top of page

Prompt Packs

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

පාඩම 2: සරල රේඛීය චලිතය

Grade

10

Term

1

ඉලක්කය: චලිතය සම්බන්ධ ගණනය කිරීම් සහ ප්‍රස්තාර විශ්ලේෂණය කිරීමේ හැකියාව දියුණු කර ගැනීම.

Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):

  • මට්ටම 1 (මුල සිට පටන් ගමු - Fail → Pass):

    • "දුර සහ විස්ථාපනය අතර තියෙන ප්‍රධානම වෙනස මොකක්ද?"

    • "වේගය, ප්‍රවේගය සහ ත්වරණය කියන රාශීන් තුන සරලව අර්ථ දක්වන්න."

    • "ත්වරණයේ SI ඒකකය මොකක්ද?"

  • මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු - S → C):

    • "අදිශ සහ දෛශික රාශි කියන්නේ මොනවද? දුර, විස්ථාපනය, වේගය, ප්‍රවේගය කියන ඒවා මේ කාණ්ඩ දෙකට වර්ග කරලා දෙන්න."

    • "ප්‍රවේග-කාල ප්‍රස්තාරයක අනුක්‍රමණයෙන් සහ ප්‍රස්තාරය යට වර්ගඵලයෙන් මොනවද නිරූපණය වෙන්නේ?"

    • "මන්දනය කියන්නේ මොකක්ද කියලා උදාහරණයකින් පැහැදිලි කරන්න."

  • මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු - C → B):

    • "නිශ්චලතාවයේ ඉඳන් ගමන් පටන් ගත්ත වාහනයක් තත්පර 4කදී 12 ms⁻¹ ක ප්‍රවේගයක් ලබාගන්නවා. මේකේ ත්වරණය හොයන විදිහ පියවරෙන් පියවර මට කියලා දෙන්න."

    • "72 kmh⁻¹ කියන වේගය ms⁻¹ වලට හරවන විදිහ මට පැහැදිලි කරන්න."

    • "මට මේ පාඩමෙන් සරල ගණිත ගැටලු 3ක්, ඒවා විසඳන හැටිත් එක්ක හදලා දෙන්න."

  • මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු - B → A):

    • "ඔයා භෞතික විද්‍යා ගුරුවරයෙක් කියලා හිතාගෙන, ප්‍රවේග-කාල ප්‍රස්තාරයක් දීලා ඒකෙන් ත්වරණය, මන්දනය සහ ගමන් කළ සම්පූර්ණ දුර හොයන විභාග මට්ටමේ ගැටලුවක් නිර්මාණය කරන්න. ඒක විසඳන සම්පූර්ණ ක්‍රමයත් මට පැහැදිලි කරන්න."

    • "ගුරුත්වය යටතේ සිරස්ව ඉහළට විසි කළ ගලක චලිතය පැහැදිලි කරන්න. එහි උපරිම උසට ළඟා වූ විට ප්‍රවේගයට සහ ත්වරණයට මොකද වෙන්නේ?"

වියාචනය (Disclaimer)

Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.

කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.

ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.

bottom of page