවද?"

  • මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු):

    • "ප්‍රවේණිදර්ශය සහ රූපානුදර්ශය කියන්නේ මොනවද කියලා උදාහරණයක් දීලා පැහැදිලි කරන්න."

    • "සමයුග්මක (Homozygous) සහ විෂමයුග්මක (Heterozygous) කියන වචන දෙකේ තේරුම මොකක්ද?"

    • "දරුවෙකුගේ ලිංගය තීරණය වෙන්නේ අම්මගෙන්ද තාත්තගෙන්ද? හේතු දක්වන්න."

  • මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු):

    • "විෂමයුග්මක උස මෑ ශාකයක් (Tt) සහ මිටි මෑ ශාකයක් (tt) මුහුම් කළාම, ලැබෙන දරුවන්ගේ ප්‍රවේණිදර්ශ සහ රූපානුදර්ශ අනුපාත හොයන විදිහ පනට් කොටුවක් ඇඳලා මට පියවරෙන් පියවර කියලා දෙන්න."

    • "ලිංග ප්‍රතිබද්ධ ආබාධයක් කියන්නේ මොකක්ද? උදාහරණයක් දෙන්න."

    • "මට මේ පාඩමෙන් බහුවරණ ප්‍රශ්න 5ක්, ඒවායේ නිවැරදි පිළිතුරුත් එක්ක හදලා දෙන්න."

  • මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු):

    • "ඔයා ජීව විද්‍යා ගුරුවරයෙක් කියලා හිතාගෙන, වර්ණ අන්ධතාව කියන ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණය උරුම වෙන විදිහ පෙළපතක් ඇසුරෙන් පැහැදිලි කරන්න කියන විභාග මට්ටමේ ප්‍රශ්නයක් හදන්න. (උදා: වර්ණ අන්ධ පියෙකුට සහ වාහක මවකට දාව උපදින දරුවන්)."

    • "ජාන ඉංජිනේරු විද්‍යාව කියන්නේ මොකක්ද? කෘෂිකර්මාන්තයේදී සහ වෛද්‍ය විද්‍යාවේදී එය යොදාගන්නා ආකාරයට උදාහරණ දෙන්න."

වියාචනය (Disclaimer)

Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.

කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.

ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.

bottom of page