Prompt Packs
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
පාඩම 5: ඝර්ෂණය (Friction)
Grade
10
Term
1
ඉලක්කය: ඝර්ෂණ බලයේ ස්වභාවය, එයට බලපාන සාධක සහ එහි වාසි-අවාසි එදිනෙදා ජීවිතයේ උදාහරණ ඇසුරින් තේරුම් ගැනීම.
Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):
මට්ටම 1 (මුල සිට පටන් ගමු - Fail → Pass):
"ඝර්ෂණය කියන්නේ මොකක්ද?""ඝර්ෂණයේ වාසියක් සහ අවාසියක් කියන්න.""යන්ත්‍ර වලට තෙල් දාන්නේ ඝර්ෂණය වැඩි කරන්නද අඩු කරන්නද?"
මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු - S → C):
"ස්ථිතික ඝර්ෂණය සහ ගතික ඝර්ෂණය අතර වෙනස මොකක්ද?""ඝර්ෂණ බලය රඳා පවතින සාධක දෙක මොනවද?""වාහන ටයර්වල මෝස්තර (කට්ට) කපලා තියෙන්නේ ඇයි?"
මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු - C → B):
"ඝර්ෂණය, ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලය මත රඳා නොපවතී. මේක සරල උදාහරණයකින් පැහැදිලි කරන්න.""බර පෙට්ටියක් රළු පොළවක් මත තල්ලු කරනකොටයි, සිනිඳු පොළවක් මත තල්ලු කරනකොටයි දැනෙන වෙනසට හේතුව ඝර්ෂණය ඇසුරෙන් පැහැදිලි කරන්න.""මට ඝර්ෂණය අඩු කරන ක්‍රම 3ක් ලැයිස්තුගත කරලා දෙන්න."
මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු - B → A):
"ඔයා ඉංජිනේරුවෙක් කියලා හිතන්න. අධික වේගයෙන් යන රේසින් කාර් එකක් නිර්මාණය කරනකොට, ඝර්ෂණය කියන සංකල්පය වාසිදායක සහ අවාසිදායක විදිහට බලපාන අවස්ථා මොනවද? (උදා: ටයර්, වායු ප්‍රතිරෝධය, එන්ජිම). මේ අවාසි අවම කරගන්න යොදන තාක්ෂණික ක්‍රම මොනවද?""සීමාකාරී ඝර්ෂණය සහ ගතික ඝර්ෂණය අතර සියුම් වෙනසක් තියෙනවා. ගතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණයට වඩා මඳක් අඩු වෙන්න හේතුව කුමක් විය හැකිද?"
වියාචනය (Disclaimer)
Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.
කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.
ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.
