top of page

Prompt Packs

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

පාඩම 02: ප්‍රභාසංශ්ලේෂණය

Grade

11

Term

1

ඉලක්කය: ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය, එයට අවශ්‍ය සාධක සහ එහි ඵල ගැඹුරින් අවබෝධ කර ගැනීමට, ඊට අදාළ පරීක්ෂණ සැලසුම් කිරීමට, විස්තර කිරීමට සහ විභාග මට්ටමේ ගැටලු විශ්ලේෂණය කිරීමට දක්ෂ වීම.

Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):

මට්ටම 1 (මුල සිට පටන් ගමු - Fail → Pass):

  • "ප්‍රභාසංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා සරලව අර්ථ දක්වන්න."

  • "ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍ය වන ප්‍රධාන සාධක 4 මොනවාද? "

  • "ප්‍රභාසංශ්ලේෂණයේදී ශාකයෙන් පිටකරන වායුව මොකක්ද? "

  • "ශාක පත්‍රයක පිෂ්ටය තියෙනවද කියලා හොයන්න පාවිච්චි කරන රසායනික ද්‍රව්‍යය මොකක්ද? "

මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු - S → C):

  • "ප්‍රභාසංශ්ලේෂණය සඳහා වන තුලිත රසායනික සමීකරණය ලියලා, එහි ප්‍රතික්‍රියක සහ ඵල හඳුන්වන්න."

  • "පත්‍රයක කරන පිෂ්ට පරීක්ෂාවේදී, පත්‍රය මුලින්ම වතුරෙත්, ඊට පස්සේ මද්‍යසාරයෙත් තම්බන්නේ ඇයි? හේතු වෙන වෙනම පැහැදිලි කරන්න. "

  • "ප්‍රභාසංශ්ලේෂණයේදී හැදෙන ග්ලූකෝස්, ශාකය ගබඩා කරන්නේ සහ ශාකයේ අනෙකුත් කොටස් වලට පරිවහනය කරන්නේ මොන ආකාරවලටද? "

  • "පරීක්ෂණයක් පටන් ගන්න කලින් ශාකයක් 'අපිෂ්ටනය' කරන්නේ (destarch) ඇයි? "

මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු - C → B):

  • "ප්‍රභාසංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වන පරීක්ෂණයේදී පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් (KOH) භාවිතා කරන්නේ ඇයි? ඒ පරීක්ෂණය සැලසුම් කරන විදිහ මට පියවරෙන් පියවර කියලා දෙන්න. "

  • "විචිත්‍ර පත්‍රයක් (උදා: ක්‍රෝටන්) භාවිතා කරලා ප්‍රභාසංශ්ලේෂණයට හරිතප්‍රද අත්‍යවශ්‍ය බව පෙන්වන පරීක්ෂණය විස්තර කරන්න. "

  • "ජලජ ශාකයක් යොදාගෙන ප්‍රභාසංශ්ලේෂණයේදී ඔක්සිජන් පිටවන බව පෙන්වන පරීක්ෂණයේ සැකැස්ම විස්තර කරන්න. පිටවෙන වායුව ඔක්සිජන්මයි කියලා තහවුරු කරගන්නේ කොහොමද? "

මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු - B → A):

  • "ඔයා විභාග පරීක්ෂකවරයෙක් කියලා හිතාගෙන, 'ප්‍රභාසංශ්ලේෂණය සඳහා ආලෝකය අත්‍යවශ්‍ය සාධකයකි' යන්න පෙන්වීම සඳහා පරීක්ෂණයක් සැලසුම් කර, එහි පියවර, නිරීක්ෂණ සහ නිගමන පැහැදිලිව ඇතුළත් වන ලෙස ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් හදන්න. ඒ ප්‍රශ්නයට ආදර්ශ පිළිතුරක් ලියන විදිහත් මට කියලා දෙන්න. "

  • "ජෛවගෝලයේ පැවැත්ම සඳහා ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි? ආහාර නිෂ්පාදනය, වායුගෝලයේ O₂/CO₂ තුලිතතාවය පවත්වා ගැනීම සහ ජීවයට ශක්තිය සැපයීම යන කරුණු 3ම ඇතුළත් කරලා ගැඹුරින් විස්තර කරන්න. "

වියාචනය (Disclaimer)

Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.

කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.

ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.

bottom of page