top of page

Prompt Packs

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

පාඩම 05: ප්‍රකාශ විද්‍යාව

Grade

11

Term

1

ඉලක්කය: ආලෝකයේ පරාවර්තනය සහ වර්තනය පිළිබඳ මූලධර්ම අවබෝධ කර ගැනීමට, විවිධ දර්පණ සහ කාච සඳහා ප්‍රතිබිම්බවල ලක්ෂණ නිර්ණය කිරීමට අදාළ කිරණ සටහන් නිවැරදිව ඇඳීමට දක්ෂ වීමට, සහ ඒවායේ ප්‍රායෝගෝගික යෙදීම් පැහැදිලි කිරීමට හැකියාව ලබා ගැනීම.

Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):

මට්ටම 1 (මුල සිට පටන් ගමු - Fail → Pass):

  • "ආලෝක පරාවර්තනය සහ ආලෝක වර්තනය කියන්නේ මොකක්ද කියලා සරලව කියන්න."

  • "ආලෝකය අභිසාරී (එකතු) කරන දර්පණ වර්ගය සහ කාච වර්ගය මොකක්ද?"

  • "තිරයක් මතට ගන්න පුළුවන් ප්‍රතිබිම්බ වර්ගය කුමක්ද? " (තාත්වික ද අතාත්වික ද?)

  • "වාහනයක පැති කණ්ණාඩියක් විදිහට පාවිච්චි කරන්නේ උත්තල දර්පණයක් ද, අවතල දර්පණයක් ද? "

මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු - S → C):

  • "පරාවර්තන නියම දෙක සරලව මට ලැයිස්තුගත කර දෙන්න. "

  • "තාත්වික ප්‍රතිබිම්බයක් සහ අතාත්වික ප්‍රතිබිම්බයක් අතර තියෙන ප්‍රධාන වෙනස්කම් 2ක් මොනවද? "

  • "ආලෝකය විරල මාධ්‍යයක ඉඳන් ඝන මාධ්‍යයකට යනකොට අභිලම්බය දෙසට නැමෙනවාද, නැත්නම් අභිලම්බයෙන් ඉවතට නැමෙනවාද? "

  • "අවතල දර්පණයක සහ උත්තල කාචයක ආලෝකය කෙරෙහි ඇති කරන බලපෑමේ තියෙන සමානකම මොකක්ද? "

මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු - C → B):

  • "උත්තල කාචයක් සඳහා ප්‍රතිබිම්බයක් හදන්න පාවිච්චි කරන ප්‍රධාන කිරණ 3 මොනවද කියලා මට පැහැදිලි කරන්න. "

  • "පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන සංසිද්ධිය සිදුවීමට අනිවාර්යයෙන්ම සම්පූර්ණ විය යුතු කොන්දේසි දෙක මොනවද? "

  • "දන්ත වෛද්‍යවරු දත් පරීක්ෂා කරන්න අවතල දර්පණයක් පාවිච්චි කරන්නේ ඇයි?  ඒකෙන් හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවද?"

  • "උත්තල දර්පණයකින් සහ අවතල කාචයකින් සෑම විටම සෑදෙන්නේ එකම වර්ගයේ ප්‍රතිබිම්බයක්.  ඒ ප්‍රතිබිම්බයේ ලක්ෂණ 3 මට කියන්න."

මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු - B → A):

  • "ඔයා විභාග පරීක්ෂකවරයෙක් කියලා හිතාගෙන, උත්තල කාචයක නාභීය දුර මෙන් දෙගුණයක් දුරින් (2F හි) වස්තුවක් තැබූ විට, ප්‍රතිබිම්බය සෑදෙන ආකාරය පෙන්වන කිරණ සටහනක් අඳින්න කියන ප්‍රශ්නයක් හදන්න. ඒ ප්‍රතිබිම්බයේ ලක්ෂණ 3ක් නම් කරන්න කියන්න. මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන විදිහ ගැන මට උපදෙස් දෙන්න."

  • "ප්‍රකාශ තන්තු (Optical Fibers) ක්‍රියාත්මක වන විද්‍යාත්මක මූලධර්මය කුමක්ද?  එම මූලධර්මය, ප්‍රකාශ තන්තුවක් තුළ ආලෝකය සම්ප්‍රේෂණය කිරීමට දායක වන ආකාරය රූප සටහනක ආධාරයෙන් ගැඹුරින් පැහැදිලි කරන්න."

වියාචනය (Disclaimer)

Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.

කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.

ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.

bottom of page