top of page

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

පාඩම 4: චලිතය පිළිබඳ නිව්ටන් නියම

Grade

10

Term

1

ඉලක්කය: බලය සහ චලිතය අතර සම්බන්ධය පාලනය කරන නියම තුන තේරුම් ගෙන, F=ma සමීකරණය භාවිතයෙන් ගැටලු විසඳීම.

Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):

  • මට්ටම 1 (මුල සිට පටන් ගමු - Fail → Pass):

    • "නිව්ටන්ගේ පළමු, දෙවන සහ තුන්වන නියම තුන මොනවද කියලා සරලව කියන්න."

    • "බලයේ SI ඒකකය මොකක්ද?"

    • "වස්තුවක ස්කන්ධය සහ බර කියන්නේ එකම දෙයක්ද?"

  • මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු - S → C):

    • "බස් එකක් එකපාරට බ්‍රේක් ගැහුවම අපි ඉස්සරහට විසිවෙන එක නිව්ටන්ගේ පළමු නියමයෙන් පැහැදිලි කරන්න."

    • "F=ma සමීකරණයේ F, m, a කියන්නේ මොනවද කියලා හඳුන්වන්න."

    • "ගම්‍යතාව කියන්නේ මොකක්ද?"

  • මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු - C → B):

    • "ඔබ බිත්තියක් තල්ලු කරනකොට, බිත්තියත් ඔබව තල්ලු කරනවා. මේක නිව්ටන්ගේ තුන්වන නියමය ඇසුරෙන් පැහැදිලි කරන්න. මෙතන ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව මොනවාද?"

    • "ස්කන්ධය 2 kg වුණු වස්තුවක 3 ms⁻² ක ත්වරණයක් ඇති කරන්න ඕන බලය හොයන විදිහ මට කියලා දෙන්න."

    • "ස්කන්ධය 70 kg වුණු කෙනෙක්ගේ බර නිව්ටන් වලින් හොයන්න. (g = 10 ms⁻² ලෙස ගන්න)."

  • මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු - B → A):

    • "ඔයා විභාග පරීක්ෂකවරයෙක් කියලා හිතාගෙන, නිව්ටන්ගේ නියම තුනම සම්බන්ධ වෙන ප්‍රායෝගික අවස්ථාවක් (උදා: තුවක්කුවකින් වෙඩි තැබීම) දීලා, ඒක විශ්ලේෂණය කරන විදිහේ ප්‍රශ්නයක් හදන්න."

    • "වස්තුවක ස්කන්ධය දෙගුණ කරලා, ඒ මත යොදන බලයත් දෙගුණ කළොත්, එහි ත්වරණයට මොකද වෙන්නේ? F=ma සමීකරණයෙන් ඔප්පු කරලා පෙන්වන්න."

Previous
Next

වියාචනය (Disclaimer)

Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.

කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.

ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.

bottom of page