top of page

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

පාඩම 2: වර්ග මූලය

Grade

10

Term

1

  1. √50 සඳහා පළමු සන්නිකර්ෂණය සොයන්න.

  2. බෙදීමේ ක්‍රමය භාවිතයෙන් √2025 හි අගය සොයන්න.

  3. √10 හි අගය දශමස්ථාන දෙකකට බෙදීමේ ක්‍රමයෙන් සොයන්න.

  4. √152.7684 හි අගය සොයන්න.

  5. වර්ගඵලය 784 cm² වූ සමචතුරස්‍රාකාර බිම් කඩක පැත්තක දිග සොයන්න.

  6. √150 හි පළමු සන්නිකර්ෂණය සොයන්න.

  7. බෙදීමේ ක්‍රමය භාවිතයෙන් √5184 හි අගය සොයන්න.

  8. √7.5 හි අගය දශමස්ථාන දෙකකට සොයන්න.

  9. සමද්විපාද සෘජුකෝණික ත්‍රිකෝණයක වර්ගඵලය 200 cm² වේ. එහි සමාන පාදයක දිග ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න. (ඉඟිය: වර්ගඵලය = ½ × පාදය × පාදය)

  10. x² = 1369 නම් x හි අගය සොයන්න.

  11. √280 හි පළමු සන්නිකර්ෂණය කුමක්ද?

  12. √44.89 හි අගය බෙදීමේ ක්‍රමයෙන් සොයන්න.

  13. ළමුන් 1369 දෙනෙකු සරඹ සංදර්ශනයක් සඳහා පේළි ගණන හා තීර ගණන සමාන වන සේ සිටුවා ඇත. පේළියක සිටින ළමුන් ගණන කොපමණද?

  14. x² = 18.49 නම්, x හි අගය සොයන්න.

  15. √0.015625 හි අගය සොයන්න.

bottom of page