Prompt Packs
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
පාඩම 6: ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය
Grade
10
Term
2
ඉලක්කය: සෛලය ජීවයේ මූලික ඒකකය බව තේරුම් ගෙන, ශාක හා සත්ත්ව සෛලවල කොටස් (ඉන්ද්‍රයිකා) සහ ඒවායේ කෘත්‍යයන් හඳුනා ගැනීම.
Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):
මට්ටම 1 (මුල සිට පටන් ගමු - Fail → Pass):
"ශාක සෛලයක සහ සත්ත්ව සෛලයක ප්‍රධානම වෙනස්කම් 3 මොනවද කියලා සරලව කියන්න.""සෛලයේ පාලන මධ්‍යස්ථානය ලෙස හඳුන්වන ඉන්ද්‍රයිකාව මොකක්ද?""සෛල බිත්තියක් තියෙන්නේ ශාක සෛල වලද? සත්ත්ව සෛල වලද?"
මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු - S → C):
"ශාක සෛලයක සහ සත්ත්ව සෛලයක නම් කළ රූප සටහන් දෙකක් මට පෙන්වන්න.""මයිටොකොන්ඩ්‍රියාව 'සෛලයේ ජව මධ්‍යස්ථානය' ලෙස හඳුන්වන්නේ ඇයි?""සෛල වාදය (Cell Theory) මගින් ඉදිරිපත් කරන මූලික කරුණු 3 මොනවද?"
මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු - C → B):
"ශාක සෛලයක ඇති හරිතලවයේ සහ මයිටොකොන්ඩ්‍රියාවේ කෘත්‍යයන් අතර ඇති සම්බන්ධය කුමක්ද?""සෛලයක විවිධ ඉන්ද්‍රයිකා එකිනෙකට සම්බන්ධීකරණයෙන් ක්‍රියා කරමින් සෛලය ජීවමානව තබන ආකාරය පැහැදිලි කරන්න. (උදා: න්‍යෂ්ටිය, රයිබොසෝම, අන්තඃප්ලාස්මීය ජාලිකාව)""මට මේ පාඩමෙන් බහුවරණ ප්‍රශ්න 5ක්, ඒවායේ නිවැරදි පිළිතුරුත් එක්ක හදලා දෙන්න."
මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු - B → A):
"ඔයා ජීව විද්‍යා ගුරුවරයෙක් කියලා හිතාගෙන, ශාක සෛලයක් සහ සත්ත්ව සෛලයක් අතර සමානකම් සහ අසමානකම් වගුවක් යොදාගෙන සංසන්දනය කරන විභාග මට්ටමේ ප්‍රශ්නයක් හදන්න. ඒකට ආදර්ශ පිළිතුරකුත් දෙන්න.""අනූනනය සහ ඌනනය කියන සෛල විභාජන ක්‍රම දෙක, ඒවායේ වැදගත්කම සහ අවසානයේ ඇතිවන දුහිතෘ සෛල සංඛ්‍යාව ඇසුරෙන් සංසන්දනය කරන්න."
වියාචනය (Disclaimer)
Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.
කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.
ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.
