top of page

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

පාඩම 16: පදාර්ථයේ වෙනස් වීම්

Grade

10

Term

3

ඉලක්කය: රසායනික ප්‍රතික්‍රියා වර්ග හඳුනා ගැනීමට, සමීකරණ තුලනය කිරීමට සහ ලෝහවල ක්‍රියාකාරීත්වය සංසන්දනය කිරීමට දක්ෂ වීම.

Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):

  • මට්ටම 1 (මුල සිට පටන් ගමු):

    • "භෞතික වෙනස්වීමක් සහ රසායනික වෙනස්වීමක් අතර ප්‍රධානම වෙනස මොකක්ද?"

    • "ප්‍රධාන රසායනික ප්‍රතික්‍රියා වර්ග 4 මොනවද?"

    • "යකඩ මලකඩ කන එක රසායනික වෙනස්වීමක්ද?"

  • මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු):

    • "සංයෝජන සහ වියෝජන ප්‍රතික්‍රියා කියන්නේ මොනවද කියලා එක උදාහරණය බැගින් දීලා පැහැදිලි කරන්න."

    • "ලෝහ සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ මොකක්ද?"

    • "H₂, O₂, CO₂ කියන වායු තුන හඳුනාගන්න පාවිච්චි කරන පරීක්ෂණ මොනවද?"

  • මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු):

    • "Zn + CuSO₄ → ZnSO₄ + Cu කියන ප්‍රතික්‍රියාව ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් වෙන්නේ ඇයි? මේකෙදි සක්‍රියතාව වැඩි ලෝහය මොකක්ද?"

    • "H₂ + O₂ → H₂O කියන රසායනික සමීකරණය තුලනය කරන විදිහ මට පියවරෙන් පියවර කියලා දෙන්න."

    • "මට මේ පාඩමෙන් බහුවරණ ප්‍රශ්න 5ක්, ඒවායේ නිවැරදි පිළිතුරුත් එක්ක හදලා දෙන්න."

  • මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු):

    • "ඔයා රසායන විද්‍යා ගුරුවරයෙක් කියලා හිතාගෙන, ලෝහ තුනක (උදා: Mg, Fe, Cu) සක්‍රියතාව සංසන්දනය කරන්න පුළුවන් පරීක්ෂණ මාලාවක් සැලසුම් කරන්න. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, කරන ආකාරය සහ බලාපොරොත්තු වන නිරීක්ෂණ ඇතුළත් කරන්න."

    • "යකඩ නිස්සාරණය කරන ධාරා ඌෂ්මකය තුළ සිදුවන ප්‍රධාන රසායනික ප්‍රතික්‍රියා මොනවාද? එහිදී කෝක් සහ හුණුගල් වල කාර්යභාරය කුමක්ද?"

Previous
Next

වියාචනය (Disclaimer)

Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.

කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.

ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.

bottom of page