top of page

Lessons

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

7 වන පාඩම: වීජීය භාග (Algebraic Fractions)

Grade

11

Term

1

හැඳින්වීම:

වීජීය භාග සුළු කිරීම I වන ප්‍රශ්න පත්‍රයේ A කොටසේ අනිවාර්යයෙන්ම එන ගැටලුවකි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාධක සෙවීමේ හැකියාව පරීක්ෂා කෙරේ. වර්ග දෙකක අන්තරය, ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වැනි කොටස් නැවත මතක් කර ගැනීමෙන් මෙම පාඩමේ ලකුණු පහසුවෙන් ලබාගත හැක.

මට්ටම 1: සාමාන්‍ය සාමාර්ථයකට (F → S)

  • මට පැහැදිලි කරන්න: වීජීය භාග දෙකක් බෙදීමේදී, "දෙවන භාගයේ පරස්පරයෙන් ගුණ කිරීම" යනු කුමක්ද?

  • මේක කරන්නේ කොහොමද?: ba2÷b2a සුළු කරන ආකාරය පියවරෙන් පියවර පෙන්වන්න.

  • ගැටලුව: සුළු කරන්න: 4y3x×9x2y

  • ගැටලුව: සුළු කරන්න: x+15×10x+1

මට්ටම 2: සම්මාන සාමාර්ථයකට (S → C)

  • මට පැහැදිලි කරන්න: 2aa2−9 වැනි වීජීය භාගයක් සුළු කිරීමට පෙර එහි ලවය සාධකවලට වෙන් කිරීම වැදගත් වන්නේ ඇයි?

  • මේක කරන්නේ කොහොමද?: 5x2−4x÷10x−4 සුළු කරන ආකාරය පියවරෙන් පියවර පෙන්වන්න.

  • ගැටලුව: සුළු කරන්න: 2aa2−9×a+34a

  • ගැටලුව: සුළු කරන්න: p2+pp2−1×p−1p

මට්ටම 3: විශිෂ්ට සාමාර්ථයකට (C → B)

  • මට පැහැදිලි කරන්න: ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් (ax2+bx+c) සාධකවලට වෙන් කරන ක්‍රමය කුමක්ද?

  • මේක කරන්නේ කොහොමද?: a2−4a2−a−6×a−3a+2 සුළු කරන ආකාරය පියවරෙන් පියවර පෙන්වන්න.

  • ගැටලුව: සුළු කරන්න: m+2m2−25÷m2−4m+5

  • ගැටලුව: සුළු කරන්න: x2−x−62x2−8×xx−3

මට්ටම 4: විශිෂ්ටතම සාමාර්ථයකට (B → A)

  • මට පැහැදිලි කරන්න: වීජීය භාග, සමීකරණ විසඳීම සඳහා යොදාගන්නේ කෙසේද?

  • ගැටලුව: p2+2pq+q2p2−q2÷p+qp−q හි අගය 1 බව පෙන්වන්න.

  • ගැටලුව: x2−4x−5x2−8x×x3−8x2x2+2x+1÷x−5x2+2x−3 සුළු කරන්න.

වියාචනය (Disclaimer)

Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.

කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.

ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.

bottom of page