top of page

Prompt Packs

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

පාඩම 03: මිශ්‍රණ

Grade

11

Term

1

ඉලක්කය: මිශ්‍රණ වර්ග හඳුනා ගැනීමට, ඒවායේ සංයුතිය සහ සාන්ද්‍රණය ගණනය කිරීමට, සහ විවිධ ප්‍රායෝගික හා කාර්මික අවස්ථා සඳහා සුදුසු මිශ්‍රණ වෙන් කිරීමේ ශිල්පීය ක්‍රම තෝරාගෙන ඒවා පැහැදිලි කිරීමට දක්ෂ වීම.

Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):

මට්ටම 1 (මුල සිට පටන් ගමු - Fail → Pass):

  • "මිශ්‍රණයක් කියන්නේ මොකක්ද කියලා සරල උදාහරණයක් එක්ක මට කියන්න."

  • "සමජාතීය මිශ්‍රණයකටයි, විෂමජාතීය මිශ්‍රණයකටයි උදාහරණයක් බැගින් දෙන්න."

  • "ද්‍රාවණයක තියෙන ද්‍රාව්‍යය සහ ද්‍රාවකය කියන්නේ මොකක්ද?"

  • "ලුණු ද්‍රාවණයකින් ලුණු වෙන් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් සරලම ක්‍රමය මොකක්ද?"

මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු - S → C):

  • "සමජාතීය සහ විෂමජාතීය මිශ්‍රණ අතර තියෙන ප්‍රධාන වෙනස්කම් 2ක් මට පැහැදිලි කරන්න."

  • "ද්‍රාව්‍යතාව කෙරෙහි බලපාන සාධක 3 මොනවද?"

  • "සරල ආසවනය සහ භාගික ආසවනය කියන ක්‍රම දෙක යොදාගන්නා අවස්ථා මොනවාද? ඒ ක්‍රම දෙක පදනම් වෙන්නේ මොන විද්‍යාත්මක මූලධර්මය මතද?"

  • "ද්‍රාවණයක සාන්ද්‍රණය (mol dm⁻³) කියන එකේ තේරුම මොකක්ද?"

මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු - C → B):

  • "සීනි 20 g ක් ජලය 80 g ක දිය කරලා හදාගත්ත ද්‍රාවණයක, සීනි වල ස්කන්ධ භාගය (m/m) හොයන විදිහ මට පියවරෙන් පියවර කියලා දෙන්න."

  • "ලුණු ද්‍රාවණයකින් ලුණු වෙනම සහ ජලය වෙනම ලබාගන්න ඕන නම්, ඔයා යොදාගන්නා වෙන් කිරීමේ ක්‍රමය මොකක්ද? ඒ ඇයි කියලා, ඒ ක්‍රමය පදනම් වෙන විද්‍යාත්මක මූලධර්මයත් එක්ක පැහැදිලි කරන්න."

  • "මට වර්ණලේඛ ශිල්පය (chromatography) කියන ක්‍රමය පාවිච්චි කරන ප්‍රායෝගික අවස්ථාවක් කියන්න. ඒකෙදි ද්‍රව්‍ය වෙන් වෙන්න පදනම් වෙන ගුණ දෙක මොනවද?"

  • "සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (NaOH) මවුල 0.5 ක් ජලයේ දියකර ද්‍රාවණයේ මුළු පරිමාව 2 dm³ වන සේ සකසා ඇත. එම ද්‍රාවණයේ සාන්ද්‍රණය (C = n/V සූත්‍රය අනුව) ගණනය කරන හැටි මට පෙන්වන්න."

මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු - B → A):

  • "ඔයා රසායන විද්‍යා ගුරුවරයෙක් කියලා හිතාගෙන, බොරතෙල් පිරිපහදුව සඳහා යොදාගන්නා භාගික ආසවන ක්‍රියාවලිය පැහැදිලි කරන රචනා ප්‍රශ්නයක් හදන්න. එමගින් ලැබෙන ප්‍රධාන ඵල 3ක් සහ ඒවායේ ප්‍රයෝජන ඇතුළත් කරන්න කියන්න. ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයන විදිහ ගැනත් මට උපදෙස් දෙන්න."

  • "කුරුඳු තෙල් (සගන්ධ තෙල්) වැනි තාපයට අස්ථායී ද්‍රව්‍යයක්, කුරුඳු පොතු වලින් නිස්සාරණය කරගැනීමට වඩාත්ම සුදුසු ආසවන ක්‍රමය 'හුමාල ආසවනය' බව පැහැදිලි කරන්න. එම ක්‍රියාවලිය සාමාන්‍ය ආසවනයෙන් වෙනස් වන ආකාරය සහ එහි ඇති වාසිය ගැඹුරින් විස්තර කරන්න."

වියාචනය (Disclaimer)

Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.

කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.

ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.

bottom of page